ජනා, ජොනී හා ජනතා නම් සොරු තිදෙනාගේ කතාව

(2011 අගෝස්තු 12, W3Lankaජනා, ජොනී හා ජනතා නම් සොරු තිදෙනෙක් සිටිති. ජනතා යනු පල් ම පල් වර්ගයේ මෝඩ හොරෙකි. ඔහු හොරකම් කරනවාට වඩා හොරුන් වන්දනා කරන්නට කැමැත්ත දක්වන්නෙකි. මහ හොරුන් කරන හොරකම්වලින් තමන්ට ද කොටසක් ලැබෙනු ඇතැයි සිතා මහ හොරුන්ගේ හොරකම් ගැන වීර කතා පවුලේ එවුන්ට කියමින්, සොරුන්ගේ කකුල් මිරිකමින්, පා ලෙව කමින් ඉඳ, අත පල්ලෙන් වැටෙන ඉඳුල් කා, බඩගින්නේ වුණත්,  ප්‍රීතියෙන් ජීවත් වන්නෙකි.


එහෙත්, ජොනී හා ජනා එසේ නො වේ. කොපමණ සොරකම් කළත් ඔවුන්ට තෘප්තියක් නැති සාපයකට ඔවුන් ගොදුරුව ඇත. ඔවුන් කරන සොරකම් කෙබඳු ද යත්, වරක් සතුරෝ ජනා මරන්නට ඔත්තු දෙන්නැයි කියා ජොනීට සල්ලි දුන්නේ ය. ජොනී ඔත්තුව දී, ඒ වෙනුවෙන් ලැබුණු සල්ලි ජනා සමග බෙදා ගත්තේ ය. ජොනී හිතන්නේ ජනාට ගේම දුන්නා කියා ය. ජනා හිතන්නේ ජොනීට ගේම දුන්නා කියා ය. 


ජොනී කළ දේ ජනතාට ආරංචි විය. තමන්ගේ වීර සොරුන් මෙවැනි අන්දමේ සොරකම් පවා කරන බව දැනගෙන, ඒ ගැන සිය මෝඩ බිරින්දෑට පවා ආඩම්බරෙන් කියා, ජනතා ඔවුන් වැඩි වැඩියෙන් වන්දනා කරන්නට පටන් ගත්තේ ය.


දැන් ජොනී ජනාගේ පා ලෙව කන්නට දෙකට නැවෙන ජනතාගේ සාක්කුව හැමෝට ම පේන්න සුද්ද කරයි. ජොනී එසේ මහ දවල් මං කොල්ල කන මුදල් ජනතා ඉදිරියේ ම ජනාට දෙයි. ජනා ඒ මුදලින් අරක්කු‍ ගේන්නට ජනතා ම කඩේ යවයි. 


අරක්කු ගන්නේ අලුත්ගමයාගේ බාර් එකෙනි. එහි අරක්කු කියා ඇත්තේ තනිකර කසිප්පු  ය. ජනතා මගදී අරක්කු බෝතලය කඩා මූඩියක් විතර බී ඒකට වතුර දමා ගෙන එන්නේ 'මාත් හොරෙක් තමයි,' කියා ප්‍රීතියෙන් සිතමිනි. 


ජනතා මෝඩ ලෙස හිනා වෙමින් බලා සිටිද්දී ජනා හා ජොනී ජනතාගේ මුදලින් ජනතා ම ගෙන ආ  අරක්කුවලින් මතට තිත තබති. ජනතා උන්ගේ බයිට් එකෙන් වීසි වන කටුවක් කා, හොරෙන් බිවූ අරක්කු මූඩියේ සූර් එකෙන්, එවැනි දානයක් දීම ගැන පිං දෙමින් ජනාගේත් ජොනීගේත් බුරිය සිප ගනිමින් රිලා නැටුම් නටයි.


ජනතා ඉන්නේ මාර ප්‍රීතියෙනි. එහෙත්, ජනාටත්, ජොනීටත් සතුටක් නැත. ඔවුන් සිතමින් ඉන්නේ ජනතාගේ සතුට සොරකම් කර ගන්නේ කෙසේ ද කියා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ...SL came a long way to here where it's now....to have full of idiots who think it's heroic thing to steal,rape, cheat, to..murder..the most most utmost, the pinnacle, bravery is... "MR ta puka diema for 50cents""-then think 'ohh.. got 50cents even they got a tear in ass.what a heroic thing...""...here we are at the end of a nation..SL is over..nothing more..full stop.

    ReplyDelete
  2. මේ ලිපිය ලියූ ඔබත් කියවන මමත් 'ජනතා' වෙමු. කලහැක්කක් තිබේද ? ජනාට හා ජොනීලාට රට කෑමට දී වෙන රටකට යෑම හැර. ??

    ReplyDelete
  3. ජොනී සහ ජනතා නං අඳුනා ගතිමි, ජනා රැලේ එකෙක් බව තේරුනත් පින් පොයින්ට් කර ගන්නට බැරිවිය, සමහර විට හේතුව ජනාලා හුඟාක් සිටීම විය හැක

    ReplyDelete
  4. ජනා ජොනි සොක් නේද අයියේ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා