දන්සල් දොරෙහි නැත යදියෝ - සල්පිල්වල ය පුරවැසියෝ, මේ ජනමාධ්‍ය යුගයයි / How development takes place in Sri Lanka's media society

(2011 ජුලි 29, W3Lankaජනමාධ්‍යවලින් කොතරම් දේ කළ හැකි ද?


මේ බලන්න. රට පුරා ගෙවතුවල ආහාර භෝග වවන හැටි! උපුටා ගැනීම දිනමිණෙනි.


'දිවි නැඟුම’ ජාතික වැඩසටහනට සමගාමීව එළඹෙන මහ කන්නය සඳහා රට පුරා ගෙවතු ලක්ෂ 15 ක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ග්‍රාම සේවා වසම් 13110 ක ක්‍රියාත්මක මේ වැඩසටහන යටතේ ගෙවතු දහතුන්ලක්ෂ දොළොස් දහසක් (1312000) මේ වන විට ආරම්භ කර තිබෙන අතර දිවි නැඟුම ජාතික වැඩසටහනේ මූලික වටයේදී කෘෂිකාර්මික අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊට අමතරව පශු සම්පත්, ධීවර හා කෘෂිකර්මාන්ත අංශ කෙරෙහි ප්‍රමුඛත්වය දී තිබෙන බවද හෙතෙම සඳහන් කරයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මේ වැඩසටහන මගින් අපේක්ෂා කරන්නේ පරිභෝජනය ඉහළ නැංවීම මගින් පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම බවත් ඒ හේතුවෙන් නිවෙසේ පුද්ගලයන්ට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පරිදි පශු සම්පත් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පරිභෝජන අවශ්‍යතා ඉක්මවා යාමෙන් වැඩසටහනේ පරමාර්ථය ඉටු නොවන බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ස්වයංරැකියාවක් ලෙස මේ ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට හැකි බවද සඳහන් කළේය. මේ අතර ඒ මහතා සඳහන් කළේ දිවි නැඟුම වැඩසටහනේ දෙවන තෙවන හා සිවුවන වටයන්හි දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ කටයුතු රැසක් මේ වන විටත් අවසන් කර ඇති බවයි.


මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව අප ජීවත් වන ලංකාව නො විය යුතු ය. ඔබ ජීවත් වන රටේ දිවි නැගුමෙන් සංවර්ධනය කළ ගෙවතු තිබේ ද? මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාමසේවා වසමකට ඩිජිටල් බැනර් දෙක බැගින් ගැසීමට ගොවි සංවිධානවලට නියෝග කර තිබුණු අතර, අපේ පැත්‍තේ ගොවි සංවිධාන නියෝජිතයා එක ම බැනරය දින දෙකේ දෙපොළක ප්‍රදර්ශනය කර බැනර් දෙකක මුදල් ගත්තේ ය.  ඔහු අඩු තරමේ පරිසර හානිය හෝ අවම කර, ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර, ෆ්ලෙක්සෝ ප්ලාස්ටික් රෙදි, තීන්ත ආදිය වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල් හෝ ඉතිරි කළේ ය. 


මහා විශාල ජාතික උත්සවයක් පවත්වා පොහොර ස්වල්පයක් හා ඇට කීපයක් ද කීපදෙනෙකු අතර බෙදා දෙන ලදී. ඒ ඇට වැඩි හරියක් පැළ නො වූ බව ද වාර්තා වේ. 


මේ ජාතික වැඩසටහන යටතේ කුකුළන් ඇති කිරීම කරන හැටි බලන්න.


මේ යටතේ එක් ගෘහයකට මසක් වයසැති කුකුළු පැටවුන් 10 බැගින් ලබාදීම සඳහා පියවර ගෙන තිබෙන බවත් මේ වසර තුළ කුකුළු පැටවුන් ලක්ෂ දෙකක් ප්‍රතිලාභී පවුල් සඳහා ලබා දීමට පශු සම්පත් අමාත්‍යාංශය එකඟ වී තිබෙන බවත් කී බැසිල් රාජපක්ෂ මහතා කුකුළු පැටවුන් නිෂ්පාදනය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් 27 ක් මේ වන විටත් තෝරාගෙන තිබෙන බවද කීවේය.
කොහොමද කුකුළන් ඇති කිරීමේ 'ජාතික' ව්‍යාපාරය?


ජනමාධ්‍ය හරහා මේ රටේ විශාල සංවර්ධනයක් ඇති වෙමින් තිබේ. ඇමති විමල් වීරවංශ මාර ගෙවල් හැදිල්ලක් හදයි. .ඒ හදන හැදිල්ලේ හැටියට තව වැඩි කලක් යන්නට පෙර ගෙවල්වල ජීවත් වන්න මිනිසුන් පිටරටින් ගෙන්වන්නට සිදු වනු ඇත. 


ඇමති රාජිත සේනාරත්න ජනමාධ්‍යවලින් මාළු බාන බෑමේ හැටියට ලංකාවේ මාළු කිලෝ එක රුපියල් දහයට, පහළොවට බසින් ඇත. 


අධ්‍යාපන ඇමති ජනමාධ්‍ය හරහා පාසල් හදන හැදිල්ල අනුව, මීළඟ කැබිනට් සංශෝධනයට පෙර ලංකාවේ පාසල් සිසුන් 100%ක් ම සාමාන්‍ය පෙළ සමත් වනු ඇත.


උසස් අධ්‍යාපන ඇමති ජනමාධ්‍ය හරහා සරසවි හදන හැදිල්ල අනුව, මේ රටේ පඳුරකට පයින් ගැසූ විට ලැප්ටොප් අතින් ගත් ආචාර්ය, මහාචාර්යවරු බුරුත්තක් එළියට පැනිය යුතු ය.


සෞඛ්‍ය ඇමති ජනමාධ්‍ය හරහා රටේ සෞඛ්‍යය නංවන හැටියට කාට හරි කිඹුහුමක් ගියොත් ඒ මොහොතේ ම ගිලන් රථයක් එතැනට ආ යුතු ය. 


චම්පික රණවක ඇමතිතුමා ජනමාධ්‍යවලින් කියන විධියට මේ රට විදුලියෙන් ස්වයං පෝෂිත වී කරන්ට් එක අපනයනය කළ යුතු ය.


ජනමාධ්‍යවලින් කියන පරිදි නම් දැන් ලංකාවේ තෙල් ඇත. රත්තරං ද ඇත. රට පුරා අධිවේගී මාර්ග ය. වරායවල, ගුවන් තොටුපලවල හෙණ ට්‍රැෆික් ය. මිනිසුන් ගමන් බිමන් යන්නේ රට පුරා ඇති ගුවන් තොටුපළවලට පමණක් නො ව, වතුර වක්කලංවලට පවා ගොඩ බාන ගුවන් යානාවලිනි. සංචාරකයෝ වැල නො කැඩී එති. රට අහරින් ස්වයං පෝෂිත ය. ඒක පුද්ගල දළ ජාතික ආදායම නගින්නේ ටැක්සි මීටරය වගේ ය. ජනයා සුඛිත මුදිත ය. දන්සල් දොරෙහි නැත යදියෝ. සල්පිල්වල ය පුරවැසියෝ. මේ කේතුමතී පුරයයි. 


අපේ ජනාධිපතිතුමා ජනමාධ්‍යවලින් කියන විධියට ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙමින් ඇත. ලෝකය පුරා ම ඉන්න පජාති හැත්ත මේකට ඉරිසියා ය. අපේ වීර සිංහල නායකයන්ට කෙළවන්නට හදන්නේ ඒ නිසා ය. 


අපට නස්රුදීන්ගේ කතාවක් සිහිපත් වේ. තැනක රසකැවිලි බෙදනවා යි, ළමයින් රැවටීමට බොරු කිය කියා ගිය නස්රුදීන්ට ටික දුරක් යන විට එතැන ඇත්තට ම රසකැවිලි බෙදනවා යයි සිතේ. ඔහු ද එහි දිව යයි. 


අපේ නායකයෝ ද දැන්, දැන් මේවා කියන්නේ මාර විශ්වාසයකින් බව පෙනේ. අපි නම් ඉතින් කොහොමත් මේවා විශ්වාස කරන්නෙමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. /*
    අපට නස්໯ຬන්‍ෙ‍ග් කතාවක් සිහිපත් ‍ෙ‍໵. තැනක රසකැ໶ලි ‍ෙබදනවා යි, ළමයින් ໯ව຅මට ‍ෙ‍බා໯ කිය කියා ගිය නස්໯ຬන්ට ຃ක ຺රක් යන ໶ට එතැන ඇත්තට ම රසකැ໶ලි ‍ෙබදනවා යයි සි‍ෙ‍ත්. ඔහු ද එහි ຩව යයි.
    */

    If Editor, W3Lanka continues to read Dinamina as his staple news source, same thing will happen to him as well.

    -KK

    ReplyDelete
  2. අර කතන්දරත් කියනවා වගේ " මොන මඟුලකට දිනමිණ බලනවද මංදා ".. ලංකාවෙ අනිත් පත්තර හිඟයක් ඇති උනත් මම නං නෙවි ඕක බලන්නෙ.. තනිකරම කොමඩි පත්තරයක් නේ.. හැබැයි මේවා පුල් සීරියස් පිට බලන උනුත් ඉන්නවා.. :D

    ReplyDelete
  3. මමත් හිතන්නේ අපි කවුරුවත් ඔය කසිකබල් පත්තරේ කියවන්නේ නැති හින්දා වගේම තියෙන දේවල් ගැන කොමේන්ට්ස් දන්න තරම් දේකුත් නැති හින්දා, හාමුදුරුවරු බන කියනකොට පන්සීය පනස් ජාතකේ උපමාවට ගන්නවා වගේ හැමදාම ඔය කසිකබල් පත්තරේ තියෙන දේවල් පිටු පිටින් උපුටලා ගන්න එපා. ඔහොම ගියත් බ්ලොග් එක බලන එකත් මිනිස්සු නවත්වයි.
    මිනිස්සු දිනමිණ පත්තරේ ගන්නේ පිටු ගොඩක් තියෙන හින්දා බත් ඔතන්නයි , කඩවල සීනි ඔතන්නයි හින්දා, ඔකේ තියෙන දේවල් ගැන ඔච්චර මොලේ කොලොප්පම් කරගන්න එපා.
    කියවන්න හිතෙන නිදහස් මතයකින් ඔය බ්ලොග් අවකාශය පුරවන්න.
    ඔයාලා, ඇට මැස්සල වගේ මතයක් නිර්මාණය කරන්න මහන්සි වෙන මිනිස්සුත් දිනමියි , දිවයිනයි ම උපුටා උපුටා ඉන්නවනම් මේ වැඩේ නතර කරලා දාමු, අපි ඔය පත්තර දෙක අරගෙන කියවන්නම්.

    ReplyDelete
  4. මේ ලිපියේ මාතෘකාවට යොදා ඇති ගීතයේ සම්පූර්ණ පද වැල සහ සින්දුවට ලින්ක් එකක් පහත පිටුවේ ඇත.

    http://kathandara.blogspot.com/2011/07/arjuna-ranatunge-acts-joker.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා