රදලියගොඩ යකඩයාට වරෙන්තු / Warrant issued by Sri Lanka court to arrest pro-government journalist

(2011 ජුලි 20, W3Lankaආණ්ඩුවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙහෙයවන්නකු වන සුදර්මන් රදලියගොඩ ව්‍යාජ ලිපි සැකසීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඔහුට ඇති චෝදනාව වන්නේ රු. ලක්ෂ 15ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන ගබඩා භාරකරුගේ අත්සනින් යුත් ලිපියක්‌ සාවද්‍ය ලෙස සකස්‌ කර ඉදිරිපත් කිරීමයි.

සුදර්මන් රදලියගොඩට ලබා දීමට අනුමත කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම්හි පරණ යකඩ මෙට්‍රික්‌ ටොන් 1828 ක්‌ පරණ යකඩ මිලදී ගනු ලබන ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට ලබා දෙන ලෙස ඔහු මෙම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියෙහි සඳහන් කර තිබේ.

නඩුව තවමත් විභාග වෙමින් තිබේ. එහෙත්, ආණ්ඩුවේ කිළිටි රෙදි අපුල්ලන මාධ්‍යකරුවන් කරන ව්‍යපාර පිළිබඳ ඉඟියක් මෙයින් සැපයේ. සුදර්මන් රදලියගොඩ යකඩ වෙළඳාමේ නොයෙදුණත් ලියුම් දෙක තුනක් එහා මෙහා කර පරණ යකඩ තොග වෙළෙන්දෙකු වීමට හා දහදිය බිඳුවක්වත් නො හෙළා රු. ලක්ෂ 15ක් ඉපැයීමට ඔහුට අවස්ථාව ලැබී ඇත.

මේ එක් ගැස්සුණ වැඩකි. නො ‍ගැස්සී ගොඩ දා ගත් මෙවැනි වැඩ තව කීයක් ඇද්ද? මෙවැනි බිස්නස් කරන මාධ්‍යකරුවන් තව කී දෙනෙක් වෙද්ද?

මෙවැනි තවත් මාධ්‍යකරුවෙක් යුද්ධය ආවරණය කර එමින් සිටියදී සොරකම් කළ බඩු ද රැගෙන ඒම නිසා මැදවච්චිය පොලිස් මුරපොළේදී අසු විය. එය ද එක් ගැස්සුණ වැඩක් පමණක් විය හැක. එවැනි වැඩ තව කෙතරම් ඇද්ද?

හිරිකිතයකින් තොර අපුල්ලන්නන් බිහි කර ගැනීමට ආණ්ඩුවට ඇති දක්ෂකමේ රහස මෙයයි. එහෙත්, මේ යකඩයින් කවදා හෝ තමන්ගේ ස්වාමීන් ද විකුණන්නේ පරණ යකඩ පරිද්දෙන්ම ය.

දැන් ඉන්න ලොක්කා නම් අපට සිතෙන පරිදි මොවුන්ගේ සෙල්ලම් දන්නා සෙල්ලම් සේන කෙනෙකි. ඔහුගෙන් ගැලවෙන්න අමාරු ඒ නිසා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. guu ballek unath "lajjawa" tikak thiyena ballek unanan...neda..

    ReplyDelete
  2. අයියෝ අමතක කරළ දාන්න අනේ... හෙජින් එක්ක බැලුවම මේ යකා කක්ක බෙට්ටක් නේ හොරකම් කොරල තියෙන්නෙ.. පව් අහිංසකය. ඒ වැඩේටත් කළාවක් තියෙනව කියල මූ දන්නෙ නැතුව ඇති..

    ReplyDelete
  3. radaliyaa.. riieelaa..

    ReplyDelete
  4. මේකා නම් ලංකාවටත් ආණ්ඩුවටත් අවනම්බුවක්. හොරකමක් වත් හරියට කොරගන්න බෑ :-)

    ReplyDelete
  5. මූ ගමන් බිමන් යන්නේ පිස්තෝලයක් සාක්කුවේ දාගෙන. මල පැන්නම මිනිසුන්ට ඒක පෙන්නල බය කරනවා. රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන අංක එකේ වන්දිබට්ට හොරෙක්. අහුවෙන්න කලින් කීයක් කරන්ඩ ඇත්ද ?
    මන් හිතන් නැ මුව අල්ලගන්ඩ අලුත් පොලිස්පති තුමාට පුළුවන් වෙයි කියල. උන්නැහේ සළු වෙන්නේ මේකෙන් තමයි.
    අනික ඉතින් ලංකාවේ තියෙන සුපිරි මාද්‍ය නිදහස හින්දා එහෙම ජනමාධ්‍ය වේදියෝ අල්ලලා හිරේ දාන්ඩ පුලුවන්ද?
    අනික දානවා කියලා දානවනම් කිදෙනෙක් ඉන්නවද? පොලිසියට වෙන වැඩක් නැතිවෙයි.

    ReplyDelete
  6. moo ara paris aapu welaawe ehee inna thawath maadyawediyek kiyala uooma kiyaa ganna hora kota uoorek kiyana sunil gamini jayalath kiyana pubbadayagen Eiffel Tower eka horata wikunapu kathaawa gana interest unaa kiyala thamaii aranchiya ...kohoma unath mea blog ekata gihin wedi wistara bala ganna....
    http://pansalviththi.blogspot.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා