ලංකා ඊ නිව්ස් හා ශාන්ත විජේසූරිය පිළිබඳ ප්‍රශ්නය අවසාන නැත

(2011 ජුනි 09, W3Lankaමාධ්‍යවේදී ශාන්ත විජේසූරියට රිමාන්ඩ් බන්ධනාගාරගත වී සිට අධිකරණයෙන් සමාව ගැනීමට සිදු වූයේ ඔහු පූගොඩ මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා පිළිබඳ ලියූ වාර්තාවකින් අධිකරණයට අපහාසයක් කළ බවට ඔහුට එල්ල කරන ලද චෝදනාවක් හේතුවෙනි.


ශාන්ත විජේසූරිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කළ පුවතට හේතු වූයේ බීමතින් වැරදි ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යමින් සිටියදී ජීප් රියෙන් පැන තුවාල ලබා 2010 අගෝස්තු 13දා මිය ගිය සැකකරුවකුගේ මරණය පිළිබඳ අත්අඩංගුවේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යුක්තිය ඉටු නො වීම පිළිබඳ කාරණයකි. මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව සාක්කි නැති නිසා ඔවුන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා නියෝග කර තිබියදීත් මහේස්ත්‍රාත්වරයා ඔවුන් සම්බන්ධ නඩු කටයුත්ත ඉදිරියට ගෙන යමින් ඔවුන් දිගට ම රිමාන්ඩ් භාරයේ තැබීම ඔහු විසින් විවේචනයට ලක් කර තිබිණි. එයින් අධිකරණයට අපහාසයක් වී යයි පිළිගෙන ලංකා ඊ නිව්ස් පරිපාලනය සමාව ගෙන තිබියදීත්, මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර අධිකරණයේදී අවමන් සහගත ලෙස ඔහුට සමාව ගන්නට සලස්වා අවවාද කර ඔහු නිදහස් කිරීමට මෙම මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේ ය.


එපමණකින් නො නැවතී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ලංකාව තුළ විකාශය වීම අත්හිටුවීමට ද විදුලි සංදේශ නියාමන කොමිෂම හරහා පියවර ගත්තේ ය.


දැන් සිදු වී ඇත්තේ කුමක් ද?


රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය නිතමනය කර ඇති පරිදි මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා නීතියට එරෙහිව කටයුතු කර තිබේ. අත්අඩංගුවේ තබාගෙන සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස නියෝග කර ඇති අභියාචනාධිකරණය ජුනි 27දා අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරාට නියෝග කර තිබේ.


අභියාචනාධිකරණයේ තීන්දුව අනුව මෙම මහේස්ත්‍රාත්වරයා නීති විරෝධී ක්‍රියාවක යෙදු‍ණු අයෙකි. නීතියේ පාලනය පවත්වාගෙන යාමට සිටින අය නිතිය තමන් යයි සිතමින් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ උසාවි ප්‍රතිනිර්මානය කරන්නට උත්සාහ කරන්නේ නම් එය බරපතල වරදකි. එවැනි වැරදිවලට දැඩි දඬුවම් පැමිණවිය යුතුව තිබේ. නැතිනම් සිදු වන්නේ රටේ නීතියේ පාලනය වෙනුවට නීතිය අතට ගත් අන්තවාදීන්ගේ පාලනයක් රටේ ඇති වීමයි.


නීති පොත්වල නැති, සිංහල සංස්කෘතියට පවා පටහැණි ලෙස අධිකරණයේදී ප්‍රසිද්ධියේ වැඳ සමාව ගැනීම වැනි අවමන් සහගත ක්‍රියා දැනටත් රටේ සිදු වෙමින් ඇත.


අරවින්ද පෙරේරා මහේස්ත්‍රාත්වරයා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය හා මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය කෙතරම් නීත්‍යානුකූල ද යන්න ද නැවත පරික්ෂා කළ යුතු ය.


මෙහිදී ලංකා ඊ නිව්ස් අධිපතීන් මෙන් ම මාධ්‍ය සංවිධාන ද, මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ද බිය වී සමාව ගන්නා තත්වයට පත් වීම ලංකාවේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ බරපතල තත්වයක් නිර්මානය කර තිබේ. විශේෂයෙන් ම, මාධ්‍ය සංවිධාන මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය හුදකලා කිරීම බරපතල ප්‍රශ්නයකි.


අධිකරණය ගැන යමක් ලිවීම යනු අනිවාර්ය අපහාසයක් නො වේ. ප්‍රකාශනයේ නිදහස මූලික මානව හිමිකමකි. අයුක්ති සහගත දඬුවම් හරහා භීෂණයක් නිර්මානය කර, ප්‍රකාශනයේ නිදහස සීමා කර, නීති විරෝධී හා අයුක්ති සහගත අන්දමින් කටයුතු කරන්නන්ට විරුද්ධව මාධ්‍ය සංවිධාන වහා නැඟී සිටිය යුතු ය.


ලංකා ඊ නිව්ස් හා ශාන්ත විජේසූරිය පිළිබඳ ප්‍රශ්නය අවසාන නැත. එය පටන් ගත්තා පමණි. ලංකාවේ මාධ්‍ය නිදහසේ කෙරුම්කාරයිනි, ඔබ කොහි ද?


මෙම සටහන සම්බන්ධයෙන් අප පළි ගැනීමට ලක් වුවහොත් ඔබ කියන්නේ, කරන්නේ කුමක් ද?


පහත පළ වන්නේ අප විසින් පාදක කර ගන්නා ලද ඩේලි මිරර් පුවත්පතේ පළ වූ වාර්තාවයි.

The Court of Appeal yesterday ruled that Pugoda Magistrate W. Aravinda Perera had acted contrary to law by not complying with the instructions of the Attorney General to release two suspect police officers of the Kirindiwela police station due to lack of evidence.

Appeal Court President Sathya Hettige PC and Justice Upali Aberatna made this observation while ordering the Magistrate to unconditionally release the two police personnel remanded in Mahara prison and issued notice on the Pugoda Magistrate to appear in court on June 27. The court made this direction following a writ application filed by Sub Inspector W. Francis Kulasuriya and Constable Dewmuni Lakshman de Silva of the Kirindiwela police station. Contd. from A1

Pugoda Magistrate W. Aravinda Perera had remanded the two police personnel on suspicion of committing the murder of a man taken into custody. The remand order had been made despite the Attorney General’s instruction that there were no evidence against the policemen and that they be discharged.

While ordering the Pugoda Magistrate to release the two policemen unconditionally, the Court of Appeal also observed that Magistrate Aravinda Perera had acted contrary to law as he had failed to comply with the provisions contained in section 398 (2) of the Criminal Procedure Code. The Appeal Court bench stated that according to the section of the CPC, it shall be the duty of the Magistrate to carry into the effect, subject to provision of the CPC the instruction of the Attorney General.

The petitioners among others had cited Pugoda Magistrate W. Aravinda Perera and the AG as respondents.

Supporting the application counsel Shantha Jayawardena instructed by Sanjeewa Kaluarachchi informed court that the two police personnel while on patrol on August 13, 2010 had taken a person named David Amerasinghe into custody for unruly behaviour while under the influence of liquor. On the way to the police station, the suspect had jumped out of the jeep during which he had received fatal injuries. Later he had succumbed to the injuries and during the magisterial inquiry, the Pugoda Magistrate had ordered to remand Sub Inspector W. Francis Kulasuiriya and Constable Dewmuni Lakshman de Silva who were in the police jeep while releasing the driver of the jeep. The two petitioners were suspected for the murder of David Amerasinghe and bail was refused. Appearing for the prosecution of the case, on March 13, 2011 Senior State Counsel Dileepa Peiris who represented the Attorney General had moved to discharge the two suspect policemen as there was no evidence of a criminal offence.

However Magistrate Aravinda Perera had refused the instruction of the AG and ordered to file charge sheet and continue the non-summary proceeding. The petitioners further informed that the Magistrate also had refused to issue a certified copy of the case to a counsel.

They also complained that the Magistrate acted manifestly biased as they were denied a fair trial and his order was ultra virus and null and void. The procedure adapted by the Magistrate was contrary to law said the petitioners and asked that they be released and proceeding relating to the case be stopped.

Meanwhile, following a media report relating to the proceedings of this case, the Magistrate had ordered to suspend the services of Lanka E-news website within Sri Lanka for allegedly committing contempt of court and had remanded its reporter Shantha Wijesuriya. Later the journalist was released after he pleaded guilty and lifted the order on the website.

Counsel Shantha Jayawardena instructed by Sanjeewa Kaluarachchi appeared for the petitioners. Deputy Solicitor General Ysantha Kodagoda appeared for the AG.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ලංකා ඊනිවුස් එක්ක තිබ්බ කෝන්තරයක් පිරිමහගත්ත බවක් තමයි පේන්නේ.

    ReplyDelete
  2. පැරකුම් ශාන්තගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන කිහිපයක් හෝ ඔහුත් සමග ඒ අවස්ථාවේදී හිටියා.ඔහුට නීතිමය උදව් කලා. ඊ නිව්ස් අධිපති හැරෙන්නට.

    ReplyDelete
  3. Pathetic. When a lower court judge ignore the decision of appeal court how we expect justice from the Judiciary. The ordinary masses takes these as examples to follow. The people lose confidence on Judiciary, whose main function is to protect the rights of people due to these incidents. I hope Appeal Court will take this seriously.

    ReplyDelete
  4. ඊ නිව්ස් අධිපති කරපුව ෆ්‍රීඩම් දන්නෙ නැතිනම් ශාන්ත වෙනුවෙන් කතා කරපු නීතීඥ මහත්තුරුන්ගෙන් අහගන්න නොදන්න පුකවල් කතා කරන්න එපා

    ReplyDelete
  5. I hate LankaE News, they are not only against Rajapaksha's but also Our motherland. That web site is like a Kele Paththaraya. They write against our heroic forces, talk about war crimes, so they are real traitors. We need a country with harmoney among Sinhalese, Tamils and Muslims. This kind of media put poison for this peaceful environment. Anybody can write against government, and we need good criticism for better governance, but we have to protect our motherland, we have to love it. They are like pimps who use their own mother to earn money out of prostitution.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා