මහජන බලය ඉදිරියේ ආණ්ඩුව පරාද ය

(2011 ජුනි 04, W3Lanka"මගේ පුතා මැරුණේ දුප්පත් කම්කරුවන් වෙනුවෙන් කළ සටනක් අවස්ථාවේදී නිසා එයා මට වීරයෙක්. අපේ මහ එවුන් කියලා ඉන්න අයගේ මොළේ පැදුන දාට මේ වගේ අපරාධ සිද්ධ වෙන එකක් නැහැ. මගේ ප්‍රාර්ථනය ඒ දිනය ඉක්මණින් උදා වෙනවා දකින්නයි. මේ වගේ දේවල් සිද්ධ නොවෙන තැනට රට ගේන්න පාලකයන්ට ඝානය පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා."
-ආර්.ජී.ඒ. ස්ටැන්ලි ක්වින්ටස් (ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුපට එරෙහි සටනේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය නිදහස් වෙළඳ කලාපයේ කම්කරු රොශේන් චානකගේ පියා)


උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතෙනි.


මෙම දුක්ඛිත මිනිසාගේ ප්‍රකාශය ඔහු විසින් 'අපේ මහ එවුන් කියලා ඉන්න අය' ලෙස හඳුන්වන පිරිසගේ හඬ වමාරන දිනමිණ පුවත්පතේ පළ වන්නේ මෙසේ ය:


‘දරුවන්ගේ ඔලුවට බහුබූත දාන ක්‍රියාවන් නිසා අපේ දරුවෝ විතරක් නොවෙයි අපිත් දුක් විඳීනවා. ඒ අයගේ මොළේ පෑදුනු දාට මේ වගේ අපරාධ සිද්ධ වෙන එකක් නැහැ.’


මේ දිනවල දිනමිණ ඇතුළු රාජ්‍ය මාධ්‍ය අසාර්ථක ප්‍රයත්නයක යෙදෙමින් උත්සාහ කරමින් ඉන්නේ මෙම දුප්පත් කම්කරුවාගේ ඝාතනයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ පිට පැටවීමටයි.


ඇත්තෙන් ම, 2003න් පසු රටේ සිදු වූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මානව විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ජවිපෙ වගකිව යුතු ය. මන්ද, 2001දී ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් බලයට පත්ව සිටි ආණ්ඩුවක් විධායක ජනාධිපති බලතල පාවිච්චි කර පෙරළා දමා, හදිසි මැතිවරණයක් පවත්වා, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දූෂිතබව ඔප්පු කර තිබුණු පාලනයක් බලයට ගෙන ආවේ ඔවුහු ය.ඒ සදහා ඔවුන්ට සිය උතුරේ සහෝදර කණ්ඩායම වන කොටි සංවිධානය ද 2005 ජනාධිපතිවරණය වර්ජනය කිරීමෙන් උදව් කළේ ය.


ජවිපෙ මේ සිදු වන සියලු පාප කර්මවල වගකීම භාර ගත යුත්තේ එසේ ය. එහෙත්, අද ආණ්ඩුව උත්සාහ කරන්නේ වෙනත් දෙයක් කීමටයි. ඇමති ඩිලාන් පෙරේරාගේ වචනවලින් කියනවා නම්, විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළේ ජවිපෙ ය.


මෙය නම් ඇත්තෙන් ම හතර බීරි කතාවකි. විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ඇති ගැටලුව ජවිපෙ විසින් ඇති කරන ලද්දක් නො වේ. ආණ්ඩුවේ යෝජිත පනතෙන් ම ඇති වූවකි. සියලු අධ්‍යයනවලින් පෙනී ගොස් ඇති කරුණ වන්නේ ඇඟලුම් කම්හල් කම්කරුවන් යනු දීර්ඝ කාලීනව එම රැකියාවේ යෙදෙන පිරිසක් නො වන බවයි. ඈත පිටිසර ගම්වලින් එන තරුණියන් වන ඔවුන්ගෙන් බහුතරය විවාපත් වීමත් සමග කලාපයේ රැකියාවලින් සමු ගනිති. ආණ්ඩුව දෙන්නට යන මෙම ඊනියා විශ්‍රාම වැටුප ඔවුන්‍ට ලැබෙන එකක් නො වේ. එහෙත්, එවුන් ද එයට දායක විය යුතු ය. තමන් දුක සේ හරි හම්බ කරන මුදල් එසේ ගසා කන්නට තැත් කිරීම ගැන ඔවුන් කෝපයට පත් වීම පුදුමයට පත් විය යුතු ද?


අනෙක් පැත්තෙන්, ජවිපෙ මෙම මහජන විරෝධය බලමුළු ගන්වා අරගලයක් බවට පත් කිරීම නො කළ යුතු කාර්යයක් නම් ආණ්ඩුව කරන දේශපාලනය ද නතර කළ යුතු ය. මන්ද, මේ ආණ්ඩුව බලයට ආවේ ද, ජවිපෙ විසින් නායකත්වය දෙන ලද දෙමළ අරගල විරෝධී, යුදවාදී මෙවැනි ම මහජන අරගලයක් ඔස්සේ ය. පසුගිය කාලයේ ජවි‍පෙ යෙදී සිටි කොන්ත්‍රාත්තුව වූයේ දෙමළ අරගලයට එරෙහිව ජනතාව බලමුළු ගැනිවීමයි. එය වැරදි බවක් එයින් වාසි ගෙන දැන් ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කන් එදා නම් කීවේ නැත.


දේශපාලනය යනු ජනතාව බලමුළු ගැන්වීම මිස අන් යමක් නො වේ. ආණ්ඩුව දැන් ජවිපෙට එරෙහිව කරමින් ඉන්නේ ද එයයි. ආණ්ඩුව ඒ සදහා මහජන දේපල වන ජනමාධ්‍ය ආදිය ද පාවිච්චි කර, ඉන් නො නැවතී හමුදා, පොලිසිය හා අධිකරණය ද පාවිච්චි කරයි.


ඒත්, ආණ්ඩුවට සැනසීමක් නැත. ආණ්ඩුව ජවිපෙට, කම්කරුවන්ට පමණක් නො ව, මිය ගිය රොශේන් චානකගේ මළ සිරුරට ද බිය ය. ඔහුගේ අසරණ මව්පියන්ට සිය දරුවාගේ සිරුර ගෞරවනීය අන්දමින් ආදාහනය කර ගන්නට නො දී හමුදාව ලවා මළ මිනී පැහැර ගන්නා තත්වයට ආණ්ඩුව පත් වී ඇත.


අහෝ දුකකි! මහජන බලය ඉදිරියේ ආණ්ඩුව පරාද ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. j.v.p. nisa janathawa rakenawa !!
    Ape rate godak minissu Wena Wena Paksha walata rawtila inne ,

    ReplyDelete
  2. There are two MRs in sri lanka.
    1. Mahinda Rajapaksha
    2. Malcolm Ranjith

    Obviously Nobody cannot expect justice from either of them due to the shear resemblance of both of them.

    The Catholic Church has lost its humanitariun mission, justice and option for the poor after MR.
    It was a truth that the priest who did the last ceromony of Com.Chanaka was so careful not to mention a word of this killing.
    Is the priest a catholic?
    It cannot be!

    Clement Peris
    Calgary

    ReplyDelete
  3. The funeral of Com.Chanaka..

    " Naduth hamuduruwange..
    Baduth hamuduruwange..
    BADUWATH itin HAMUDURUWANGENE..!"

    Clement Peris

    ReplyDelete
  4. Cadaver politics! Nothing new in Sri Lanka.

    ReplyDelete
  5. Rightly or wrongly the people think that the politicians in government are stealing public money. That is why the workers refused this pension bill.

    This means the honesty of politicians is at stake in Sri Lanka. In the cartoons they are called "MaGodis Thuma". We need a peoples' movement against (invisible) political and administrative corruption.

    ReplyDelete
  6. එදිටෝර් මහත්තය තමා හතරබීරි කතා කියන්නේ.JVP එක ඒ වෙලාවේ කලේ හරිදේ.නැතුව ඒ වෙලාවේ රට කොටින්ට දෙන්න ගිය UNP එකට උදව්කරන්නද ඔයා කියන්නේ ? MR කියන්නේත් රනිල් වගේම තිරිසනෙක් වුනාට ඒ වෙලාවේ ගන්න තිබුණු හොඳම තීරණය ඒක තමා.Editor මහත්තයත් දරන්නේ ජරා UNP අදහස් ද කොහෙද ,ඒ කියන්නේ වක්‍රව MR ගේ ප්‍රතිපත්තිම තමා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා