වාසුදේව නම් කෝකිලයා

චිත්‍ර ශිල්පී සමීර කළුපහන වාසු සහෝදරයාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිර්මානය කරමින් 
(2011 ජුනි 23, W3Lanka) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු බවට පත් වන තෙක් අපි වාසුදේව සහෝදරයා සමග බොහෝ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදුනෙමු. මෑතදී අගලවත්තේ පැවති කොල්වින් ආර්. ද සිල්වා සමරු සම්මන්ත්‍රණයකට පැමිණි ඔහු කොල්වින්ගේ වෘත්තීය සමිති නායකත්වය පිළිබඳ කතාවක් කරනු ලේඛකයා අසා සිටියේ ය. ඉස්සර මෙන් රැස්වීමෙන් පසු වාසු සහෝදරයා සමග කතා කරන ඇල්මක් ලේඛකයාට ඇති වූයේ නැත.


ජනාධිපති උපදේශක ලෙස වැටුප් ගන්නා මුත්, ජනාධිපති ඔහුගෙන් ගන්නා උපදෙසක් නැති බව දන්නෝ දනිති. එහෙත්, ජනාධිපති උපදේශක හැඳුනුම්පත පෙන්නූ විට වාසු සහෝදරයාට බලය ඇත්තන්ගෙන් වෙනදාට වඩා සැලකිලි ලැබිණි. එහෙයින්, වාසු සහෝදරයාගේ ජනාධිපති උපදේශකකම පසුගිය භීෂණ සමයේදී වාමාංශිකයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට, ජනමාධ්‍යකරුවන්ට, දෙමළ මිනිසුන්ට පිළිසරණක් සැපයීම සඳහා ‍භාවිතා වූ අවස්ථා බොහෝ තිබේ.


වාසු සහෝදරයා ජනාධිපති උපදේශක බලය පාවිච්චි කර මුදල් හම්බ කරන්නට ඇතැයි අපි නො සිතමු. ඡන්දවලට වියදම් කරන්නට යමක් සොයා ගන්නට නම් ඇත. වමේ පක්ෂයකින් ඡන්දය ඉල්ලූ විට ඡන්ද දෙතුන් දාහකට වඩා ලබා ගන්නට අසමත් වාසු සහෝදරයා හැමදාමත් පාර්ලිමේන්තු ගියේ පෙරමුණකිත් මැතිවරණ තරග කරමිනි.


1994 මහ මැතිවරණයේදී පොදු පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තු ගිය වාසු සහෝදරයා ඉන්පසු මැතිවරණ පරාජය වී නන්නත්තාර ම වූයේ ය. චන්ද්‍රිකාගෙන් කැපී, සමසමාජ පක්ෂයෙන්වත් ඡන්දයකට තරග කිරීමේ අවස්ථාවක් නො ලද ඔහුට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලෙන්නට අත දුන්නේ ඔහුගේ පැරණි මිතුරකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. වැඩක් ඇතුවා හෝ නැතුවා හෝ අද ඔහු කෙසේ හෝ ඇමති තනතුරක් හොබවයි.


ඇමතිවරයකු වීම සඳහා වාසුදේව සහෝදරයාට සිය මුල් ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් අතහැර දමන්නට සිදු විය. ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ වාම ස්ථාවරය හා සුළු ජන අයිතිවාසිකම් පිළිබඳ ස්ථාවරය ද, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා දූෂණ පිළිබඳ ස්ථාවරය ද එසේ අතහැර දමන්නට සිදු වූ ඒවා අතරින් කීපයකි. බලාගෙන ගිය විට අතහැර නො දැමූ ප්‍රතිපත්තියක් තිබේ ද කියා සැක සිතේ.


මේ අර්බුදකාරී සමයේ ඇමතිකම රැක ගන්නට නම් මේ වියපත් වාමාංශිකයාට තව බොහෝ දේ අතහැර දමන්නට සිදු වනු ඇත.


තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්‌ථාපනය කිරීම හා නිල තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්‌වීම සඳහා එජාප මන්ත්‍රී කරු ජයසූරිය විසින් ජුනි 20දා ඉදිරිපත් කරන ලද යෝජනාවට වාසු විරුද්ධයි කියා ඡන්දය දුන් විට විපක්ෂ මන්ත්‍රීන් 'කෝ ප්‍රතිපත්ති?' කියා කෑගැසූ හ.


වාසුදේවගේ ප්‍රතිපත්ති තීරණය වන සරළ සමීකරණය නිර්මානය වන්නේ පාර්ලිමේන්තුවේ රැ‍ඳෙන්නට ඔහුට ලැබෙන අවස්ථාව මතයි.


වාසු සහෝදරයා දන්නා දේශපාලනය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම, පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීම, විපක්ෂයේ සිටින කාලයේ නම් පාර්ලිමේන්තුවෙන් පිටතට ඔසවාගෙන යන්නට සිදු වන අන්දමේ කලහයක් ඇති කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජනමාධ්‍ය හමුවේ හා වෙනත් රැස්වීම් ආදියේ පෙනී සිටීම, පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කර පීඩිතයකුට උදව් වීම ආදියයි.


එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි වීම ඔහුට අනුව මාළුවාට වතුර අහිමි වීම වැනි ය. මෙම උපමාවේ නිර්මාතෘවරයා මේ කතා ඇසුවා නම් බඩ කපාගෙන මැරෙනු ඇත.


ප්‍රතිපත්ති කෙතරම් පාවා දුන්නත් වාසු සහෝදරයා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල නායකයන් තරම් ම බලු වී නැති බව ද, ඔහුට තවමත් යම් නායකත්ව පෞරුෂයක් ඉතිරි වී ඇති බව ද අපේ අදහසයි.


ඔහුට පාර්ලිමේන්තු යන්නට ඡන්ද සොයා දෙන්නට ශක්තියක් වමට නැත. පසුගිය පළාත් සභා මැතිවරණයේදී වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා බස්නාහිර පළාත් සභාවට තේරී පත් වන්නට දැරූ උත්සාහයට අප ද උදව් කළ මුත්, එය ද අසාර්ථක විය. සිය ජීවිතය පරදුවට තබා දෙමළ ජනතාවගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය ද කොළඹ දෙමළ ජනයා ඔහු වෙනුවට තෝරා ගත්තේ නොම්මර එකේ අවස්ථාවාදියෙකි.


2004දී පොල්පිති පවා පාර්ලිමේන්තු යැවූ ජවිපෙ වාසු වැනි මිනිසකු තමන් වෙත දිනා ගන්නට සමත් වී නම් ඇත්තෙන්ම ඔවුන්ට එයින් යමක් ලබා ගන්නට තිබිණි. එහෙත්, ජවිපෙ වාසු වැනි පෞරුෂයන්ට බය ය.


වාසු සහෝදරයා මොන තරම් ප්‍රතිපත්ති පාවා දුන්නත්, ඔහු විමල්, නන්දන, පියසිරි වැනි අය තරම් නීච තත්වයට පත් වන්නේ නැති බව අපේ විශ්වාසයයි.


වාසුට ජනතාව අවශ්‍ය ය.


අප දන්නා තරමින් වාමාංශිකයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට උද්ඝෝෂණ කරන්නට මැත කාලයේදී වැඩි ම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් ලැබුණේ 2001 - 2003 සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී ය. රනිල් විසින් ගෙන එන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් වූ නව ලිබරල් වැඩසටහන පරාජය කිරීම සඳහා වම හා සිවිල් සමාජය දැවැන්ත ජන බලමුළු ගැන්වීමක් කළේ ය. එහි මූලිකත්වය ගත් මානව හිමිකම් හා ජාතික සම්පත් සුරැකීමේ සන්ධානය සමග එක් වූ වාසු සහෝදරයා එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණවල ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු විය. මහින්ද රාජපක්ෂ සමග ඩීල් එක දමා ගැනීම සඳහා ඇතැම් විට ඔහු මේ බලය පාවිච්චි කරන්නට ඇත. එදා පොදු උද්ඝෝසණවල නායකයන් ලෙස පෙනී සිටි බොහෝ අය එවැනි ඩීල් දමා ගත් හ. ලාභ ම ඩීල් එකක් දමා ගත් ජාතික සම්පත් සුරැකීමේ සන්ධානයේ නායක මහමාන්කඩවල පියරතන හිමි සංස්ථා අධ්‍යක්ෂකමකින් තෘප්තිමත් විය. බලාගෙන ගියාම උන්නාන්සේ අනෙක් දේශපාලක හාමුදුරුවරුන්ට වඩා සෑහෙන්න අල්පේච්ඡ ය. ඇසුරේ හොඳකම නිසා වන්නට ඇත. 


එහෙත්, ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නම් බෝඩ් ලෑලි පක්ෂයක නායකයා වූ වාසු සහෝදරයාට මෙම උද්ඝෝෂණවලදී සිය බැනරය ඔසවා ගෙන යාමට තරම් හෝ සෙනඟක් ගෙන ඒමට බැරි විය. වෙනත් අය විශාල වෙහෙසක් දරා සංවිධානය කරන උද්ඝෝෂණ වාර්තා කරන්නට පැමිණෙන මාධ්‍ය උද්ඝෝෂණයේ වාසු සහෝදරයා සිටිනු දුටු විට වහා පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනියි. වාසුදේව සහෝදරයා පොරි හැලෙන්නට දෙන්නේ හරියට ඒ සෙනග ගෙන්නුවේ තමන් වගේ ය.


මෙම ක්‍රියාව නිසා කලක් අපි ඔහු සහ එවැනි ම ක්‍රියාවක නියැලුණ ඔහුගේ පැරණි නායකයා වූ බාහු සහෝදරයා හැඳින්වූයේ කෝකිලයන් කියා ය. මන්ද, ‍කෝකිලයා හෙවත් කොහා කරන්නේ අනුන්ගේ කූඩුවල බිත්තර දැමීම නිසා ය.


වම කියා අවසානයේදී ඉතිරි වුණේ ඔය වැනි ජෝක් කෑලි ටිකක් පමණි. වාසු සහෝදරයාගේ ඉරණම ගැන වම පමණක් නො ව, සමස්ත ලාංකීය සමාජය ම කණගාටු විය යුතු ය. ඔහු කරන්නේ ඔහු දන්නා දේශපාලනයයි. එය කරන්නට වමේ මන්ත්‍රීවරයකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට යවන්නට ශක්තියක් වමට නැත. එය සංවිධානය කර ගන්නට අවශ්‍ය නායකත්ව පෞරුෂය ඔහුට නැත. ඔහු සංවිධායකයකු නො වේ.


පසුගිය පළාත් සභා ඡන්දයට තරග කළ වික්‍රමබාහු සහෝදරයා ඔහුගේ වාමාංශික හිතවතුන් විසින් බේරේ වැව අයිනේ ගුරු මැදුරේ සංවිධානය කරන ලද ඔහුගේ මැතිවරණ බ්ලොග් අඩවිය දියත් කිරීමේ උත්සවයකදී කළ සංවේදී කතාවක් ලේඛකයාට සිහිපත් වේ. ඔහු ඉල්ලා සිටියේ ජීවිත කාලය ම දේශපාලනය වෙනුවෙන් කැප කළ ඔහුට එකී කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කිසියම් පිළිගත් මහජන සභාවකට තේරී පත් වීම අවශ්‍ය නිසා එයට උදව් කරන ලෙසයි.


බාහුට එහෙම වනවා නම් වාසු ගැන කවර කතා ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වාසු යනු දේශපාලන මල මිනියකි. මෙවැනි දේශපාලන මල මිනී ගැන ලිවීම මෙන්ම කියවීමද කාලය කා දැමීමකි.
    18 වෙනි සංශෝධනයට පක්ෂව චන්දය දුන් වාසු වැනි මිනිසෙකු ගැන ඔබ මෙවැනි ලිප්යක් ලිව්වේ ඇයිදැය් නොතේරේ.

    ReplyDelete
  2. සිරාවටම බාහු ගෑනයි දුක.
    ල0කවේ වම ඵක්සත්වෙනවනම් ගොඩක් හොදයි.

    ReplyDelete
  3. waasuta oba mathana sadahan nokarapu thawa deyak athaarinnata sidu wiya a ohugay namai,deng waasu pani sitinnay Wasee daywa naminya;)

    ReplyDelete
  4. යල් පැන ගිය මතවාද අල්ල ගෙන අතීතයට හිමි සිහිනයක් අනාගතේ සිදුවනු දකින්න බලන ඉන්නකොට ඔහොම වෙනවා මහත්තයෝ.

    ඔය කට්ටිය කියන හැටියට මේක මේ චන්දදායකයින්ගේ වැරැද්ද නෙ. තමන්ගේ වරදක් හෙම නොවේ.

    ReplyDelete
  5. මටනම් හිතෙන්නේ වාසු වල පයයි ගොඩ පයයි තියෙන කාලේ හරි යථාර්තය අවබෝධ කර ගත්තා කියලයි. ඒ කාලේ මෙලෝ වැඩකට නැති දේවල් කරලා මුළු ජීවිතේම නාස්ති කර ගත්තා. දැන් ඇමති කමෙන් මොනවාහරි කරන්න පුළුවන්. මුකුත් නොකර ඉන්නවට වඩා හොඳයි රට වෙනුවෙන් අවම දේවත් කරන එක. හැබයි බාහුට නම් තාම තේරිලා නැහැ. උන්නැහෙත් මැරෙනකම්ම ඔය විදිහට යයි. අඩුම ගානේ බාහු ආයෙත් විශ්ව විද්‍යාලයේ උගන්නන්න පටන් ගත්තොත් එක වැඩක් හරි රට වෙනුවෙන් කලා කියලා සතුටු වෙන්න පුළුවන්. නැත්තම් උන්නැහෙට ඉතුරු වෙන්නේ සුළු ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිළිගන්නවා කිය කියා කොටියට කඩේ ගිය අවධිය සිහිපත් කරමින් පශ්චාත්තාප වෙන එක විතරයි.

    ReplyDelete
  6. බාහු ගැන නං කියන්න තියෙන්නේ විලේ ඉන්න ගෙම්බන්ට ඕනෑ ලී කොටයක් කියන එකයි. බාහු ලා අපිට හෙඳ වැඩියි.

    වාසු ගැන නම් මොනවා කියන්නද?

    මං වාසුව ලඟට දැකලා තියෙන්නේ මගුල් ගෙදරකදීයී.
    මේ මගුලට අත්සන් කළේ වාසු සහ සරත් මුත්තෙට්ටුවේගම.

    මගුල මාස තුනෙන් කැඩුණා!

    ReplyDelete
  7. නොම්මර් එකේ අවස්ථාවාදියෙක්........

    මර්වින් සිල්වල.. නලීන් ද සිල්වල මෙයාට වැඩිය හොඳයි..

    ඒ මිනිස්සුන්ට ප්‍රතිපත්තියක් තියෙනව.....

    ReplyDelete
  8. Me Wiyapath Mahalla Tharunakalayedee Ithama sanwedee Peeditha Janathawa wewnuwen handa nagapu akaraya apata hondata mathakai. Eda Ohu Ape Kalaye Weerayek Widiyata Thama Api Salakuwe. Mahaluwiyata Pathawana Wita Lona Karimayakatada Manda Mole Amaruwak Athiwela Karapu Kiyapu Okkoma Amathakawela MAHARAJATA Kade Yanna Patana Gaththa. Dannam MAHARAJAGEN Pita Gamek Me Naki Hitapu Wamanshikayata nam Neha.Mahindayagen Labena
    Sapa Sampath Walata YataWune MARANA MANCHAKAYA PENNAWATH PATANGATH NISADA?

    ReplyDelete
  9. Dr.Wicramabahu Karunarathne,
    B.Sc.(Electrical Engineering, Ceylon)
    Ph.D.(Cambridge)

    The final politcal conscience of sri Lanka.
    After him no political left in sri Lanka.

    Clement Peris
    Calgary

    ReplyDelete
  10. @ sujeewa

    // යල් පැන ගිය මතවාද අල්ල ගෙන අතීතයට හිමි සිහිනයක් අනාගතේ සිදුවනු දකින්න බලන ඉන්නකොට ඔහොම වෙනවා මහත්තයෝ.

    ඔය කට්ටිය කියන හැටියට මේක මේ චන්දදායකයින්ගේ වැරැද්ද නෙ. තමන්ගේ වරදක් හෙම නොවේ.
    //

    ඔය මහත්තයා පහුගිය චන්දෙදි මහින්දටනෙ කැස්සෙ නේද?එහෙම කැහැල යල් පැනපු මතවාද ගැන කතාකරන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද?ඔයා කැහැපු පිලේ ඉන්න රට කන අල්ලස් ගන්න පගා ගහන මිනීමරන ඒවට සපෝට් කරන ඒව ඩිෆෙන්ඩ් කරන ඒව වහන පජාත හැත්තට වඩා වික්‍රමබාහුලා වගේ මිනිස්සු දාහක් වටිනව.වික්‍රමබාහුලාට ඔය ආණ්ඩුවකට සෙට් වෙලා මොකක් හරි ගතමන්ට් එකක් ගහගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි.ප්‍රතිපත්තිගරුකව මහජනයාට වංචා නොකර දේශපාලනය කොරන එක යල්පැනපු මතවාදයක් නම් මර්වින් සිල්වා/නලින්ද සිල්වා/දුමින්ද සිල්වා පන්නයේ නූතන මතවාදයට වඩා (අමතක කරන්න එපා මේ මතවාදය බලයට පත්කරන්න ඔබතුමාලාත් කඩේ ගියා) ඒක දාහෙන් සම්පතයි

    - ප්‍රවීන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා