රට ම වෙනුවෙන් - ඇදුරො හෙළුවෙන් / A post-mortem on the struggle of the university teachers of Sri Lanka

(2011 ජුලි 27, W3Lankaවැටුප් වැඩි වීමක් ඉල්ලා දීර්ඝ කාලීන වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණ සරසවි ඇදුරන් දෙකට බෙදී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් විට එම නිරීක්ෂණය වැරදි වෙන්නට පුළුවන දෙකට බෙදෙන්නට පුළුවන් එකට සිටි පිරිසකට පමණක් බැවිනි. 


ඔවුන් සිය අරගලය දිනුවා ද පැරදුණා ද යන්න ද අවිනිශ්චිත ය. 


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ රැඩිකල් කොටස කියන පරිදි රජය සිය ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දු වී ඇති මුත්, පොරොන්දු ඉටු කිරීමට නිශ්චිත කාල රාමුවක් දී නැත. 


මහින්ද චින්තන නම් කඩවුණු පොරොන්දු මාලාවක හිමිකරු වන, පසුගිය ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට රු. 2500ක වැටුප් වැඩි වීමක් දෙන බව කියා ඔවුන් අමු අමුවේ රැවටූ, දූෂණයෙන් හා මහජන මුදල් කාබාසිනියාවෙන් කෙළ පැමිණි, ආචාර ධර්ම හෝ සදාචාරය ගැන අබ මල් රේණුවක තැකීමක් නැති මේ ආණ්ඩුවට සරසවි ඇදුරන් රවටනවා ය කියන එක සුළු ම සුළු දෙයකි. 


මොනවා කීවත් දැන් සටන පරාද ය. අපට පෙනෙන පරිදි එසේ වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බහුතර කැමැත්ත අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ය. ඒ නිසා අරූ අපව පාවා දුන්නා යයි බනින්නට කෙනෙකු ද නැත. 


එසේ සිදු වන්නේ මන් ද? 


මෙහි ඇති ඇත්ත වන්නේ මේ සරසවි ඇදුරන් බහුතරයක් දෙනා මහජන මුදලින් ඔවුන් දැනට ලබා ගන්නා වැටුපට හා තීරු බදු රහිත වාහන, පූර්ණ වැටුප් සහිත සබෑටිකල් නිවාඩු වැනි වරප්‍රසාදවලට හෝ සරිලන අන්දමේ වැඩ කොටසක් නො කරන, වෙනත් පෞද්ගලික, රාජ්‍ය හා රාජ්‍ය නො වන ව්‍යාපාරවලින් මුදල් උපයන පිරිසක් බව අන් කිසිවෙකුටත් වඩා තමන් ම දැන සිටීමයි. 


ලංකාව සැබෑ බුද්ධිමතුන් සිටින රටක් නම්, මෙහි එළියන්ත වයිට්ලා, ආසනික් සිල්වලා, සීනිගම රතනලා, වෙනත් ජ්‍යෝතිෂකාරයන්, මන්තරකාරයන්, ෆෙංෂුයි මුදලාලිලා, භාතිය සන්තුෂ්ලා, සැපගන්නාරාළලා, අනර්කෙලීලා, කුඩු දුමින්දලා රජ වන්නේ නැත.


ලංකාව වනාහි සරසවිය හෙවත් සරස්වතී දේවිය ඇහැ ඇරලාවත් නො බලන රටකි. 


සරසවි ඇදුරන් වැනි මධ්‍යම පංතික වෘත්තිකයන් වර්ජනවලට යන්නේ ජීවත් වීමට සරිලන වැටුපක් නැති නිසා නො ව, තමන්ගේ වෘත්තීය තත්වය රැක ගන්නට ය. විශේෂයෙන් ම, ශක්තිමත් වෘත්තීය සංවිධානයක් හිමි, රෝගී සමාජයක විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව ද හිමි වී තිබෙන වෛද්‍යවරුන් වැනි වෘත්තීය කොටස් සමග තරගකාරී ලෙස සිය තත්වය පවත්වා ගැනීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල මූලික අරමුණයි. 


මේ අරගල බාග සටන් බවට පත් වන්නේ මේ හේතුවෙනි. මහජන මුදල් සූරා කා, තමන්ට ද හොඳට ගෙවන ආණ්ඩුවට ඇති කෘතවේදිත්වය ද, තමන්ගේ ඇත්ත දන්නාකම නිසා ඇති වරදකාරිත්වය ද නිසා සටන පටන් ගත් දවසේ සිට ම ඔවුන් සොයන්නේ ඉක්මණ් සම්මුතියකි. ඒ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ඔවුන්ගේ කූල් එකේ ගත වන සාමාන්‍ය ජීවිතය මේ වෘත්තීය සටන් නිසා අවුල් වන බැවිනි. 


සාමාන්‍යයෙන් වෙනදා මාධ්‍ය පෙරේතයන් වන සරසවි ඇදුරන් කී දෙනෙක් පසුගිය දිනවල සිය සටන ගැන කට ඇරියා ද කියා සොයා බලන්න. ඔවුන් එම කාර්යය වාමාංශික නිර්මාල් රංජිත්ට කොන්ත්‍රාත් දී ඇත. 


වෘත්තීය සමිති තමන්ගේ ඓන්ද්‍රිය සංවිධානයක් නො ව, තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන කොන්ත්‍රාත් ආයතනයක් බවට පත් කර ගැනීම මධ්‍යම පංතිකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. සරළව කීවොත්, සාමාජික මුදල ගෙවා පැත්තකට වීම හා තම අභිප්‍රායන් ඉටු නො වුණොත් බැන, බැන සමිතියෙන් අස් වීම ඔවුන්ගේ පිළිවෙතයි. සාමාන්‍යයෙන් රැස්වීමකට හෝ සහභාගි වීමට කාලය යොදවන්නට ඔවුහු අකැමැති ය. 


මෙවැනි පිරිස්වත වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා කොන්ත්‍රාත් ගන්නා වෘත්තීය සමිතිවල හිමිකරුවන් බවට පත් වන අය ලාභ ගරා ගන්නේ සාමාජික මුදල්වලිනි.


මෙය උච්චස්ථානයට ම ගිය තැනක් වන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයයි. එම කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව ඇතුළු පිරිස දැන් සටන් කොන්ත්‍රාත් ඉටු කිරීමට ද වඩා හෙදියන්ගෙන් මුදල් ගසා කෑමට මුල් තැන දී ඇත. දැන් හෙදියන් මුහුණ දී සිටින තත්වය වන්නේ පහළ මධ්‍යම පංතික මට්ටමේ රැඳී සිටීමට හෝ හැකියාවක් මේ වෘත්තීය අයිතිවාසිකම් කොන්ත්‍රාත් සමාගම නිසා නැතිව යාමයි. 


ගුරු සේවය, ලිපිකාර හෙවත් කළමනාකාර සහායක නම් ලොකු නමක් ඇති සේවය වැනි පහළ ම මධ්‍යම පංතික වෘත්තීන්ගේ වෘත්තීය කොන්ත්‍රාත් සංවිධාන මේ වන විට සම්පූර්ණයෙන් ම පාහේ දිය වී ගොසිනි. එම සංවිධාන වැඩිපුර පවතිනුයේ වෘත්තීන් තුළ නො ව, මාධ්‍ය අවකාශයේ ය. එවැනි වෘත්තීන්හි යෙදුණු අය මේ වන විට ජීවත් වීම සඳහා කරන්නේ ටියුෂන් කඩ, සිල්ලර කඩ, කුඹුරු කෙටීම, කඩවලට කඩයප්පං සැපයීම, අයිස් පැකට් විකිණීම වැනි සිරං බිරං වැඩ ය. එවැනි වෘත්තීන්හි නියැලී සිටින සමහරක් ගැහැනු කෙසේ හෝ ඉහළ මධ්‍යම පංතික වෘත්තිකයකු හෝ පෞද්ගලික අංශයේ සේවකයකු හෝ සමග ගොඩනඟා ගත් පවුල තුළ තල්ලු වී යති. 


වෘත්තීය සමිති ගැන බලාපොරොත්තු සුන් වී සිටින ඔවුන් ඒවායේ සුළු සාමාජික මුදල ගෙවීමට පවා ලෝභ ය. හිමිකම් වෙනුවෙන් සංවිධානය වනවා වෙනුවට වෘත්තීය සමිතිවලට බැන, බැන රුපියලට, සත පනහට පවා කුණුකම් කරමින් සල්ලි හෙවීමට රටේ නැති විගඩම් කිරීම ඔවුන්ගේ හැටි ය. අවසානයේදී ඔවුන්ගේ ජීවිත අසහනය මෝචනය වන්නේ ඔවුන්ගෙන් සේවා ලබා ගන්නා ඔවුන්ටත් වඩා පීඩිතයන් මතිනි. 


ඔවුන් ජීවත් වන්නේ සිහින තුළ ය. එම සිහිනය වනාහි, තමන්ගේ දරුවා දොස්තර කෙනෙකු කිරීමයි. එය ඉටු කර ගන්නට බැරි වුණොත්, කර ගන්නට උත්සාහ කරන දේ අතරින් එකකි, විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වීම. අවසාන බලාපො‍රොත්තුව වන්නේ සිය දරුවන් ඔය ශිෂ්‍යත්වයක් වැනි මොකක් හරි දේකට රට ගිය පසු එහේ මොකක් හෝ පුංචි රස්සාවක් හොයාගෙන පදිංචි වූ විට, දරුවන්ගේ දරුවන් බලා කියා ගන්නා නැනීකමට එහි ගොස්, සීත කාලයේ ලොම් කබා ඇඳගෙන ඡායාරූප ගෙන මෙහේ දුප්පතුන්ට එවා සතුටු වීමයි. 


මේ සිහිනය තුළ ජීවත් වන පහළ මධ්‍යම පංතිකයෝ දොස්තරලා වෙන්නට සිටින තමන්ගේ දරුවන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනාරාධිතව කඩේ යති. 


සරසවි ඇදුරන් වෙනුවෙන් ද එහෙම කඩේ ගිය අය ඉන්නට ඇත. 


සරසවි ඇදුරන් ලංකාවේ ආතුර සමාජය ඉදිරියේ නැටූ තොවිලයේදී අප දුටු සන්නි මේවා ය. 


ඕනෑම වර්ජනයක් මාර වීරකමක් ලෙස දකින මාක්ස් දහම අදහන බැතිමතුනි, ඔබට දෙවි පිහිටයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Nirmal Ranjith Peris ???????

    ReplyDelete
  2. Mekath ME Lipiya Wagema Thamai Marx Dahama Epa Kiyana Ajith Saha Marx Dahama Ona Kiyana iudcjdoS samajwadee Samanatha Party Ekath Ekama De Kiyanne Ai? Meka Balanna
    http://www.wsws.org/sinhala/2011/2011jul/futa-23j.html

    ReplyDelete
  3. "වෘත්තීය සමිති තමන්ගේ ඓන්ද්‍රිය සංවිධානයක් නො ව, තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන කොන්ත්‍රාත් ආයතනයක් බවට පත් කර ගැනීම මධ්‍යම පංතිකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. සරළව කීවොත්, සාමාජික මුදල ගෙවා පැත්තකට වීම හා තම අභිප්‍රායන් ඉටු නො වුණොත් බැන, බැන සමිතියෙන් අස් වීම ඔවුන්ගේ පිළිවෙතයි. සාමාන්‍යයෙන් රැස්වීමකට හෝ සහභාගි වීමට කාලය යොදවන්නට ඔවුහු අකැමැති ය"

    දවසේ කතාව , දාමුද පහක් .......

    ReplyDelete
  4. lecturers (arts etc. lecturers ,not true for science) are stepping down to lower middle class as it's in capitalist economy. classic transition of society to full capitalist (SL corrupted version) economy.

    ReplyDelete
  5. ඔබ කියන්නේ සරසවි ගුරු සටනත් හරියට ප්‍රයිවෙට් බස් ස්ට්‍රයික් එකක් වගේ කියල නේද? ටික දවසකින්, අනික බස් කාරයින්ට හොරෙන් බෝඩ් ගලවාගෙන දුවන්නේ. නැතිනම් ඉතින් ලීස් එක කේස් නේ.

    [[මාක්ස් දහම අදහන බැතිමතුනි]]

    ආගම යනු රෙද්දක් නොවේ. තරලයකි. අයින් කර ගත්තා කියා හිතන එවුන්ගෙත් තාම පැල්ලම් ඇත.

    මාක්ස්වාදය ආගමකි කියන මගේ මතයට ඔබ දෙන තල්ලුවට ස්තුතිය.

    ReplyDelete
  6. අජිත් පැරකුම් වික්ටර් අයිවන්ගේ මගට පිවිස තිබේදැයි සැක සිතේ.දැන් දැන් හෙතෙම මාක්ස් දහමක් හෝ ආගමක් ගැන කතාකිරීම අරඹා තිබේ.මෙය වමේ සිට දකුනට කරනම් ගසන බොහෝ දෙනා සිය ගමන ආරම්භයේදී ප්‍රකාශ කරන උදාන වාක්‍යයයි.නලින් ද සිල්වා ගේ සිට වික්ටර් අයිවන් දක්වා බොහෝ දෙනාට එය පොදු විය.අජිත් පැරකුම්ට අනුව රාජ්‍ය සේවයේ සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නේ කුහකකමටය.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද එසේය.මේ තර්කය තව දිගු කල හැක.සරසවි සිසුන් පුද්ගලික සරසවිවලට එරෙහිව පාරට බහින්නේ තමාගේ අනාගත අවස්ථාවන්ට කෙල වෙතැයි යන ඊරිසියාවට බව තර්ක කල හැක.එතකොට ෂෝක්ය.ඒ අරගලද කුහකය.එතකොට කුහක නැති අරගලයක් මහපොලොවේ සොයාගත නොහැක.සරසවි ආචාරය වර්ජනයෙහි අවසන් ප්‍රතිඵලය ගැටලු සහගත බව සැබවි.නමුත් එමගින් ඇතිකරන ලද සමාජ මතවාදය අජිත් නොදකින්නේ අහම්බෙන්ද?සිතාමතාද?මෑතකාලයේ රාජපක්ෂගේ ප්‍රොජක්ට් එකට යම් ප්‍රමානයක අභියෝගයක් එල්ල වූයේ ඇගලුම් කම්හල් හා සරසවි ආශ්‍රිතව පැන නැගි අරගල වලිනි.යමෙකු මෙම රෙජිමයේ බිද වැටීම අවංකව ප්‍රාර්ථනා කරනවා නම් ඒ සදහා තිබෙන එකම මාර්ගය මෙවැනි බහුජන ක්‍රියාමාර්ග පැන නැගීමයි.එවැනි අරගල සමස්තයක් ලෙස විග්‍රහ කර ගත යුතුය.අජිත්ගේ ප්‍රශ්නය මට අනුව තනියම සත්‍ය්‍ය පසක් කර ගැන්මේ උත්සාහයක යෙදී සිටීමයි.ඔහුට සමාජ ව්‍යාපාර සමග ආශ්‍රයක් නැත.එම මතවාද සමග ගැටෙන්නේ නැත.තනිව හුදෙකලා වී හෙතෙම “සත්‍යය“ ගවේෂනයෙහි යෙදේ.එවිට පහලවන්නේ මෙවැනි අසාර නිෂ්ක්‍රීය අසුබවාදී සෘනාත්මක අදහස් පමණි.අජිත්,මහ පොලොවට එන්න.ආරණ්‍යෙයන් නික්ම සමාජගත වෙන්න!පරමාදර්ශී කිසිදු පලුද්දක් නැති විප්ලවවාදී සංවිධාන ලොව කොහිවත් නැත.හැමතැනම ඉන්නෙ වඩා හොද තත්වයකට යාම සදහා අරගලයක යෙදෙන මිනිසුන්ය.ශාන්තුවරයන් සමග නොව මිනිසුන් සමග දේශපාලනය කරමු!අපට ඔබ බොහෝ වටී.අජිත් පැරකුම් පැරකුම් කොඩිතුවක්කු කෙනෙක්ගේ තත්වයට වැටෙනු දැකීම අපට රිසි නොවේ.

    - විශ්ව

    ReplyDelete
  7. ලිපියේ කරුණු සමග සම්පූර්ණයෙන්ම වගේ එකඟ විය හැකියි.
    ඇත්තෙන්ම මොවුන්ගේ රංගනයන් හමුවේ තවත් පීඩාවට පත්වෙන්නෙ පීඩිත මිනිස්සුන්මය. තමන්ගේ උද්ධච්ච තත්වය රැක ගැනීමට ඉහළ වැටුප් ලබා දීමට ආණ්ඩුව තව තවත් සූරාකන්නේ පුංචිම එකාය. මහ එවුන් ඒ වෙනුවෙන් කිසිවක් කැප කරන්නේ නැත. එසේ තව තවත් මහජන මුදලින්ම මෙසේ ඉහළින් නඩත්තු කිරීමට තරම් ඔවුන් මේ රටේ සාමාන්‍ය ජනතාව වෙත මෙතෙක් කර ඇත්තේ කුමක්ද? ඒත්.ඔවුන් සියල්ල ලබන්නේ මහජන මුදලිනි. එකම දේ ඔවුන් බිහිකල උද්ධච්ච උගතුන් කොටසක් රාජ්‍ය තන්ත්‍රය තුළ දේශපාලකයන් සමග සමගාමීව පොඩි එකාම තව තවත් පීඩාවට පත්කරන යාන්ත්‍රණය හසුරවමින් අසීමිත වරප්‍රසාද විඳීම පමණයි. මහජනතාවට ඔවුන් කරන අනෙක් දේවල් වලින් සිදුවී ඇති සෙත කවරේද? අවම වශයෙන් සාමාන්‍ය මිනිස්සු පෙළන ක්‍රමයක් තුළ අද වෙද්දි සාමාන්‍ය මිනිස්සුන්ට කොයිතරම් දේවල් සිදුවුණත් මේ මහ විද්වත්තු වචනෙකින්වත් ඒ මිනිස්සු වෙනුවෙන් සහයෝගය ‍දී තිබේද? ඔවුන්ට ජනතාවක් මේ රටේ සිටින්නේද යන්නවත් මතක් වන්නේ මැතිවරණයක් කාලෙට පුද්ගලික වාසි වෙනුවෙන් කාට හෝ කඩේ යන්න හිතුණම පමණයි.

    ReplyDelete
  8. 100% ක්ම එකඟ වෙමි.

    ReplyDelete
  9. MR got what he wanted. split lecturer's union in to 2.

    ReplyDelete
  10. මහින්දයා ජඩාධිපති වීමත්,එස්.බි යා උසස් අධ්‍යාපන ඇමතියා විමත් ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධිමත් කම මැනිය හැකි ප්‍රධාන සාධක ලෙස සැලකිය හැකි සේක!

    ReplyDelete
  11. 200% එකඟවෙමි පැරකුම්, ඔබ හරියටම හරි.....උන්ගෙ ආච්චිගෙ අරගලය.......

    ReplyDelete
  12. Univrsity academic staff එකට බොහෝ විට යන්නේ ඉගෙන ගන්න කාලේ කිසිම පොදු වැඩකට හෝ සරසවි සටනකට සම්බන්ද උනේ නැති පුද්ගලයන්. මේගොල්ලෝගේ පරණ පුරුදු ගති staff එකට ගියහම නැති වෙන්නේ නැහැ.

    අනික පහු ගිය චන්දෙදි මේගොල්ලෝ තරගෙට වගේ කඩේ ගියා නේ. ඉතින් ටිකක් පරිප්පුව කෑවට කමක් නැහැ

    ReplyDelete
  13. බුද්ධික ගම්ලත්July 27, 2011 at 11:04 PM

    හා හා හා විශ්ව නමින් ඉන්නෙ වර්ජනය කරපු කෙනෙක් වගේ වගේ,හොදට රිදෙන ලියුම නේ,,ඔහොම තමා හලෝ ඇත්ත කියන කොට කාටත් රිදෙනවා නැද්ද. අජිත් ආංඩුව විවේචනය කලා නම් විශ්ව නමින් ඉන්න පන්තියට අජිත් නියමයි,මරු-හැබැයි විශ්වලගෙ නිරුවත පෙන්නුවහම
    කියන්නෙ.}} මට අනුව තනියම සත්‍ය්‍ය පසක් කර ගැන්මේ උත්සාහයක යෙදී සිටීමයි.ඔහුට සමාජ ව්‍යාපාර සමග ආශ්‍රයක් නැත.එම මතවාද සමග ගැටෙන්නේ නැත.තනිව හුදෙකලා වී හෙතෙම “සත්‍යය“ ගවේෂනයෙහි යෙදේ----හා හා හා හො හො හො මට හරියටම තේරෙන්නෙ නැහැ මගේ කොහෙන්ද මේ හිනාව එන්නෙ කියල+ අජිත් ව ඔය පන්තියට බාගන්න හදනව නම් කියන්න තියෙන්නෙ මාර කනගාටුවක් විශ්ව ගැන ඇතිවෙන්නෙ අජිත් පැරකුම් යනු කූල් කාමර වල තමුන්ගේ වෙන වෙනම මනෝලෝකවල සිසිලේ දිය වෙන ජීවිතයක් නොව දහඩිය පෙරාගත් ජනයා සමග ගැටෙන ඔවුන් වෙනුවෙන් ජීවීතය අකුරක් කරගත් ව්ශ්ව මෙන් නිර්නාමිකව නොකියා හැමෝම දන්නා සැබෑ චරිතයකි.

    ReplyDelete
  14. Rohana SisirakumaraJuly 27, 2011 at 11:18 PM

    විශ්ව කියනව-යමෙකු මෙම රෙජිමයේ බිද වැටීම අවංකව ප්‍රාර්ථනා කරනවා නම් ඒ සදහා තිබෙන එකම මාර්ගය මෙවැනි බහුජන ක්‍රියාමාර්ග පැන නැගීමයි-ඒ කියන්නෙ මෙතන තියෙන්නෙ වැටුප් අරගලයක් නෙමෙයි,මහත්තයො ඕක තමයි අජිත් නොකියා කිව්වෙ ඕගොල්ලො හෙලුවෙන් ඉන්නව කියල-well said Ajith, thanks remove their cloths again..

    ReplyDelete
  15. "රට ගිය පසු එහේ මොකක් හෝ පුංචි රස්සාවක් හොයාගෙන පදිංචි වූ විට, දරුවන්ගේ දරුවන් බලා කියා ගන්නා නැනීකමට එහි ගොස්, සීත කාලයේ ලොම් ක....."

    >>>>SL scholars life milestones..
    1)parents advice children to study hard...to have a luxury life + to serve the country...etc

    2) so they does & go to uni. & study even more

    3)then realize their dreams are far far away & whole effort is worthless ...

    4) then unionize try to educate the society ...well write blogs like u.. etc..

    5) now they realize whole SL is full of padaththala h*** & no future here...

    6) then go abroad...oh..realize they are crappy product of b***sh** education system in SL.can't fight with foreigners + can't blame gov. for jobs

    7) oh..foreigners don't care what the job one does..let's do easiest way to make money...hmmmmm....I'll be a nanny :)

    8) wow..what a life...then here's comes winter too ...y not take a photo..

    9) crap..it took almost 40y to realize how simple life is...:))

    >>> we cant blame one group for all the crap ...whole SL mindset is sick..MR showed a dream of developed country..now people ask for it + realize it will just be a dream<<<

    ReplyDelete
  16. Janaka PriyadarshanaAugust 4, 2011 at 12:29 AM

    තමුන් කියන්නෙ හිතට එකගව නොවන ප්‍රකාශයක් බැවින් විශ්ව කොලය වසා ගසා ඇත.මට පොඩි නූතන කතාවක් මතක් වේ..එක් ධනවතෙකුට මිනිසෙක් පොමනේරියන් කුඩා බලු පැටව් දෙදෙනෙක් ගෙනත් සෑහෙන මුදලක් ඔහුගෙන් ලබාගනී,ටික කලක් සුවසේ වඩෙන පැටව් දෙදෙනා සිටින කූඩුවෙන් දිනක් නරි හූවක් ඇසෙන්නට විය... ඉතුරු ටික ඔබ සිතා ගන්න. ශබ්ධයෙන්.....හදුනාගත හැක

    ReplyDelete
  17. What you say is exactly correct.

    ReplyDelete
  18. Karl Marx මේනියා කාරයන්ට උත්තර දෙන්න එක ලංකාවේ වෙබ් සයිට් එකක් හරි තිබීම සතුටුයි.
    Karl Marx" හොඳ දාර්ශනිකයෙක් හැබැයි ප්‍රංශ විප්ලවේට විතරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා