අඟුලානේ නිව්ටන්ගේ ඉරණම සෑම නිව්ටන් කෙනෙකුට ම පාඩමකි

අඟුලානේදී තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැමූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති නිව්ටන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සහ ග්‍රාමාරක්ෂකවරයා අද මරණ දඬුවමට ලක් වූ හ. 


උසාවියේදී විදුලි පහන්, පංකා නිවා දමා, ගාම්භීර ලෙස යමකුට මරණ දඩුවම දුන් පසු, ඔවුන් සිරගෙදර වෙත ගෙන යද්දී තවත් උසුළු විසුළු කිරීම නීච ක්‍රියාවකි. අඟුලානෙන් ආ ජන රාශිය උසාවියේදී එසේ කළේ හරියට මේ විත්තිකරුවන් පිරිස අත් අඩංගුවට ගත් මිනිසුන් මැරූ ලංකාවේ පළමු හා එක ම පොලිස්කාරයන් පිරිස වාගේ ය. 


මෙවැනි වැරදි කළ සියලු දෙනාට මරණ දඬුවම දෙනවා නම් ලංකාවට ෆුල් ටයිම් අළුගෝසුවන් දහ පහළොස්දෙනෙකුවත් මුර ක්‍රමයට සේවයේ යෙදවීමට සිදු වනු ඇත. 


එහෙත් නිව්ටන් ඇතුළු පිරිසට අත් වූ ඉරණම මේ රටේ අනනෙකුත් අතිනවි දරන, ඒ නිසා බලය යනු තමන් යැයි සිතා සිටින බොහෝ හමුදා, පොලිස් නිලධාරීන්ට පාඩමකි. කෝ නිව්ටන්, කත්‍රිආරච්චි වගේ ඔයාවත් බේරා ගන්න රජවරු? 


ඒ වෙලාවේ මිනිසකු මැරීමෙන් ලද වනචාරී ආතල් එක වෙනුවෙන් ඔයාට ගෙවන්න වුණ මිළ දරා ගන්න ඔයාට පුළුවන් ද? 


එවැනි ආතල් ගන්න කොයි නිව්ටනුත් මතක තියා ගන්න, ජන බලය හමුවේ, ජනප්‍රියත්වය වෙනුවෙන් බලවත්තු අළුයම ලූ කෙළ පිඬු සේ ඔබ අතහැර දමන බව. 


ඒකට තමයි, නිව්ටන්ගේ අන්තිම නියමය කියන්නේ. සෑම ක්‍රියාවකට ම නැතත්, සමහර ක්‍රියාවන්ට සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියා ඇති වෙනවා ය. ඉරකි තිතකි. !!!!!!!!!!!!!!!!!!!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ශ්‍යාමන් හේමකොඩිAugust 25, 2011 at 5:23 PM

    දැන් සමාජයට මෙන්ම සියලු නීති ආයතනවලට, ජනමාධ්‍ය ආයතනවලට සහ වෙනත් සමාජ ආයතනවලට බරපතල වගකීමක් තිබේ. මේ මිනිසුන් කළ වරදට ඔවුන් දඩුවම් ලබා ඇත. එහෙත් ඊට ඔවුන්ගේ බිරින්දෑවරුන්, දරුවන්, දෙමව්පියන් හෝ ඤාතීන් පලි නැත. ඔවුන්ට ගෞරවාන්විත පුරවැසියන් ලෙස සියලු අයිතිවාසිකම් සහිතව සමාජයේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුය.

    ReplyDelete
  2. මෙවැනි වැරදි කළ සියලු දෙනාට මරණ දඬුවම දෙනවා නම් ලංකාවට ෆුල් ටයිම් අළුගෝසුවන් දහ පහළොස්දෙනෙකුවත් මුර ක්‍රමයට සේවයේ යෙදවීමට සිදු වනු ඇත.

    Davase kiyamana....!!!

    ReplyDelete
  3. mama hithuwe me blog eka wahala kiyala umbata thama NGO salli hambawenawada meka karagena yanda.me dawas wala marakkalayo demalu greese yaka kiyala ahisaka minissu maranawa dapanko podi article ekak.rata jathiya agama vikunagena kana para balla umba oya rate hamba wena benafit madinam umbe geni naki unath geniva vesa kame yawala keeyak hari hoya ganin.meta wada eka godak nambui.

    ReplyDelete
  4. Here is another Newton. Thank you, Ralahami.

    ReplyDelete
  5. හෙට අනිද්දට ඇපීල් කරයි...නිදහස් වෙයි..මතකද නුවර තෙල්දෙනියේ මුස්ලිම් කොල්ලො 10 දෙනෙක් මරපු රත්වත්තලගේ කතාව??මරන දඩුවම නියම උනා..ඇපීල් කලා..නිදහස් උනා...අන්තිමට උන්ව මරපු එකෙකුත් නෑ උන්ට වෙච්ච දේ කුත් නෑ!

    ReplyDelete
  6. Editor,He has told truth,but i appriciate you,that you publishing that comment.MACHAN MANUSSAYEK VENDA BALAPAN.

    ReplyDelete
  7. HARRRRRI MACHAN, UMBALA NAM REAL MINISSU! ETH KO BAN NAM?

    ReplyDelete
  8. Janaka PriyadarshanaAugust 27, 2011 at 9:27 AM

    මට මේ උඩින් අදහස් පලකරල තියෙන ජාතිමාමක සත් ගුනවත් අර එයාගෙ නෝනට කරන දේ කියල තියෙන රාලහාමිගේ තත්වෙ දැක්කම පුදුම කනගාටුවක් ඇති වන්නෙ...අනේ මුන් වගේ අටවත් පාස් නැති ගොබ්බයන්ට අන්දන නිලඇදුම බල්ලෙකුට ඇන්දුව නම් උන් මුර වත් කරයි....

    ReplyDelete
  9. Machan yesterday i asked you a question,but you didn't reply me.anyway sice you are a good man you put a bad comment against you and did't put my comment because it was for against one of your friends. so i have decided to read your blog when i have time as a support.
    MEKA MACHAN KOHOMA HARI NEXT ELECTION VENA KAN GENIYAPAN MAHINDAYAGEN HARI RANIL GEN HARAI HONDA GANAK KADAGANDA PULUWAN.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා