ඉන්දිලා හා සිංහල බ්ලොග් අවකාශයේ සර්ව බලධාරීන් වන්නට උත්සාහ කළ වෙනත් අයට

(2011 ජුනි 13, W3Lanka) "It is not suitable to use this image. The lady in the image is a journalist and actress and currently live in America. She is someone who publically appear on behalf the democrazy in Sri Lanka. Specially she has shown her displeasure to this government specially with reagrds to the revnges taken against Sarath Fonseka.


Admin, If you use this image, it clearly shows that your ignorence on the matter. So I may not belive in your other points as well."


විසි වසරකට පෙර කරුණා අම්මාන්ගේ කොටි සංවිධානය විසින් යටත් වූ පසු මරා දමන ලද පොලිස් නිලධාරීන්ගේ කතාව යළි අවධානයට මැයෙන් අප විසින් 2010 ඔක්තෝබර් 21 දින තබන ලද බ්ලොග් සටහනෙහි ප්‍රතිචාර තී‍රයේ ඊයේ දින මෙම සටහන තැබුවේ 'ඉන්දි' කෙනෙකු විසිනි. මෙම ඡායාරූපය යෙදීමෙන් ලේඛකයා එම ඡායාරූපයේ සිටින කාන්තාව ගැන නො දන්නා බව පෙනෙන බවත්, එහෙයින් තමන් ඔහු ලියන අනෙක් දේ ගැන විශ්වාස නො කරන බවත් ඉන්දි පවසයි.



ලේඛකයා කොහොමත් දේශපාලකයන් ආශ්‍රය කරන කාන්තාවන් ගැන හෝ ලංකාවෙන් සංක්‍රමණය වී විදේශ ර‍ටවල වෙසෙමින් ලංකාව ගැන මහා ආදරයකින් කතා කරන සමාජය ගැන හෝ දන්නේ අල්පයකි.


මෙම අදහස් පළ කරන්නාගේ ප්‍රතිචාරයට ගරු කරමින් අපි එම ඡායාරූපය ඉවත් කළෙමු. එයින් සිත් වේදනාවක් ඇති වූ අයගෙන් අපි සමාව අයදිමු.


අප ලියන්නේ උපහාසාත්මක හා තියුණු විවේචනාත්මක ශෛලියකින් බව අපේ පාඨකයෝ දනිති. එසේ ම, අපි සිංහල ජාතිකවාදී පදනම පියමං කර ලාංකීය ජාතියක් වෙත සංවර්ධනය වීම පිළිබඳව ද, ධනවාදයට හා සුළු ධනේශ්වර හෙවත් ඊනියා මධ්‍යම පංතික පසුගාමිත්වයට එරෙහිව ද දැඩිව විවේචනය කරන බව ද ඔවුහු දනිති. 


කලකට ඉහතදී සිංහල බ්ලොග්කරුවන්ට ප්‍රසිද්ධියේ අවමන් කරමින් සිටි එක්තරා ඉංග්‍රීසියෙන් ලියන සිංහල ඉන්දි කෙනෙකු ගැන අපට දැන ගන්නට ලැබිණි. ඒ ඉන්දි හා මේ ඉන්දි එක් අයෙකු ද යන්න අපි නො දනිමු. සොයන්නට කාලය දීමට තරම් වැදගත්කමක් ද මෙම කරුණේ නැත.


'I may not belive in your other points as well' යන යෙදුම ගැන අපට මේ ඉන්දිට කීමට ඇත්තේ ඔබ හරි ම පටු කල්පනා ඇත්තකු බවයි. මෙම බ්ලොගයේ දැනට සටහන් 1750ක් පමණ ඇත. එක් කරුණක් නිසා අනෙක් සියල්ල ගැන නිගමන නිකුත් කිරීමෙන් වළකින්න.


සිංහල බ්ලොග් අවකාශය පාලනය කරන දෙවිවරුන් වන්නට උත්සාහ කළ කාලිංග අයියලා, ටැබූ සබ්ජෙක්ට්ස්ලා වැනි අය ද රාජ්‍ය නො වන සංවිධාන බ්ලොග් සින්ඩිකේටර් හිමියන් ද සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රගමනය හමුවේ කලබල වූ බව අපි දනිමු.


අප ඔබට කියන්නේ පුරවැසි මාධ්‍ය කලාව යනු කුමක්දැයි යළි හදාරන ලෙසයි. සිංහල පුරවැසියන් අන්තර්ජාල පුරවැසියන් වීම පාලනය කිරීමට ඔබට එදා යම් බලයක් තිබෙන්නට ඇත. දැන් ඒ යුගය අවසන් ය. පුරවැසි මාධ්‍ය කලාවට ප්‍රජාතන්ත්‍රවාදීව වැඩෙන්නට ඉඩ දීම කාගේත් වගකීමකි.


විශ්වාස නො කරන්න. එහෙත් විවේචනාත්මක වීමේදී පටු කල්පනාකාරී නො වන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "So I may not belive in your other points as well."මේකනම් පිස්සු කතාවක්. ඒත් සුනාලි රත්නායක ගැන කරන සඳහනේනම් ඇත්තක් තියෙනවා.

    ReplyDelete
  2. අදුරෙ අතපතගානව විතරයි...කෝ අපි දන්න ඉන්දියෙක් නෑ...අපිව නිකන් නස්තාර කරනව මේ අය...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා