ජාතික හෙළ උරුමය බෞද්ධ භික්ෂු සංඝයේ කරන රැඩිකල් විප්ලවය

(2011 අගෝස්තු 02 W3Lankaශ්‍රී ලංකා ඉතිහාසයේ හෝ ඇතැම් විට ලෝක ඉතිහාසයේ ම නගරාධිපති ධුරයට පත් වූ පළමු භික්ෂූන් වහන්සේ ලෙස වාර්තා තැබූ බවට උදම් අනමින් වේවැල්දුවේ ඥානප්‍රභ හිමි  හෙට උදේ 11.22 යෙදෙන සුබ මොහොතින් ඇඹිලිපිටිය නගර සභාවේදී වැඩ භාර ගනිති.


ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇඹිලිපිටිය නගර සභාවට තරඟ කළ මේ හාමුදුරුවෝ මනාප ඡන්ද 5895 ක් ලබා ගත්කේ ය. ඒ හාමුදුරුවන් මේ තනතුර ලබා ගත්තේ මාරාන්තික උපවාස කරන බවට ආණ්ඩුවට තර්ජනය කරලා ය. නගරාධිපතිවර්න්ට මස් කඩවලට බලපත්‍ර දෙන්නට වන නිසා එම තනතුර හාමුචුරුවන්ට සුදුසු නැති බවට වැරදි කතාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත කලින් කීවේ ය. 


ලංකාවේ බොහෝ මස් කඩ තිබිණි. ඒවා බොහොමයක් පවත්වාගෙන ගියේ අධිපති හාමුදුරුවන්ගේ ද නිහඬ අන්මැතිය යටතේ ය. 1989 වකවානුවේ පැවති මස් කඩවල කොක්කේ හාමුදුරුවරු ද එල්ලන ලදී.


මේ වන විට හාමුදුරුවරු ලංකාවේ පාර්ලිමේන්තුව, පළාත් සභාල, පළාත් පාලන ආයතනල ආදී දේශපාලන ආයතන හැම එකක ම ප්‍රධාන චරිත වී ඇත. තවම හාමුදුරුවරයකු ඇමති පදවියක් නම් දරා නැත. ඊළඟ කැබිනට් සංශෝධනයෙන් අතුරලියේ රතන හාමුදුරුවන්ට නියෝජ්‍ය ඇමතිකමක් දුන්නොත් ඒකත් සම්පූර්ණ වනු ඇත. 


මේ වන විට ලංකාවේ හාමුදුරුවරු මාර්ග ඵල අවබෝධ කර ගැනීමට හේතු වන දේ හැර අන් සියල්ලක් ම පාහේ කරති. ප්‍රසිද්ධියේ එහෙම කරන එක හොර රහසෙන් කරනවාට වඩා හොඳ ය. පසුගිය කාලයේ මතභේදයට ලක් වී තිබුණු හාමුදුරුවන්ට වාහන පැදවීමේ බලපත්‍ර ද ලබා දිය යුතු ය. එවිට ඔය ඈත පළාත්වල දුෂ්කර ජීවිත ගත කරන හාමුදුරුවන්ට ත්‍රිරෝද රියක් හෝ පැදවිය හැකි ය. 


කතෝලික පියතුමන්ට තිබෙන විවාහ රෙජිස්ට්‍රාර් බලතල ද හාමුදුරුවරු ඉල්ලති. දැනටත් සමහරු විවාහ මඟුල් පන්සල්වල කරති. එහෙත්, හනිමූන්වලට පන්සල් දෙන තැනට නම් යාම එතරම් සුදුසු නැත. එංගලන්ත සභාව වැනි පූජකයන්ට නීතියෙන් කසාද බඳින්නට පුළුවන් හාමුදුරු නිකායක් ගැන ද ජාතික හෙළ උරුමයට සිතා බලන්නට පුළුවන. 


සංඝය යන වදනට බුදුන්ගේ සමයේ තිබූ අරුත වෙනස් වී ඇත. සඟ සතු පන්සල් අතරට අසපු නම් පෞද්ගලික නිවාස එක් වී තිබේ. චීවරයේ පඬු පැහැය ද වෙනස් වී කොටු කොටු සිවුරු ද පැමිණ ඇත. ඇතැම් හාමුදුරුවරු බණට වඩින්නට මේක් අප් කරති. සියල්ලෝ ම පාහේ මුදලට මුල් තැන දෙති.


කවුරු මොනවා කීවත්, ජාතික හෙළ උරුමය ලංකාවේ සංඝ සංස්ථාවේ කරන්නේ රැඩිකල්වාදී විප්ලවයකි. එ‍ය සංඝය හා ගිහි සමාජය අතර වෙනස නැති කරමින් සිටියි.සංඝ විනය විරෝධී ක්‍රියා භික්ෂු අයිතිවාසිකම් බවට පත් කරමින් සිටියි. මේවා වෙන කවුරු හෝ කළා නම් ක්‍රිස්තියානි කුමන්ත්‍රණ ලෙස හංවඩු ගසන්නට ඉඩ තිබිණි.


සැබෑ බෞද්ධයෝ එදෙස උපේක්ෂාවෙන් බලා මුල් බුදු සමය සොයා යා යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හාමුදුරුවරු කොක්කේ එල්ලන්න කලබල කාලෙ පැරාලත් දායක උනා නෙ. නේද?

    ReplyDelete
  2. නෙත් එකෙන් සෝභිත ගැන එළිකරාම. මෙයාගෙත් ඔද තෙද වැඩි වෙලා ආයි හාමුදුරුවරු බුද්ධ සාසනේ වචන ටික දාලා හිට්ස් ටිකක් වැඩි කරගන්න හිතුනද?

    මේක බලපුවාම හෙල උරුමයට මඩ ගහන නිල වෙබ් අඩවිය වගේ නේ....

    තමුසෙයි මර්වින් සිල්වලයි ඔක්කොම එකයි. ප්‍රසිද්ධිය ලැබෙන්නේ මොන වචනෙන්ද ඒක තමයි ලොකු...

    අද ඉතින් තමුන්නාන්සෙට මාර හැපී ඇති නේද? සතියක් කෑවෙ නැතත් කමක් නෑ වගේද?

    ReplyDelete
  3. දෙවෙනි ඇනෝ- ඇස් දෙකට දාගෙන ඉන්න ඊනියා භක්තිය කියන කණ්ණාඩි දෙක අයින් කරලා ආයෙ කියෝල බැලුවනං හොඳයි වගේ... ඇත්තටම ආගම ගැන කැක්කුමක් තියනවනං කරන්න ඕන මේවගේ අය බෞද්ධ හෝ වෙනත් ආගම්ක් විකුණං දූෂිත් දේශපාලනයේ යෙදීමට විරුද්ධව හඬක් නැගීම බව තේරුම් ගන්න බැරි එකයි දුක...

    ReplyDelete
  4. "මේ වන විට ලංකාවේ හාමුදුරුවරු මාර්ග ඵල අවබෝධ කර ගැනීමට හේතු වන දේ හැර අන් සියල්ලක් ම පාහේ කරති."

    සහතික ඇත්ත!!

    ReplyDelete
  5. තමුසෙලා වාගේ ලංකාවේ අභිවෘද්ධියට සත පහක වැඩක් නොකරපු එවුන් හෙළඋරුමේ සාමාජිකයෙක්ගේ මයිල් ගහකටවත් සමාන කරන්න පුළුවන්ද? හෙළ උරුමේ මොන වැරැද්ද කළත් කොටින්ට විරුද්ධව දකුණේ ජනමතයක් ඇති කරලා ත්‍රස්තවාදයෙන් ලංකාව බේරාගන්න කරපු වැඩකොටස අමතක කරන්න අපින නම් තමුසෙලා වගේ ‍"කුහකයෝ" නෙමෙයි.
    සාසනය රකින්න ඕන නම් තමුසේ ගිහින් සිවුරක් දාගෙන් මහන වෙලා රකිනවකො ඕයි.. සිවුරු අස්සේ අත දදා ඇට මිරික මිරික අරූගේ වැරැද්දයි මුගේ වරැද්දයි ගැන ලිය ලියා ඉන්නේ නැතුව!

    ReplyDelete
  6. ශාසනය ඉවර වෙන කාලය එනකොට සඟ නම හඳුනා ගන්න වෙන්නේ කහ නුලක් බැඳ ගෙන සිටීම නිසා යයි බුදුරදුන් වදාල බව අසා තිබේ. දැන් එම කාලය ලඟාවීගෙන එනවා. ඒක තමයි මේ වේගෙන යන්නේ.

    ReplyDelete
  7. >>""හෙළ උරුමේ මොන වැරැද්ද කළත් කොටින්ට විරුද්ධව දකුණේ ජනමතයක් ඇති කරලා ත්‍රස්තවාදයෙන් ලංකාව බේරාගන්න කරපු වැඩකොටස අම..."<<

    buaahhhaa..haaa..haaa...patta joke eka machan...

    ReplyDelete
  8. සූදු වීදියටත් අත් උස්සපු ලොලු උරුමෙනේ ඕක.
    මොකක් හරි පුටුවක් දෙනවා කිව්වනම් ගූත් කයි.
    බලය විතරයි මුන්ට ඔනෙ.ඵ්ක චම්පිකගෙ මූනෙන්ම පේනවා.
    ඵදා කිව්ව දර්ම රජ්ජය,පන් සිල්,දසරාජ දර්ම කතා සේරම අමතකයි දෑන්.
    අනික මේ පාලනය ඉස්සරහා මොනවා කරන්නද මෙයාල විරුද්දවෙල දෙනදෙයක් වලදලා වෙනදෙයක් බලාගෙන ඉන්නවා මිසක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා