අරාබියෙන් කස පහර කා ලංකාවෙන් අපහාස ලබන ආශ්චර්යයේ වහල්ලු

කස පහර කෑ පිටක්
(2011 ජුනි 07, W3Lankaලංකාවේ දේශපාලකයන් ආසියාවේ ආශ්චර්යය ගැන කතා කළත් ලංකාවේ රැකියා විරහිත විශාල පිරිසක් කරන්නේ අරාබිය, උතුරු අප්‍රිකාව, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල්, ඇමරිකාව, කැනඩාව වැනි රටවල සාමාන්‍ය පංතික මිනිසුන්ගේ කසල ශෝධනය, ඉඳුල් පිඟන් සේදීම වැනි පහත් රැකියා ය.


එහෙත්, ආසියාවේ ආශ්චර්යයේ ප්‍රධාන විදේශ ආදායම් උත්පාදන මාර්ගය වන්නේ ඔවුහු ය. ලංකාවේ ජීවත් වීමේ මාර්ගයක් නැති අහිංසකයන් ලක්ෂ ගණනක් අරාබියේ සාමාන්‍ය පංතික මිනිසුන්ගේ වහලුන් ලෙස වැඩ කරන බව ජාතියේ ආඩම්බරකාර තාත්තලා, බාප්පලා, පුතාලා හොඳින් දනිති. මේ රටේ සිදු වන ආර්ථික විගඩම් බොහොමයක බරපැන දරන්නේ මේ වහල්ලු ය.


ඔවුන්ට අයිතිවාසිකම් නැත. ගෘහ සේවිකා වහලියකගේ ඇ‍ඟේ ඇණ ගැසූ කිසිදු හාම්පුතකුට එ‍රට අධිකරණයකින් දඬුවමක් ලබා දීමට ලංකාවේ රජය සමත් වී නැත.


ලංකාවේ මෙන් ම අරාබියේ ද ඒජන්සිකාරයන්ගේ හොර වැඩ නිසා අඩු වයසින් අරාබියට ගිය, බාල වයස්තාර දැරියකව සිටියදී එරට අධිකරණයකින් මිනීමැරුමක වැරදිකාරිය බවට පත් කරන ලද රිසානා නෆීක්ට සාධාරණයක් ලබා දීමට තවමත් ලංකාවේ රජය සමත් වී නැත. ඇය නිදහස් කරන ලෙස ලංකාවේ රාජ්‍ය නායකයා කළ ඉල්ලීම පවා සවුදි රජය පඩයකට ගණන් ගත්තේ නැත. අපට තිබෙන පිළිගැනීම එච්චර ය.


සවුදි අරාබිය වැනි තෙල් සල්ලියෙන් දියුණු වී ඇති, නො දියුණු ගෝත්‍රික සමාජයන් ඇති රටවලදී තමන් වෙනුවෙන් හරි හමන් නියෝජනයක් නැතිව, නො දන්නා භාෂාවන්ගෙන් සිදු වන නඩු විභාගයන් හරහා සුළු වැරදිවලට මහා දඬුවම් ලබන ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට සහනයක් ලබා දීම‍ට කටයුතු නො කරන ලංකාවේ රජය සිය දිනමිණ පත්තරය හරහා එවැනි අසරණයන් පත් වී තිබෙන දුක ගැන ප්‍රීති වන ආකාරය බලන්න. ලංකාවේ මිනිස්සු මේවා කියවා 'අන්න හොඳයි, මෙහෙත් එහෙම තමයි කරන්න ඕනෑ යන අදහස ඇති කර ගනිති.'


මේ අසරණයා ද අරාබියට යන්නට ඇත්තේ මේ රටේ අසරණ දරු පවුලක් නඩත්තු කරන්නට කීයක් හෝ සොයා ගන්නට ය. ඒ මිනිසා ද අපෙන් එකෙකි


අරාබියේ දී ශ්‍රී ලංකිකයකුට කස පහර 400ක්
මහින්ද අලුත්ගෙදර (දිනමිණ)
මත්පැන් අලෙවි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට සෞදි අරාබියානු අධිකරණයක් මඟින් වසර පහක සිර දඬුවම් හා කස පහර 400 ක් නියම කර ඇත.


මෙම ශ්‍රී ලාංකිකයා සෞදි අරාබියාවේ ටායිෆ් නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් අලෙවි කර තිබෙන අතර එහිදී එරට සුසිරිත් වර්ධනය හා දුසිරිත් මර්දනය කිරීමේ කොමිෂමේ සාමාජිකයන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මේ පුද්ගලයා බීමතින් සිට ඇති අතර ඒ වෙනුවෙන් කස පහර 80 ක් නියම කර තිබෙන බවද වාර්තා වෙයි.


කෙසේ වුවද මේ දඬුවම අවසානයේදී එම ශ්‍රී ලාංකිකයා සෞදි අරාබියාවෙන් පිටුවහල් කරන බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හරියට කළමණාකරනය කරගත්තොත් අරාබිරටවලට වඩා ඉහලින් ඉන්න තරම් ස්වාභාවික සම්පත් තියාගෙනත් අපිට කුලියට අනුන්ගේ රටවල වලං හෝදන්න වෙලා තියෙන්නේ චන්දේ දීලා අපිම පත්කරගන්න පාලකයෝ නිසානේ.අපේ රට කවදා ගොඩයයිද?

    ReplyDelete
  2. ඔබ පවසන කතාව ඇත්ත. අපේ රටෙන් එන ශ්‍රමිකයන්ට කිසිම රැකවරනයක් නැහැ. ඔබ කියන එක් කරුණකට මම එකඟ නැහැ "කසල ශෝධනය, ඉඳුල් පිඟන් සේදීම වැනි පහත් රැකියා ය." අද රැකියා ලෝකයේ ඔය කියන රැකියා ඉස්සරට වැඩිය වෙනස් නේද? ඔය වගේ රැකියා වෙනත් දියුණු රටවල කරන්නේ උපකරණ අධාරයෙන් නේද? කෙනෙක් උස් පහත් වන්නේ කරන රැකියාවෙන් නොවේ. ඒ බව අපේ උසස් යයි කියන අය හොඳින් පෙන්නලා දීලා තියනවා.

    ReplyDelete
  3. @ Anonymous,

    Please come to Canada and see what the sri lankan immigrants are doing here to live.
    Irrespective of their back home profession the maximum job what they can find is in restaurants,supermarkets,ware houses, building construction, pizza delivery and so many odd jobs for years and years.

    The f*cking උපකරණ අධාරයෙන් is a joke when you see the work load what you have to complete.


    Clement Peris
    Calgary, Canada.

    ReplyDelete
  4. warenko mage badu pettiyata tax gahanna.. eddith gaththa beuro da mokakda kiyala.. eken wena reddakuth ne.. mehe iddi unnada malada balanne ne.. mokakata hari ahu wela (nokarapu weraddakata) kelawagena giyoth ekek ahak arala balanne ne.. ath api mahansiyen hamba karagena asawen geniyana badu tikata enawa TAX gahanna... wrew man dennam TAX..

    ReplyDelete
  5. ජයශ්‍රී ge kate masuran danna watinawa

    ReplyDelete
  6. ane huke me aape inna ponsiyo ehe gihin kasippu perana eeawata wagakiyanna oni rajaya............. paka thamai

    ReplyDelete
  7. ප්‍රධාන ක්තන්දරයෙන් එළියේ දෙයක් වුනත් මෙය සැමගේ දැනගැනීම සඳහා කිව යුතුය්. මොන අරාබි කාරයෙක් වත් ආරියවතී ගේ ඇඟේ එන ගසා නැත. එය එක්තරා මානසික අබාදයක් නිසා තමන් විසින්ම කරගත් දෙයකි. ආරියසේන යු ගමගේ මහතාගේ නිරීක්ෂණ මගින් මෙය තහවුරු කරගත් අතර, අරියවතිට වබ අපහසුතාවය ගැන සිතා එය ගෙන වැඩිදුර සංවාද නොකෙරුණි.

    ReplyDelete
  8. @ ඇනෝ 1
    "කසල ශෝධනය, ඉඳුල් පිඟන් සේදීම වැනි පහත් රැකියා ය." අද රැකියා ලෝකයේ ඔය කියන රැකියා ඉස්සරට වැඩිය වෙනස් නේද? ඔය වගේ රැකියා වෙනත් දියුණු රටවල කරන්නේ උපකරණ අධාරයෙන් නේද? "
    ඔය කතාව නම් තනිකරම ජෝක් එකකි...තවද ඔබ කෙනෙකුගේ උස් පහත් බව රැකියාව මත රදා නොපවතින බවද කියා තිබෙනව..මෙම ලිපියෙන් එසේ කාවවත් පහල මට්ටමකට දාල නෑ...

    ReplyDelete
  9. @Charter Kolla

    Ethakota thamange duwa kasada bandala denawada machan ehema kasala hodana ewunta?

    ReplyDelete
  10. kasapahara 400 iwara weddi mu sure ekatama marila yayi

    ReplyDelete
  11. @ ඇනෝ 1
    "කසල ශෝධනය, ඉඳුල් පිඟන් සේදීම වැනි පහත් රැකියා ය." අද රැකියා ලෝකයේ ඔය කියන රැකියා ඉස්සරට වැඩිය වෙනස් නේද? ඔය වගේ රැකියා වෙනත් දියුණු රටවල කරන්නේ උපකරණ අධාරයෙන් නේද? "


    මේක කතාව කියපු කෙනෙට ඉඳුල් හෝදන්න කිවොවොත් පැනල කරයි.
    ඇයි එය කියන හැටියට එක වැදගත් රස්සාවක් නේ

    ReplyDelete
  12. මම ඉන්නෙත් කැනඩාවල. ලංකාවේ මට උපාදියක් තිබුන. දැන් මම මෙහෙ කරන්නේ තරු පහේ හෝටලයක පිඟන් හෝදන එකඊ. හබි මට සතියකට පය 40 වේද කරාම සතියකට (රුපියල් වලින් බැලුවම) Rs 75000.00 විතර. අතිකාල දීමනා සහ ටිප් එකත් එක්ක බැලුවම ලක්ෂ 5 විතර ලැබෙනවා. මෙහෙ මේ රස්සාවල් පහත රස්සාවල් හැටියට සලකන්නේ නෙහ. මෙහෙ පහත රස්සාවල් හැටියට සලකන්නේ, ස්ත්‍රී දුෂණ, හොරකම්, පගා ගැහිලි, රජයේ මුදල් සොරකම් කරන එක, දේශපාලන බලය ඖතු ලෙස පාවිච්චි කිරීම වගේ දේවල්. මම මෙහෙ එලවන්නේ අලුත්ම BMW චාර් එකක්. මටම කියල ගෙයක් තියෙනවා. මගේ පුතා යන්නේ විශ්වවිද්‍යාලයට. ඉතින් මට තේරෙන්නේ නෙහ ඊ මේ මිනිස්සු මේ රස්සාවල් පහත කියල කියන්නේ කියල. ලංකාවේ අපේ ගමේ දොස්තර මෙහෙ සේචුරිට්ය් ජොබ් එකක් කරලා ලංකාවට වේදියා සල්ලි හොයනවා. අනෙක අපි කරන ජොබ් එක අපිට හොඳනම් අනිත් එඋන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද? උන් අපිට කන්න බොන්න දෙන්නේ නෙහනේ? ඇමෙරිකාවේ ජිමි කාරට්ර් කියන ජනාදිපති රාකජු විකුණලා පාසල් ගියේ. බිල්ල ක්ලින්ටෝන් විශ්වවිදයාලයේ ඉන්න කලේ පිඟන් හෝදන ජොබ් එකක් කරලා තමි වියදම් හොයාගෙන තියෙන්නේ. R ප්‍රේමදාස මහත්තය කෙසෙල්වත්තේ ලේවරිය විකුනපු කොල්ලෙක්. අනෙක, කැනඩාවට එන්න අපිට මෙහෙ ගොවනර් ජෙනේරල් ආරාදන පත්‍රයක් එඋවේ නෙහ. ලංකාවේ හිටියනනම්, ලිප්ටෝන් වටරෞමේ රස්සාවල් නෙතිව වේලි වේලි කඳුළු ගැස් කකා කොච්චර දුක් වින්දද? මම දැන් ගම්පහ ඉඩමක් අරගෙන පොඩි හොටෙල් එකක් හදනවා. ලංකාවට විදේශ විනිමය $. ලක්ෂ 3 කට වේදියා යවල තියෙනවා. මගේ හාමිනේ වැඩ කරන්නේ ඉස්පිරිතාලේ සනීපාරක්ෂක සේවකයෙක් විදියට. ලංකාවේ නම ඒයා බැංකු මනේජෙර් කෙනෙක්. මෙහෙ එයාගේ ජොබ් එක union ජොබ් එකක් නිසා අපිට health , medical , dental වගේ හැම දෙයකටම බෙනිෆිට්ස් තියෙනවා. මෙහෙ දොස්තර පහසුකම් නොමිලේ. අව්රුද්දකට සේරයක් සති 3 ක පඩි සහිත නිවාඩු අපි දෙන්නටම ලේබෙනවා. මෙහෙ ඉන්න හොඳම දොක්තර ලඟට චන්නල් කරන්න ගියත් සත පහක්වත් ගෙවන්න ඕනේ නෙහ. මගේ හාමිනේ නම් මාසෙට ලක්ෂ 6 පැනල හොයනවා. අනෙක මෙහෙ කුණු කටින් නෙමෙඉ අහුලන්නේ. ඔක්කොම ආරක්ෂාකාරී විදියට තමි. ලංකාවේ දේශපාලකයෝ නම් ඉතින් ඕන කුණක් කටින් ගන්න එඋනේ? අනෙක අපි කරන දේ අපිට හොඳි නම් උඹලට මොකද. ලංකාවේ පෙරද්දෙනිය උනිවෙර්සිට්ය් එක ලෝකේ 6885 වෙනි තැනට තියෙන නිසා උඹල හිතනවද මේ, අපේ උපාදිය හරියට OXFORD උපදීයකට වගේ සලකි කියල? අනෙක මෙහෙ ඔය දොක්ටෝර්, PHD කාරයෝ කියල වෙනසක් නෙහ. මෙහෙ මහාමතියත් හිටපු ගමන් කෝච්චියේ තමි වෙදට යන්නේ. අගමැති තුමත් උගේ කෝපි එක ඌම හදාගෙන කෝප්පෙත් හෝදලා තමි යන්නේ. උඹල ගෙදර කාපු පිගනවත් හෝදලා නෙති නිසා උඹලට මේ රටවල් වල පිගන් හෝදන ජොබ් එකක්වත් ගන්න බෙහ. උඹල ඔය ජාති, ආගම කුල මල නෙකත් බාද තියෙන කම් උඹලට දිඋනුවක් නෙහ. ලංකාවේ හතර කේන්දරේ පලු උනාම උන්ව මහන කරනවා. ඊට පස්සේ හතර කේන්දරේ පලු වෙච්ච යට උඹල පුද පූජා පවත්වල වෙන්දුම් පිඳුම් දෙන මෝඩ ජාතියක්. හාමුදුරුවෝ කරන ජරා වේද බුදුන් වහන්සේ දන්නවනම් පරිනිර්වාණ මන්චකයෙන් නෙගිටිලා එනවා. බුදුන් වහන්සේ පිළිම වලට වන්දින්නවත් හාමුදුරුවන්ට වන්දින්නවත් කියල නෙහ. ඕනෙමනම් ඉලපතකට චීවරයක් අන්දලා ඉලපතට වෙන්දොත් එක ඊට වේදියා පින් මේ හොර ගණයන්ට වඳින්නේ නෙතිව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා