ආවොත් කරු - පායයි ද හිරු

(2011 අගෝස්තු 04, W3Lankaඑක්සත් ජාතික පක්ෂය මේ වන විට කිසිදා ගොඩ ආ නො හැකි වලක වැටී හමාර ය. 


එජාප නායකයන්ට හා ක්‍රියාකාරිකයන්ට විපක්ෂයේ ඉඳලා එපා වෙලා ය. ඒ නිසා ඇත්තෙන් ම මේ වන විට වැඩි දෙනෙක් ආණ්ඩු පක්ෂයට පැනලා ඉවර ය. එජාපයේ ඉතිරි වී සිටින අය වර්ග කීපයකි. 


එක් පිරිසක් කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරළා ආණ්ඩු බලය සියතට ගෙන ලොක්කන් වීමේ හා මේ ආණ්ඩුව දැන් කරන දූෂණය සියතට ගැනීමේ තදබල ආසාවකින් පෙළෙති.


එක් පිරිසක් ආණ්ඩු බලය නැතත් විපක්ෂ නායකත්වයෙන් සෑහීමට පත් වන පිරිසකි. 


තව පිරිසක්  ආණ්ඩුවට රිංගන්නට කුමක් හෝ දොරක් ඇරෙන තුරු බලා ඉන්නා පිරිසකි. 


තවත් පිරිසක් එජාපය පාවිච්චි කරන්නේ දේශපාලනයට පිවිසෙන්නට පමණි. 


එජාපයේ අඩුවෙන් ම සිටින්නේ කිසියම් ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන අයයි. 


ඒ නිසා කරු ආවා කියා පායන ඉරක් නැත. කරු යනු තවත් බොරුවකි. තමන්ට නායකත්වය හිමි කර ගත නො හැකි පක්ෂය විනාශ කිරීමේ කඩාකප්පල්කාරී කාර්යක නියැලී සිටින සජිත් ප්‍රේමදාස නම් අපරිණත කොලු ගැටයාට අසු වූ අයෙකි. ප්‍රතිපත්තියක් නැතිව අතනින් මෙතැනට, මෙතැනින් අතනට පනින කෙළින් තීරණ ගත නො හැකි චරිතයකි. 


මහින්ද රාජපක්ෂගේ නායකත්වයට අභියෝග කරන්නට කරු ජයසූරියට මේ සම්ම ජාතියේ බැරි ය. කරු යනු කලක් මහින්දගේ සපත්තු ලෙව කකා සිට අතපල්ලෙන් වැටුණු චරිතයකි. 


එක්සත් ජාතික පක්ෂයේ ඉන්නා තරමක් ඉන්නේ සියලු පරාජයන්ට මුල නායකත්වය ය කිය කියා ඇවිදින විකාරකාරයෝ ය. ඇත්තෙන් ම, එජාපයට නායකත්ව ගැටලුවත් තිබේ. එහෙත්, මේ කිසිවෙක් තමන් නායකත්වයට විකල්පයක් බව පෙන්වා නැත. ඡන්ද පැරදීම ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට බැන, බැන යන මොවුන්ට අඩු ගානේ තමන් සංවිධානය කරන දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය සභාවක්වත් පක්ෂයට දිනා දීමට බැරි ය. 


එක්සත් ජාතික පක්ෂයට රටේ විපක්ෂයට අවශ්‍ය නායකත්වය දෙන්නට කිසිදු හැකියාවක් නැත. රටට අවශ්‍ය වන්නේ දැන් පවතින දූෂිත පාලනයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ, එඩිතර, ආකර්ශනීය නායකත්වයකි. එජාපය පැත්ත පළාතක හෝ එවැන්නක් නැත. 


එජාපයේ නායකත්වයට අභියෝග කරන්නන් පිරිස හසුරුවනු ලබන්නේ ආණ්ඩුව විසින් බව පැහැදිලි ය. ඒ රනිල් වික්‍රමසිංහ ඔවුන්ට ජාත්‍යන්තර දේශපාලනයේදී අභියෝගයක් වී ඇති හෙයිනි. රට තුළ ආකර්ශනයක් නැති වුණත් බටහිර බලවතුන් ලංකාවේ පාලකයා බවට පත් කර ගැනීමට කැමති නායකයා ඔහු වන බැවිනි. රනිල්ගෙන් නායකත්වය ඩැහැ ගැනීමට දත කන අයට ඒ ටිකවත් නැත.


රට තුළ මහින්ද රාජපක්ෂ පාලනයට අභියෝගයක් කළ හැකි පෞරුෂයක් දැනට පෙන්වා තිබෙන එක ම විපක්ෂ චරිතය සරත් ෆොන්සේකා පමණි. එහෙත්, ඔහු ද යුද අපරාධකරුවෙකු ලෙස හා දූෂිතයකු ලෙස චෝදනා ලබන්නෙකි.  ඔහු අභියෝගයක් බව දන්නා නිසා ආණ්ඩුව ඔහු ජීවිතාන්තය දක්වා සිරභාරයේ තැබීමට කටයුතු කරනු ඇත. 


මේ දූෂිත ආණ්ඩුව කෙතරම් එපා වුණත්, මේ රටේ දූෂිත ජනතාව විකල්ප ශක්තියක් විඕවසනීය ලෙස පෙන්වන තුරු සිය පක්ෂපාතිත්වය මාරු කරන්නේ නැත. මන්ද, ජනතාව ද පවත්නා දූෂණයට විවිධ අයුරින් ගැට ගැසී සිටින බැවිනි. 


එසේ ම, එවැනි විකල්ප බලයක් හමුවේ ආණ්ඩුව බිඳ වැටෙනු ඇත්තේ කාඩ් කුට්ටමෙන් හැදූ කෝච්චියක් පරිද්දෙනි. ඒ තරමට එය අභ්‍යන්තරික වශයෙන් දුබල ය. ශක්තිමත් ය කියන පාලක පවුල පවා එවැනි තත්වයකදී කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න විශ්වාස කළ නො හැකි ය. 


දක්ෂ නායකත්වයකට කළමනාකරණය කර ගත හැකි අර්බුද රැසක් ආණ්ඩුව තුළ ම ඇත. 


ලෝකයේ හා කලාපයේ ධනේශ්වර බලවතුන්ට ද රාජපක්ෂ පාලනයට වඩා 'රාජ්‍ය තාන්ත්‍රික' පාලකයන් පිරිසක් අවශ්‍යව ඇත. එහෙත්, විකල්පයක් රට තුළින් ගොඩ නො නැ‍ඟෙන තාක් කල් ඔවුහු ද තීරණාත්මක මැදිහත් වීමක් කරන්නේ නැත. 


ලංාවේ පවත්නා තත්වය වෙනස් කරන්නට අවසානයේදී සමත් වන්නේ ජාතිවාදයයි. උන්නතිකාමී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි බලවේග බලා සිටිනුයේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නට රාජපක්ෂ පාලනයට සිදු වන මොහොත එළඹෙන තෙක් ය. ලංකාවේ ජාතිවාදී සිංහල ජනතාව අතර රට බෙදේ ය යන බිය අලෙවි කිරීම ඉතා පහසු ය. 


ඒ නිසා මහින්ද රාජපක්ෂ පාලනය ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම හැකි නම් අනන්තය දක්වා ම කල් දමනු ඇත. එය නැවතත් දෙමළ සටන්කාමිත්වයට අවස්ථාවක් උදා කර දෙනු ඇත. 


.............................................................


මේ රට හැමදාමත් මෙහෙම ය. 


වෙනස් කරන්නට උත්සාහ කරන්නන් ජනතාව සබුද්ධික කිරීම සඳහා කැප විය යුතු ය. අදේශපාලනික, දූෂිත ජන පිරිස්වලට වඩා සවිඥානක සොරුන් ගැන වැඩියෙන් අවධානය යොමු කළ යුතු ය. හොරට නිදි සේ සිටිමින්, මේ දූෂණයෙන් ම යමක් හරි හම්බ කරගෙන දරුවන්ට බටහිර රටක ජීවිත ගොඩනඟා දීමේ ඔවුන්ගේ සුරක්ෂිත සිහිනය සුණු විසුණු කර දැමිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කරු හෝ සජිත් යනු එක්සත් ජාතික පක්ෂය නොවන වග රනිල් දන්නා බව මේ ලිපියෙන් මනාව පෙනේ.

    ReplyDelete
  2. රනිල් වික්‍රමසිංහට ශාප වේවා...!! ශාප වේවා...!! ශාප වේවා...!! ශාප වේවා...!! ශාප වේවා...!! ශාප වේවා...!!

    ReplyDelete
  3. Janaka PriyadarshanaAugust 5, 2011 at 6:19 AM

    ...ව්කල්ප ශක්තියක්, හෝ නව නායකත්වයක් පෙනෙන තෙක් මානයක නැත .ඇතිවූවත්පවතින ක්‍රමය ඇතිවන ක්‍රමය ගොදුරු කර ගැනීම අනිවාර්යය .ප්‍රේමදාස ජනාදිපතිවරයාගේ සිට මහින්ද ජනාදිපති වරයා දක්වා බලය ඒකාධිකාරියක් ලෙස ක්‍රමයෙන් වර්ධනය වූවා මිස දෙවන පෙල නායකත්වයක් ඇතිවීමට දුන්නේ නැත. අද ඇත්තේ බලාධිකාරියට පිටකසිමින් තමන්ගේ මඩිය තරකරගන්නා දෙවන පෙලකි...ජනතාව එබැවින් කල යුත්තේ පවතින ක්‍රමය යටතේ සියලු ප්‍රජාතන්ත්‍රය සුරකින ආයතන වල ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමය. එවිට නායකයින් ඇතිවනු ඇත...ජනතාව නව නායකයන් සොයා යාම මේ අවස්තාවේදී ප්‍රශ්නයේ බේල්ලෙන් නොව වල්ගයෙන් අල්වා ගැනීමක් වනු ඇත.

    ReplyDelete
  4. Janaka PriyadarshanaAugust 5, 2011 at 6:25 AM

    සවිඥානක සොරුන් ගැන වැඩියෙන් අවධානය යොමු කළ යුතු ය. හොරට නිදි සේ සිටිමින්, මේ දූෂණයෙන් ම යමක් හරි හම්බ කරගෙන<නෑසූ කන්ව ඉන්නා උන් රටට වඩාත්ම විනාශය ගෙන දෙන උන්ය..

    ReplyDelete
  5. There's only one solution for all these. The that's implemented, all these will start to disappears...

    That is implementing the law and order and execute it with being impartial to power or money.

    My friends think......that's what we never had after independence....and that's the same thing every goose raped and abused to keep the power,including Mahinda Rajapaksa.

    ReplyDelete
  6. Ranil Yanu UNP eka Nayaka kame idala anduwa ta UNP eka Pawa dena Drohiyeki!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා