දේශද්‍රෝහී සැඟවුණු අමුත්තා තේරීමේ තරගය හා ජාතිවාදයේ අර්බුදය

(2011 ජුනි 06, W3Lankaදහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට ඉඩම් බලතල හා පොලිස් බලතල දීමට යෝජනා කරනවා නම් ඔහු මේ රටේ සිටින පරම දේශද්‍රෝහියා බව ”බෙදුම්වාදී නව කුමන්ත්‍රණයට හසුවන්න එපා” යන මැයෙන් පසුගිය 01දා කොළඹ විජේරාමයේ සව්සිරිපායහිදී පැවති සම්මන්ත්‍රණයකදී ඇල්ලේ ගුණවංශ හිමි පවසා ඇති බව දිනමිණේ වාර්තා වේ.


කිසිදු බලපෑමක් සිදු නො වන අන්දමින් අප්‍රකටව පවත්වන ලද මෙම රැස්වීම පිළිබද පමා වී හෝ වාර්තා කිරීමට අප අදහස් කළේ මේ වනාහි විමල් වීරවංශ නායකත්වය දෙන ආණ්ඩු ගැති දේශප්‍රේමී බලවේගය විසින් ඉන්දියාවට එරෙහිව පොර ටෝක් දමා, දෙමළ ජාතික සන්ධානය සමග ආණ්ඩුව කරන සාකච්ඡා භංග කරන බවට සපථ කර කන්දක් විලි ලා වැදූ මී පැටවා වීම නිසා ය.


මේ වේලාව වනාහි මෙම උපමානයෙන් හෙවත් ක්‍රයිටීරියාවෙන් දේශද්‍රෝහියා තෝරන්නට යාම භයානක කාර්යයකි. මන්ද, පළාත් සභාවලට ඉඩම් බලතල හා පොලිස් බලතල දීම පිළිබද සාකච්ඡා කරන්නේ අන් කවරෙකු හෝ නො ව, මේ පිරිසගේ ම ආණ්ඩුව වීම නිසා ය.


මෙම ජාතිවාදීන් විසින් සුළු ජාතීන් සමග බලය බෙදා ගැනීමට එරෙහිව මෙවැනි භීතිකාවක් නිර්මානය කරන්නේ ද, ජාතීන්ගේ ප්‍රශ්නය පිටුපස මහා බටහිර කුමන්ත්‍රණයක් ඇති බවට න්‍යායක් ඇති කරන්නේ ද ඔවුන්ගේ පැවැත්ම රැක ගැනීමේ අරමුණෙනි.


වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් කළේ තමන් බව කියමින් ඔවුන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ලවා සිය ජාතිවාදී උවමනාවන් රැක ගැනීමටයි.


ආණ්ඩුව මේ වන විට මුහුණ දී ඇති ප්‍රශ්නය වන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ලෝක රාමුව තුළ පවතින ආර්ථික, සමාජ, දේශපාලන පිළිගැනීම් පද්ධතිය තුළ ස්ථානගත වනවා ද නැතිනම් ඉල්ලං කනවා ද යන්නයි.


ජාතිවාදීන්ගේ ගැටලුව වන්නේ බටහිරට එරෙහි මනස්ගාත ටිකක් හැර ප්‍රායෝගික පරමාදර්ශයන් ඔවුන්ට නැති වීමයි. ඒ අර්ථයෙන් ඔවුහු ගතානුගතික මාක්ස්වාදීන්ගෙන් වෙනස් නො වෙති. සිංහල ජාතිවාදීන්ගේ න්‍යායාචාර්ය වන නලින් ද සිල්වා බාලසිංහම් කලින් නව සමසමාජ පාක්ෂිකයෙකි. වික්‍රමබාහු කරුණාරත්නගේ ගෝලයෙකි.


රට බෙදීම වළක්වා ගැනීමට හා ලංකාව තව තවත් ලෝකයෙන් හුදකලා වීම වළක්වා ගැනීමට රාජ්‍ය නායකයන් හා ආණ්ඩුව කළ යුතුව ඇත්තේ කුමක් ද? ජාතිවාදීන් පිළිතුරු දිය යුතු නිශ්චිත ප්‍රශ්න මේවා ය.


ජාතිවාදීන් පාර පෙන්වන්නේ ආණ්ඩුව වැටී ඇති ජාත්‍යන්තර උගුලේ තව තවත් සිර වීමට මිස එයින් ගැලවීමට නො වේ.


ආණ්ඩුව උගුලක වැටුණු පළියට රට ද උගුලක වැටෙන්නේ නැත. ආණ්ඩුව වැටී ඇති උගුල ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ දේශපාලන කාර්යයේදී නරක තත්වයක් නො වන බව අපේ අදහසයි. ලාංකීය ජාතියක් ගොඩනඟන්නට නම් සිංහල, දෙමළ ජාතික අන්තවාදයන් පරාජය කළ යුතු ය.


බටහිර අධිරාජ්‍යවාදී උවමනාවන් හා ඉන්දීය ආධිපත්‍යවාදී උවමනාවන් මැද ලංකාවට සමබර විය හැක්කේ සමාජයීය වශයෙන් සාධනීය දිශානතියක් වෙත යොමු වීමෙන් පමණක් වීම විශේෂ තත්වයකි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථික ලිබරල්කරණය වැනි කරුණු ඉටු කරන්නට ලංකාවට බලපෑම් සිදු වීම පවත්නා තත්වයන් සමග සන්සන්දනය කර බැලූ කල නරක තත්වයක් නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. [[ලාංකීය ජාතියක් ගොඩනඟන්නට නම් සිංහල, දෙමළ ජාතික අන්තවාදයන් පරාජය කළ යුතු ය.]]

    100%ක් එකඟයි. ජන වාර්ගික පදනමක් මත නොඉඳ ක්‍රියාත්මක වුනා නම් හොඳටම ඇති. කෑ ගහන කට්ටියට ඇති මහා ලොකු බලයක් නැහැ දෙපැත්තේම.

    [[ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථික ලිබරල්කරණය වැනි කරුණු ඉටු කරන්නට ලංකාවට බලපෑම් සිදු වීම පවත්නා තත්වයන් සමග සන්සන්දනය කර බැලූ කල නරක තත්වයක් නො වේ.]]

    මට අනුව නම් මෙය සිදු විය යුත්තකි. නැත්නම් රට පාලනය කරන ඒක බලයෙන් උපරිමයට ගිය පාලකයින්ට අමතක වීමට ඉඩ ඇත. ජෝගි නටනවා විනා පහුගිය ටිකේ කරපු මගුලක් නැත.

    ReplyDelete
  2. This is a meaningful article. Now we want a conciliation society.

    ReplyDelete
  3. ලංකාවේ සිටි දරුනුම දේශද්‍රෝහියා කව්ද? රනිල්ද? සරත් ෆොන්සේකාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා