අරගලය අරඹන්න! ඇවිලෙන පොලොව මත සීරුවෙන් ඇවිදගෙන එන්න! ආණ්ඩුව බලාගෙන සිටියි!

ඇවිලෙන පොලොවට පෙරවදනක්!


ආරාධනයයි!


ඇවිලෙන පොලොව මත,
සීරුවෙන් ඇවිදින්න.


එන්න,
මසුරන් වටින
ඔබේ පිදුරු මිටත් රැගෙන,
පත්තු වෙන අරගලයට
එකතු කරන්න.




ජූනි 13 පස්වරු 03.00 ට
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට


වැටුප්, විශ්‍රාම වැටුප් හා මානව හිම්කම් ගැන සම්මන්ත්‍රණය.


-අනිත් කට්ටිය


'අනිත් කට්ටිය' විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා විවෘත කතිකාව පිළිබඳ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු සහ ක්‍රියාකාරිනියක අද පාන්දර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සම්මන්ත්‍රණයේ සංවිධායකයෝ පවසති.


තරමක් වෙනස් අන්දමක ප්‍රචාරයක යෙදුණු මෙම වැඩසටහනේ ප්‍රචාරක පෝස්ටරවල ඇති සාහිත්‍යමය යෙදුම් මහජන කැළඹීම් ඇති කරනසුළු බව පොලිසියේ අදහස වී ඇති බව වාර්තා වේ.


අනේ පොලිසිය දන්න සාහිත්‍යය!



Stick no Bills / Beware of Dogs

It is not a a question of changing actualities - not always and at all times, at any rate. 
It is also, and more so, a matter of changing possibilities - changing the line of demarcation between the possible and the impossible. 
Does the university Lecturers' non-conventional trade union action has anything to tell us about holding a point of impossibility?

What does the uprisings in Katunayaka teach us about these potentialities? 

Come to the Public Lbirary Auditorium, on the 13th of June at 3.00 pm.
Let us talk, and perhaps' let us do......"

ANITH KATTIYA


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Shame on them!... the officers and the once who officiate them for they do not seem to comprehend the richness of the the so called 'official language' of this country !
    Shame on us!.....the so called 'citizens' of this country for we still seem to believe that the day would not come when anybody could be arrested for standing by the side of the road, claiming to have committed the a dubious crime called 'Spying to overthrow a democratically elected government'! Good Luck!

    ReplyDelete
  2. "ගම් පෙරලිය" ලඟතබාගැනීමත් වරදක් වූ යුගයක් තිබුන රටක්නෙ මේක.

    ReplyDelete
  3. අද පාන්දර..... වැහි පොද වැටෙද්දිත්...... ඇවිලෙන පොලොව මත සීරුවෙන් ඇවිද ගිය මා ඇතුළු තවත් සහෝදරයෙක් හා සහෝදරියක් බොරැල්ල පොලීසියට කුදලාගෙන යන ලදි.
    අපෙන් අසන ලද ප්‍රශ්න.........
    පොලීසිය:
    මොනවද ගහන පොස්ටර්? ම්හ්.... ම්හ්.....
    බහිනව බහිනව එලියට, කෝ ගන්නව පෝස්ටර් බලන්න?

    අරගලය අරඹමු????????????
    මේක මහජනතාව කුපිත කරවන පෝස්ටරයක්නෙ....
    එනව අපේ ජීප් එක පිටිපස්සෙන්.
    (අපව බොරැල්ල ප්‍රධාන බස් නැවතුම්පල වෙත රැගෙන ගියා)
    තමුසෙල ජේ.වී.පී. ද?
    අහ්... මේ තියෙන්නෙ "අනික් කට්ටිය" කියල
    ඔය ජේ.වී.පී. එකේම කට්ටියම නේ?
    තමුසෙල වැරදි වැඩක්නෙ කරන්නෙ රටේ මේ වගේ තත්වයක් තියෙද්දි මේ වගෙ ඒව ගහන්න පුළුවන්ද?
    අරහෙ මනුස්සයෙක් වෙඩි වැදිල මරිලා මේව දැක්කම මිනිස්සු කුපිත වෙනවනෙ!?
    තමුසෙල සම්මන්ත්‍රණ තියා ගන්නව ඕවට මිනිස්සු ගෙන්නන්න ඕන් නෑනෙ?
    (පසුව අපව බොරැල්ල පොලීසිය වෙත රැගෙන ගොස් පැය 3ක් පමණ රදවා තබාගෙන කට උත්තර සටහන් කර මුදා හැරියා)

    අපි:
    ඉතින් දීපංකො උත්තර!!!!!!!!!!!!!

    -අනික් කට්ටිය-

    ReplyDelete
  4. This is not a surprise. Police Lokko Dana Gahala Desapalakayanta Wandina Kalayak Meka...

    The other side of the coin is that the rapists becoming politicians and walking on the streets with Lumpans - waving Batons/Barb Wires - against people's power...

    This is 1789...not 1917

    ReplyDelete
  5. දෙයකට යන්න විශ්වාශයක් ගොඩනගා ගත්ත කට්ටියක් වෙන්න ඕනි කවුද මේ අනිත් කට්ටිය...????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා