ලංකාවේ ජනප්‍රිය ම රූපවාහිනී චැනලය චැනල් - 4

(2011 ජුලි 03, W3Lanka) මේ වන විට ලංකාවේ ජනප්‍රිය ම රූපවාහිනී චැනලය චැනල් - 4 බව නවතම සමීක්ෂණ වාර්තා පවසයි.


චැනල් - 4 රුපවාහිනියේ ප්‍රචාරක කටයුතු භාර ගෙන ඇත්තේ රාජ්‍ය මාධ්‍යයි. මේ වන විට රාජ්‍ය මාධ්‍යවල වැඩියෙන් ම සඳහන් වන වචනය වී ඇත්තේ චැනල් - 4 ය. 


චැනල් - 4 ප්‍රචාරක කටයුතු සමග අලුතෙන් ම සම්බන්ධ වී සිටින අගමැති දි.මු. ජයරත්න එය සංඝරත්නයට පෙන්නන්නට සැලසුම් කරමින් සිටින අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බෑන් කී මූන් සමග ජෝඩු දමාගෙන ඇමරිකාවේදී චැනල් - 4 බලන බව වාර්තා වේ.


ලංකාවේ සබන්, දත් බෙහෙත්, කිරිපිටි, දරකථන සමාගම් පවා මේ වන විට චැනල් - 4 රූපවාහිනියේ දැන්වීම් පළ කිරීම සදහා ක්‍රම සොයමින් සිටින බව ද වාර්තා වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ශවේන්ද්‍ර මීටීමක දාපු චන්ඩි පාට් එක අගමැති කියන්නේ එ.ජා. සංවිධානේ කළ කතාවක් කියල... අගමැති තුමා චැනල් එකේ නම දන්නෙත් නෑ.. ෆිල්ම් එකේ නම දන්නෙත් නෑ.. ජාත්‍යන්තරයට කරුණු පහදන්නෙ කොහෙද ඉතින්. මී හරක් නම් ඕවා අහල පිලිගන්නව ඇති..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා