අනන්‍යතා පත්‍රයත් විකුණන් කාපියව්

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ජනතාවට විකිණීමට රජය තීරණය කර ඇත.


මෙය නොමිළේ දෙන්නේ දැනට ජාතික හැඳුනුම්පත ඇති අයට පමණි.


ඒ කියන්නේ අලුතෙන් හැඳුනුම් පත් ගන්නා සාමාන්‍ය පෙළ ලියන දරුවන් මුදල් ගෙවා විද්‍යුත් හැඳුනුම් පත ගත යුතු ය. විද්‍යුත් හැඳුනුම්පත නැති අය හරි හමන් පුරවැසියන් ලෙස නො සලකනු ඇති බැවින් දරුවන්ගේ අනාගතය ගැන නිරතුරු බියෙන් පසු වන මේ රටේ අම්මලා, තාත්තලා ඒ වෙනුවෙන් ද මුදල් ගෙවිය යුතු ය.


ඒ ලබ්බ නැතිව දැනටත් ඡන්දය දාන්න, පාරේ යන්න, වැඩක් කර ගන්න, රස්සාවක් කරන්න කරදර ය.


රස්සා නැත. හරියට කන්න, අඳින්න නැත. ජීවිතවල මෙලෝ රහක් නැත. අනන්‍යතාව විතරක් විද්‍යුත් වෙන්න යනවා ය.


විද්‍යුත් පතකින් දක්වන්නට මේ රටේ මිනිස්සුන්ට ඇත්තේ මොන අහවල් අනන්‍යතාව ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න"

    මේ ලිපියට කැමැති නැතිනම් කල යුතු "ලබ්බ" සඳහන් නොකිරීම අසාධාරණයි.

    ReplyDelete
  2. ඇයි යකෝ, මොබයිල් පෝන් තියන් ඉන්න මේ හැත්තට හොඳයි, රුපියල් 150ක් ගෙවා ගන්න අම්මරුයි. අමේ පැරෝ ඔලුව අතගාල බලපන් අං එනවද කියල

    ReplyDelete
  3. මේ ලිපියට ඔබ කැමැති නැතිනම්, ආණ්ඩුව කියන කියන එකට සද්ද නැතුව සල්ලි දෙන්න.

    මේ රටේ මිනිස්සු ජංගම දුරකථනයෙන් ද වැඩිපුර කරන්නේ බදු ගෙවීමයි. ගෙවන මුළු බදු ප්‍රතිශතය 30%කට වැඩි ය.

    ReplyDelete
  4. ආණ්ඩුව කරන හැම වැඩේටම විරුද්ධ වෙලා විතරක් හරි යන්නේ නැ . විද්‍යුත් හැඳුනුම් පතකින් කරන්න පුලුවන් දේවල් කරගන්න විකල්පයකුත් කියන්න ඕනි . හැඳුනුම් පතකට දහස් ගානක් මුදල් ගෙවන්නවත් , මාසයක් ගානේ ගෙවන්නවත් සිද්ධ වෙන්නේ නැනේ . කලින් කමෙන්ටුවේ දාල තියන එකත් වැරදියි ජංගම දුරකතන බද්ධ 30% තිබුනේ කලින් දැන් ඒක 22%කට විතර අඩු කරල තියනව පේන්නේ නැද්ද

    ReplyDelete
  5. රැපියල් සියයක දුරකතන කාඩ් පතකට රැ. 38ක් පමණ බදුය. එය මුළු වටිනාකමින් තුනෙන් එකකි. කොහොමද බදු වල සාධාරණත්වයේ සාධකය.
    මෙහෙම නොදැන බදු ගෙවන උන්ගේ අතගා බැලිය යුත්තේ මොනවාද?

    ReplyDelete
  6. මොකක්ද බන් විද්‍යුත් හැඳුනුම් පතක් දෙන එකේ වැ‍රැද්ද? ඔය අතින් ලියන එකට වැඩිය ඒක පිළිවෙලයි.. ඕන වෙලාවක ස්කෑන් කරල තොරතුරු ලබාගන්න පහසුයි... අනික දැනුත් අයිඩී එක දවසෙන් දෙන්න රු.500 ගන්නවානෙ?

    ReplyDelete
  7. ජංගම දුරකථන බද්ද 22% යි. දැන් මාස 7,8 කාලෙක ඉඳන්

    ReplyDelete
  8. All government expenses are paid in by people of the coutry via trade taxes and some also by income taxes.

    ReplyDelete
  9. විද්යුත් හැඳුනුමිපතක් ඇති කිරීම හොඳයි. හැබැයි එය කරන්නේ ණය බරින් මිරිකී පොඩිවී චප්පවී ඉන්න අපේ රටට ඔරොත්තු නොදෙන තවත් වියදමක් හැටියටයි. මෙම හැඳුනුමිපත සඳහා අය කරන මුදලට වඩා අඩුවෙන් එය ලබා දිය හැකියි. ඉතාම පහසුවෙන් ලබා දිය හැකියි. මෙි ව්‍යාපෘති කරවන මහ එවුන්ගේ කොමිස් ගැහිලි නිසයි මෙපමණ වියදමක් යන්නේ. මෙම හැඳුනුමිපත කියවීමට කාඩි රීඩර් අවශ්‍යයි. දැනට තියන විද්යුත් රියැදුරු බලපත්‍රය කියවන්ඩවත් පොලීසිය අතේ කාඩි රීඩර් නැහැ. කිසිම තැනක නැහැ. මෝටර් වාහන දෙපාර්තමෙින්තුවෙි හැර. ඉතින් එයින් වැඩක් තියනවද? එයට අය කරන මුදල තනිකරම ගසාකෑමක් නොවෙිද? දුප්පත් අහිංසක මිනිස්සු ජාතික හැඳුනුමිපත වුනත් එතරමි ආරක්ෂා සහිතව තියගන්නෙ නැහැ. පොඩි වෙනවා ඉරෙනවා දුර්වර්ණ වෙනවා. එතකොට සුලු වියදමකින් අලුත් එකක් ගන්ඩ පුලුවන්. මමත් එහෙම කරලා තියනවා. දැනට නිකුත්කර ඇති විද්යුත් රියැදුරු බලපත්‍රයේ ඡායාරූපය හා මුද්රිත අකුරු මැකී යනවා. මෙය බොහෝ දෙනෙක් දන්නවා. ඒ තත්වය නව හැඳුනුමිපතටත් ඇති වෙයිද? ජීවිතය ගැටගසා ගන්නට පැය 24 මදිවී සිටින මිනිසුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කිරීමයි ප්‍රධාන ප්‍රමුඛත්ව පියවර වියයුත්තේ.

    ReplyDelete
  10. "විද්‍යුත් පතකින් දක්වන්නට මේ රටේ මිනිස්සුන්ට ඇත්තේ මොන අහවල් අනන්‍යතාව ද?" - මීට කළකට පෙර ජවිපෙ ත් ඔහොම කියල හැදුනුම්පත් එකතු කළා.

    හැදුනුම්පතකට ලක්ෂගණන් මුදල් ගන්නේ නෑ නේ.ඔය සුලු මුදල ගෙවාගන්න කාටද බැරි?

    ඔබට නැති වුණාට අපට නම් අනන්‍යතාවක් තියෙනව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා