එජාපය නැවතත් හොරා, හොරා කියන්න පටන් අරගෙන

(2011 ජුලි18, W3Lankaහම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය ඉදිකිරීමට ගෘහ නිර්මාණ ශිල්පීන් ඇස්‌තමේන්තු කළ මුදලට වඩා හතර ගුණයක්‌ ආණ්‌ඩුව විසින් වැය කර තිබෙන බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද රැස්වීමකදී පැවසී ය.


ක්‍රීඩාංගනයේ ඉදිකිරීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් රුපියල් මිලියන 1200 ක්‌ ඇස්‌තමේන්තු කර තිබියදී ආණ්‌ඩුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 4300 ක්‌ වැයකර තිබෙන බවට ඔහු චෝදනා කර ඇත.


පසුගිය ජකාධිපතිවරණ කාලයේ ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රය විසින් ගෙන ා තර්කයක් වන්නේ විපක්ෂය නිතර ම හොරා, හොරා කියා කීමෙන් රාජපක්ෂ පවුලේ අය සොරුන් ලෙස හංවඩු ගසන ගොබෙල්ස් න්‍යායක් අනුගමනය කරන බවයි.


මේ ද එම උපාය මාර්ගයේ ම දිගුවක් විය හැකි ය. නැතුව පාලක පවුලේ අය හා ආණ්ඩුවේ දේශපාලකයන් නම් සොරකම් කරනවා යයි සිතිය නො හැක. එහෙම හොරු මෙහෙම ඡන්ද දිනනවා නම් රට ම හොරු විය යුතු ය. රට ම හොරු නම් මේ තරම් ප්‍රදර්ශනාත්මකව බුදු දහම අදහන්නේ නැත. 


පාලක පවුලේ අය කම් ඇත්තෙන් ම දුප්පත්තු ය. මේ රටේ ජීවත් වන්නට ක්‍රමයක් නොමැති නිසා ඔය පොඩි, පොඩි රැකියාවලට පිටරට ගිය විගාමික සේවකයෝ ය. සේවතයන් වචනය යොදන්නේ කම්කරුවන් කියන වචනයට දැන් කවුරුත් කැමති නැති නිසා ය. 


දැන් ඔවුන් ළඟ සල්ලි ඇත්නම් ඒ වනාහි එහේදී හම්බ කරගෙන ආ මුදල් මිස අන් යමක් නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. UNP!? uh..is it still there? anybody guess what's the deal between MR & ranil. is MR paying ranil or what?

    ReplyDelete
  2. අනේ w3 lanka හැමදාම බනින දිවයින නේද ඕක දාල තිබ්බෙ.

    බොරුද දන්නෙ නෑ!!!

    ReplyDelete
  3. එකගයි, මට මතකයි ඩලස් ඇමතිතුමා 96 හෝ 97 ( චන්ද්‍රිකා සමයේ ) ලක්හඩ ගුවන් විදුලියේ වැඩසටහනකට කීවා, පොඩි එකාට දොස්තර ලියපු කිරිපිටි අරන් දෙන්න සල්ලි නෙති හින්දා Anchor දෙනවා කියලා. එහෙම කියපු යෝදයා ටික කාලෙකට පස්සේ ඇමෙරිකා ගියා. මම සැහෙන්න කල්පනා කලා මේ ඇමෙරිකාවේ වැඩේට මිනිහට කොහෙන්ද සල්ලි. වෙන රටක වීසා සහ ගුවන් ටිකට් වලට මිනිස්සු කොච්චර සල්ලි යටකරනවද? ඔය කතාව කාට කාටත් අදාලයි.

    ReplyDelete
  4. !ගෘහ නිර්මාණ ශිල්පීන් ඇස්‌තමේන්තු කළ මුදලට "\\

    Architect don't doing estimates, they are only doing designing.Quantity Surveyors are the professionals doing estimates.

    If the estimate did by an architect, it's not a reason to surprise when increase the cost in 3-4 times, because they are not expert in estimation.

    Please use correct words.

    ReplyDelete
  5. ETHAKOTA DAN OKEN KIYANA WIDIHATA HORAKAM KAARLA NADDA???

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා