ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය / Sri Lanka should immediately stop following China

(2011 ජුලි 21, W3Lankaමේ සටහන තබන්නේ ආණ්ඩුව ගැන ඇති වූ බිය නිසා ය. මේ බිය ඇති වූයේ අද දිවයින පුවත්පතේ පළ වූ පුවතක් කියවීමෙනි.


ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය. එසේ කළ යුතු යයි අප කියන්නේ අපේ දේශප්‍රේමී නායකයන්ගේ ආරක්ෂාවට ය. එපමණක් නොව චීනය මානව හිමිකම් කඩ කරන, මරණ දඬුනම ක්‍රියාත්මක කරන ජරා රටක් බවට ප්‍රචාරයක් ආගිය කතා ලියන මහින්ද අබේසුන්දර හරහා වහා ආරම්භ කළ යුතු ය.


එසේ ම, ලංකාවේ මරණ දඬුවම වහා අහෝසි කළ යුතු ය. මින් ඉදිරියට කිසි ම විනිසුරුවෙකුට මරණ දඬුවම නියම කිරීමේ බලයක් හිමි නො වන පරිදි නීති සංශෝධනය කළ යුතු ය.


ඒ ගැන කවුරුවත් අප්සෙට් විය යුතු නැත. අයින් කළ යුතු අය ඉන්නවා නම් අයින් කරන්නට ක්‍රම සහ විධි ඕනෑ තරම් ඇත. ඒවා ගැන ලංකාවේ අපි විශාරද ය.


අප බිය පත් කළ පුවත පහත පළ වේ. මෙවැනි බිය ජනක පුවත් ලංකාවේ පුවත්පත්වල පළ කිරීම ද තහනම් කළ යුතු ය.


දූෂණ චෝදනා ලැබූ චීනයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට චීන අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබේ.


හැංෂු හා සුෂු නගරවල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට මෙසේ මරණ දඬුවම නියම වූයේ එම නගරවල ඉදිකිරීම් කොන්ත්‍රාත් හා ඉඩම් ලබාදීමේදී ඩොලර් මිලියන ගණන් අල්ලස්‌ ලබා ගත් බවට වූ චෝදනා ඔප්පු වූ නිසාය.හොංෂු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සුමයියොං ඇමරිකානු ඩොලර් මිලියන 31 ක්‌ අල්ලස්‌ ලබා ගත් බව හෙළි වී තිබේ.


සුෂු නියෝජ්‍ය නගරාධිපති ජියාන් රෙන්ජි ඩොලර් මිලියන දාහතක්‌ පමණ අල්ලස්‌ ලබාගත් බව හෙළි වී ඇත.


අල්ලස්‌ ලබාගැනීම චීනයේ මරණ දඬුවම ලබාදෙන ප්‍රධාන වරදක්‌ වන අතර චීන ජනාධිපති හියු ජින්තාවෝ පසුගියදා පැවසුවේ දූෂණ හා වංචා නිසා මහජනතාව චීන රජය පිළිබඳ ඇති විශ්වාසයට හානි පැමිණෙමින් තිබෙන බවයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා