බස් ස්ට්‍රයික්: ජනතාව පයින් හෝ ගොස් වැඩ

(2011 ජුනි 24, W3Lanka) මේ රටේ ආණ්ඩුවකුත් ඇත. ඒත්, ලබන සඳුදා වැඩට යන්නට බස් තිබේ ද කිව නො හැක.


ප්‍රයිවෙට් බස්කාරයෝ හිටි හැටියේ ස්ට්‍රයික් ය. ඔවුන්ට ලංගමෙන්, පොලිසියෙන් කරදරලු. ලංගම භාරව ඉන්න ඇමති ප්‍රයිවෙට් බස් හිමියෙකි. 


ප්‍රයිවේට් බස්කාරයන්ට කැමති හැටියට පාරේ වමෙන්, දකුණෙන්, සෙනග වහලේ, සීට් යට පටවාගෙන කැමති වේගයකින් හෝ හෙමින් යන්නට පමණක් නොව ලංගමත් එක්ක පාරේ ගුටි ඇන ගන්නට ද ආණ්ඩුව දැනටත් ඉඩ දී තිබේ.


දැන් 7.6%කින් බස් ගාස්තුව ද වැඩි කර දී ඇත. ප්‍රයිවෙට් බස් මුදලාලි ඇමතිවරයා වහා කීවේ දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවයි. එවිට ප්‍රයිවෙට් බස්වල සෙනග අඩු වීම වැළකේ. 


ප්‍රයිවෙට් බස්කාරයන්ගේ චණ්ඩියා වන්නට ආණ්ඩුව සහ අනෙකුත් සංගම් සමග තරග වැටී සිටින (දුටු)ගැමුණු විජේරත්නට බස් ගාස්තුව 15%කින් වැඩි කිරීමට උවමනා ය. නැතිනම් 27දා, සඳුදා සිට බස් වර්ජනය කරවන බව ඔහු කියයි. 


වසර දෙකකකින් ගාස්තු වැඩි නො කළ නිසා දුන් වැඩි වීම මදි බව ඔහු කියයි. ඔහු වැරදි ය. ඔහු මේ රටේ වැඩ කරන ජනතාව අනුගමනය කළ යුතු ය.


මේ ර‍ටේ වැඩ කරන ජනතාවට දැන් වසර ගණනාවකින් හරි හමන් වැටුප් වැඩි වීමක් නැත. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා වෙනුවට ආණ්ඩුව කලින් ද කර ඇත්තේ යම් දීමනාවක් ලබා දීමයි. එහෙත් වැඩ කරන ජනතාව කර බාගෙන වැඩ කරති. එපමණක් නො ව, වැඩි කරන, කරන හැම බද්ද ම ගෙවති. ස්ට්‍රයික් නො කරති. 


ජනතාව කොපමණ හොද ද යත්, ජුලි 01දා සිට බස් ගාස්තු වැඩි කරන අර්ධ සුඛෝපභෝගී හා සුඛෝපභෝගී බස්වල ඔවුන් යන්නේ පොලුවල එල්ලී, තනි කකුලෙන් හිටගෙන ය. 


වවුලාගේ මඟුල් ගෙදර ගිය කල එල්ලී සිටින්නට සිදු වන බව ජනතාව දනිති. ජුලි මස අවසානයේදී තවත් පළාත් පාලන ආයතන හැට ගණනක ඡන්දවලින් ද ඔවුහු ආණ්ඩුව දිනවති. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ආදර්සමත් ජනතාව ඵහෙම තමයි.ඔහොමයන් ඔහොමයන්.....

    ReplyDelete
  2. අවම ගාස්තුව රුපියලකින් වැඩි කරපු එකම ඇති මුන්ට.....
    පුඵවන් පුඵවන් හැම එකාම මොන ජාති දාල හරි තමන්ගෙ කොටස වැඩි කරගන්නව. ඒවත් එක්ක ගෙවන්න වෙන්නෙ අපි වගේ එවන්ටම තමයි.

    ReplyDelete
  3. අර්ධ සුඛෝපභෝගී බස් එකේ රුපියල් 120 කුත් දීල අපි යන්නෙ ෆුට් බෝඩ් එකෙත් තනි කකුලෙන් සමහර දවස් වලට...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා