ගුටි ඉල්ලාගෙන ගිය අයට ගිලන්පස ලැබුණු විට

(2011 ජුනි 05, W3Lankaමේ ඊයේ දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රධාන ඡායාරූපයයි. ඒ සමග ගිය උද්ධෘතය හෙවත් කැප්ෂන් එක මෙසේ ය:‍


"වත්මන් ආණ්ඩුව යටතේ විරෝධතා පවත්වන්නට තැන නියම නැත. ඒ නිසා මහා සංඝරත්නය අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අසලට ද ගියහ. මහ සංඝරත්නය විවිධ ඉරියව්වල පිහිටමින් විරෝධතා පළ කළේ දැඩි අව් රශ්මිය ද නොතකා ය. මෙය බලා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විරෝධතාවල යෙදෙන සංඝරත්නයට ගිලන්පසින් සංග්‍රහ කිරීමට නියෝග කළේ ය. ඒ අනුව අව්වේ විරෝධතා දැක්වූ සංඝරත්නයට අරලියගහ මන්දිරයෙන් ලැබුණු ගිලන් පස කිසියම් අස්වැසිල්ලක් විය."


පෙරේදා අරලියගහ මන්දිරය ඉදිරියේ උද්ඝෝෂණය කිරීම සඳහා භික්ෂූන් පිරිසක් බලමුළු ගන්වා යැවීම පිටුපස ජවිපෙ ඇති බව ප්‍රසිද්ධ රහසකි.


අපි කලින් ලිපියේ ද කියූ පරිදි වර්තමානයේදී දේශපාලනය යනු අන් කවරදාටත් වඩා අදේශපාලනික කරන ලද ජනතාවක් ජනමාධ්‍ය, කටකතා, අධ්‍යාපනය හා බලහත්කාරය ආදිය පාවිච්චි කර මෙහෙයවා ගැනීම හෙවත් මැනිපියුලේට් කර ගැනීමයි.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙය දක්ෂ ලෙස කරමින් සිටියේ ය. එහෙත්, යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් මතු වී තිබෙන ජාත්‍යන්තර පීඩනය හමුවේ මෙතෙක් පාවිච්චි කළ බලහත්කාරය හෙවත් භීෂණය ලිහිල් කිරීමට ආණ්ඩුවට සිදු වී ඇත.


එසේ ම, සිය ආර්ථික මූලෝපායයන්ගේ අවශ්‍යතා මත අනුගමනය කරන්නට සිදු වී තිබෙන මහජනයාගේ සාක්කු මහ දවල් කොල්ල කෑමේ වැ‍ඩසටහන් හේතුවෙන් මහජන විරෝධය ද දළු ලා වැඩෙමින් තිබේ.


දැන් ජවිපෙට අවස්ථාව ලැබී ඇති අතර, සජිත් ප්‍රේමදාස වැනි උදලුකාරයන් නැති නිසා ජවිපෙ දක්ෂ ලෙස වැඩේට බැස ඇත.


එහෙත්, වැඩේ ලේසි නැත. එහා පැත්තේ ඉන්න MR නියම අං ගිලපු යෝධයෙකි. GRට වඩා සිය අභිමානය, අහංකාරකම හා ද්වේෂය පාලනය කර ගැනීමේ හැකියාවක් MRට තිබේ. මෙම ඡායාරූපය ඒ සඳහා උදාහරණයකි. ගුටි ඉල්ලාගෙන ගිය අයට ගිලන්පස ලැබුණු විට ඇත්තෙන් ම මුවගට සිනාවක් නැඟීම ගැන පුදුම විය යුතු නැත.


දේශපාලන ක්‍රීඩාවේ ජය පරාජය සඳහා පුද්ගල පෞරුෂයන් අතිශය වැදගත් වේ.


තියුණු දේශපාලන ක්‍රීඩා වටයකට අපි පිවිස සිටින්නෙමු. තරගය ඇත්තේ ආණ්ඩුව හා ජවිපෙ අතරයි. මේ දෙගොල්ලන් කලක් එක හැලියේ බත් කෑ අංකූරෝ ය. දෙගොල්ලන්ගේ මූලෝපායන් ගැන එකිනෙකා හොඳින් දනිති. සටන තියුණු ඒ නිසා ය. අපේ නිරීක්ෂණ අපි ඔබට කියන්නෙමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කතාව ඇත්ත. ඒත් මෙහෙම දේකුත් තිබුනා.

    http://www.lankatruth.com/sin/index.php/news/local-news/11245-2011-06-03-16-46-05

    ReplyDelete
  2. This approach reflects the impact of Katunayaka incident. The government is on the defensive now. Don't say that this reflects a special quality of MR.

    ReplyDelete
  3. fool document,help to MR

    ReplyDelete
  4. ආරාජිකවාදී ඔටු ලිපියක්.
    ඔයත් කලයක් ජවිපෙ ඵක්ක ලුනු කාපු කෙනෙක්නෙ.
    දවසට ඵකගානෙ විවෙචන කිරීමෙන් විතරක් පලක්නෑ.විවෙචන අත්යාව්ශ්යයි,ඵ් හොද ගමනකට මිසක් කයිවාරුවකට විතරක් නෙවෙයි.

    ReplyDelete
  5. ආණ්ඩුව මේ අවස්තාවේදී බොරු සිල් ගත් බව දනිමු. නමුත් jvp එක අන්තරයේ සංඝයා වහන්සේලා දමාගන නටපු තොවිලය පිලිකුලෙන් යුතුව බලා සිටියෙමු.තිස් තුන් කෝටියක් සංවර සීලයේ සංවරකම නෙත්පුරා දුටිමි.අපි කවුරුත් වන්දනාමාන කරන චීවරය ගලවාදමා වෙනත් ඇදුමකින් සැරසී එවැනි හැසිරීම් වල යෙදෙනවා නම් යෙහෙකි.එසේ නොමැති නම් චීවරයට සුදුසු හැසිරීමකින් එම කටයුත්ත කලා නම් අපිද ඔබ සමග සිටිමු.

    ReplyDelete
  6. අපේ රටේ චීවරධාරී හා බෙෘද්ධ භික්ෂූන් ලෙස කොටස් 2ක් ඇත. පෙලපාලි හා උද්ගොෂණ වලට යන්නේ චීවරධාරීන්ය. උන්ට ගිලන්පස වෙනුවට පුනක්කු දුන්නනම් තමයි හොද. අහිංසක බෙීද්ධයන්ගේ ධානයෙන් පෝෂණය වී බෙෘද්ධ ධර්මයට ගරහණ ඔයවැනි බල්ලන් සංඝ සානයෙන් එලවා දැමිය යුතුය. ඕකුන්ට භික්ෂුවක් වීමට තියා බෙෘද්ධයෙකු වීමටවත් සුදුසුකම් නැත. කන්නදෙයක් නැතිකමට මහණ වී දම් බත් කකා සිවුරෙ ඉදගෙනම ඔය තරන්නේ පැහැදිලිවම ධර්මයට නිගාවකි. එවැනි විප්ලවකාරී ක්‍රියා සදහා යන්නේ නම් සිවුරු හැරයාම, ඔවුන්ට සිවුපස ලබාදුන් බෙෘද්ධයන්ට කරන ලොකුම කලගුණ සැලකීමකි.

    ReplyDelete
  7. කොච්චර කෑ ගැහුවත් JVP එකට UNP ,ශ්‍රී ලංකා හැමෝම බයයි.මොකද උන් බලයට ආවොත් හරිදේ කරන නිසා.දැන් කරන්න තියෙන්නේ ඔය දොගොල්ලෝ එකතුවෙලා JVP එකට කටුව ගහන එකතමා.මොකද කියනවනම් මෙ රට හැමදාම මේ ක්‍රමයට ම පවතින්න ඕන නිසා.මේක දිවුණු උනොත් ඒක ලොකු ප්‍රශ්නයක් !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා