බුදුන්ගේ නමින් බෙල්ල කපා ගන්නා මෙහෙව් රටක්

(2011 ජුලි 05, W3Lanka) මහා පහන් කූඩුවක් ලෙස නම් කරන ආගමික ව්‍යාපාරික නිර්මානයක් විකිණීම සමබන්ධ ආරාවුලක් මුල් කර ගෙන ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පන්නල හෙට්ටිරිප්පුව ප්‍රදේශයේදී ඊයේ (04) සවස ඒ.එම්. ප්‍රගීත් නයන බණ්ඩාර (25) සහ ඩබ්ලිව්. ටී. සුමින්ද පීරිස් (28) නමැති තරුණයින් දෙදෙනකු ගෙල කපා මරා දමා ඇති බව අද දිනමිණ වාර්තා කරයි.


මහා පහන් කූඩු යනු ලංකාවේ ප්‍රචණ්ඩ කල්ලි අතට පත් වී තිබෙන ජාවාරමක් වී තිබේ. මීට කලකට ඉහත රත්මලානේ පහන කූඩුව සමබන්ධයෙන් කල්ලි දෙකක් අතර ඇති වූ දිග්ගැසුණු ගැටුම හෙතුවෙන් මිනීමැරුම් මාලාවක් ම සිදු විය. මිනීමැරුම්වලට අමතරව කකුල් කැපීම් රැසක් ද සිදු විය. ඇතැම්හු පොලීසි ගියේ සතුරන්ගේ කැපූ කකුල කර තබාගෙන ය.


මෙසේ මිනී මරා ගන්නේ බුදු පුදට යයි කියන නිර්මාන වෙනුවෙන් වීම හාස්‍යජනක ද ඛෙදජනක ද යන්න අපැහැදිලි ය.


පහන් කූඩු ජාවාරම සිදු වන්නේ සමාජයේ පාතාල කණ්ඩායම් ආශ්‍රිතව ය. එහෙත්, තවත් ආගමික ජාවාරම් රැසක් බුදුන්ගේ ශ්‍රී නාමය පාවිච්චි කරමින් සමාජය වසා පැතිරී ඇත. විචිත්‍ර ධර්ම කථිකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා භික්ෂූහු බුදුන් දෙසූ බණ නැවත කීමට ගායකයන් සංගීත සංදර්ශනවල ගී ගැයීමට අය කරන්නා සේ මුදල් අය කරති.


බෞද්ධ පොත පත පළ කිරීම ව්‍යාපාරයක වුව ද එය හොඳ දෙයකි. එහෙත්, ඇතැමෙක් බුදු දහම පමණක් නො ව බුද්ධ චරිතය පවා ඝාතනය කරන පොත පත පළ කර විකිණීමේ ජාවාරම් කරති. මෙ දිනවල එසේ නූගත් ජනතාව අතර අලෙවි කෙරෙමින් ඇති ජාතිවාදය හා මුසු කළ පුහු මතවාදයකට අනුව අනුව බුදුන් ඉපදී ජීවත් වූ හා ධර්ම ප්‍රචාරය සිදු කළ තැන් සියල්ල ඇත්තේ ලංකාවේ ය.


පසුගිය සමයේ පිණ්ඩපාතය සඳහා වැඩම කිරීම වැනි සංඝ පිළිවෙත් පවා විහිළුවට ලක් කෙරිණි. 2600වන සමබුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සංවිධානය කරන එක් පිණ්ඩපාත උත්සවයක් අහම්බෙන් දැක ගැනීමට ලේඛකයාට අවස්ථාව ලැබිණි. පිණ්ඩපාතය පිණිස වැඩම කිරීම සංවිධානය කර තිබුණේ පිටටනියක ය. එතැනට භික්ෂූන් වැඩියේ වෑන් රියකිනි. එයින් බැස පාත්‍ර රැගෙන ආ භිකෂූන්ගේ පාත්‍රවලට දායකයෝ මුදල් හා වෙනත් භාණ්ඩ දැමූ හ. භික්ෂූන් පිටුපසින් පෙට්ටි රැගෙන ඇබිත්තයන් පිරිසක් පැමිණි අතර භිකෂූහු සිය පාත්‍රයට වැටෙන මුදල් කවර හැර සෙසු දේ අර පෙට්ටියට දැමූ හ. කිසිවෙකු පිසූ ආහාර දන් නො දුන් අතර පිණ්ඩපාතයට වැඩීම නම් මෙම උත්සවයෙන් පසු එක් භික්ෂුවක් දේශනාවක් පවත්වා අනතුරුව සියලු දෙනා වෑන් රථවල නැඟී ආපසු ගිය හ.


මෙ රටේ ආගමට සංස්කෘතියට එරෙහිව බටහිර කුමන්ත්‍රණ ඇතැයි ‍ඇතැමෙක් කෙඳිරි ගාති. අපට නම් පෙනෙන අන්දමින් මෙ කුමන්ත්‍රණ ඇත්තේ අප අතර ම ය.


බුදු දහම ආර්ථික ලාභ, දේශපාලන බලය හා ලෞකික සැප සඳහා යොදා ගන්නා නායකයෝ මෙම තත්වයට වගකිව යුත්තෝ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ගිය ටිකේ w3 ට web හිට්ස් නැතුවම තියෙන්න ඇති.

    ආයෙත් මොකක් හරි හුටපටයකට බුදුන් වහන්සේගේ නම ඈදල හිට්ස් ටිකක් ගන්න ආවද???

    ඕන මානසික ප්‍රශ්නයක් සහෝ ඉක්මණට හො ද කරගන්න....

    ඔයාගේ මේ එහා පැත්තේ ඉන්න ෆොලෝවර්ස්ලත් ඔයා වගේම මානසික ලෙඩ්ඩු වෙන්න ඇති නේද!!!

    ReplyDelete
  2. මම මේ කාරණාව වෙනත් බ්ලොග් එකකත් කියලා තියනවා. ලංකාවේ සමහර බෞද්ධයෝ සහ දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ බුද්ධාගම අයිති අපට කියලා.අපි තමයි පිරිසිදු බෞද්ධයෝ, අපි තමයි බුද්ධාගමේ අයිති කාරයෝ කියලා. නමුත් ඇත්තටම බැලුවොත් බුද්ධාගම නැතිකරන්නේ ලංකාවේ මිනිස්සු. අපේ බෞද්ධකම ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි.

    ReplyDelete
  3. මෙවා අපිටත් පෙනවා මහත්තයො.. ඔයාට වගෙම අපිත් දුකෙන් ඉන්නෙ.. මෙ කඩා වැටිම ගැන.. කතා කරන එකත් තෙරුමක් නැහැ.. බුදුහාමුදුරුවන් වත් විකුණන් කන සිවුරු දවටගන මෙ කරන විගඩම් වල අවසානය වැඩි ඇතක නෙමෙ... හොදම දෙ තමන්ගෙ ඇතුලෙ සංසාර පුරුදු වගා කර ගන්න එක.. මොකද ලංකාවෙ පිරිසිදු බුදුදහම තියනවායි කියලා උඩ පැන්නට මුන් මෙතන නටන විගඩම් වලට අනුව නම් මට දැනෙන විදියට බුදුදහමක් නැහැ. නිකන් පාලි මන්තර ටිකක් කියවලා පංසලෙන් එලියට ආවට පස්සෙ ජවුසන් නටන හිස් මිනිස්සු ටිකක් මම පාරෙ දකින්නෙ. හොදම වැඩෙ තමන්ව මෙ හැම තැනකදිම ආරක්ෂා කර ගැනිම...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා