රජය කටුනායක කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය පොලිස් කුමන්ත්‍රණයක් ද?

මෙම ඡායාරූපයේ සිටින්නෝ කවරහු ද?
(2011 ජුනි 01, W3Lanka) මංකොල්ලකාරී විශ්‍රාම වැටුප් යෝජනාව හමුවේ මහජන අප්‍රසාදයට ලක් වී සිටින රජය පසුගිය සඳුදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ට පොලිසිය ලවා අතිශය අමානුෂික ප්‍රහාරයක් එල්ල කළේ ය.


සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය පවසන පරිදි පොලිසිය හා ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මැරවරයන් එක්ව ‍දියත් කළ මෙම ප්‍රහාරයෙන් සිය ජීවිතවලට ස්ථිරව බලපාන තුවාල සිදු වූ 20ක් පමණ සිටින බවයි. රාගම රෝහලට අසාධය තත්වය නිසා එවන ලද අටදෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කරන ලද බව ද, සීදූව විජය කුමාරතුංග රෝහලෙන් 100ක් පමණ සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඇති බව ද, මීගමුව රෝහලෙන් ද 216ක් ප්‍රතිකාර ලබා ඇති බව ද හේ පවසයි.


උදරය ආසන්නයේ වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලද මිනුවන්ගොඩ අශේන් ශානක නම් 22 හැවිරිදි තරුණයාගේ දකුණු කකුල කපා දමා ඇති අතර, වකුගඩු අක්‍රිය වී මරණාසන්න තත්වයට පත් වී ඇති බව ද වාර්තා වේ.


සුරේශ් චන්දිමාල් නම් බයිපාස් සැත්කමකට භාජනය කර සිටි පුද්ගලයකු සිය කම්හලට ඇතුල් වූ පොලිසියට වැඳ වැටී සිය ප්‍රශ්නය කියා කමිසය ගලවා කැළැල් පෙන්වද්දී පවා පොලිසිය ඔහුට පහර දී ඇත.


පොලිස් ප්‍රහාරවලින් කර්මාන්තශාලාවලට ද හානි සිදු වී තිබේ. කම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ද ගෙන තිබේ.


මේ අතර, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැති විරෝධතාවට පොලීසිය මැදිහත්වූයේ ආණ්ඩුවේ බලධාරීන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව බව ද, එම විරෝධතාවට පොලිසිය මැදිහත් වී මර්දනකාරී ලෙස හැසිරීම තරයේ හෙළා දකින බව ද ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති, විමල් වීරවංශ තොත්ත බබා මාධ්‍යවලට පැවසී ය.


බලාගෙන යන විට පොලිසියත් ආණ්ඩුවට විරුද්ධ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ජිනීවාහි රැස් වෙමින් සිටියදී කම්කරුවන් මරා, සිය ගණනින් ඔලු පළා රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක පොලිසිය නියැලී ඇති බවට සැක කළ හැකි ය. ජීවඋණ්ඩ හා රබර් උණ්ඩ භාවිතා කරමින් මෙම ප්‍රහාර එල්ල කිරීම හරහා ජනතා විමුක්ති පෙරමුණේ වුවමනා එපාකම් ඉටුකිරීමට පොලීසිය කටයුතු කර ඇති බව පෙනී යන්නේ යැයි ද විමල් වීරවංශ පවසයි.


කුමන්ත්‍රණ කියන ඒවා නම් අම්මපා මාර ම ජාතියක් බව ලේඛකයා පුදුමයෙන් පවසයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. යකෝ අර තට්ට මහින්දයව කෑවත් හිත් වදින්නෙ නෑනෙ....

    ReplyDelete
  2. /* සුරේශ් චන්දිමාල් නම් බයිපාස් සැත්කමකට භාජනය කර සිටි පුද්ගලයකු සිය කම්හලට ඇතුල් වූ පොලිසියට වැඳ වැටී සිය ප්‍රශ්නය කියා කමිසය ගලවා කැළැල් පෙන්වද්දී පවා පොලිසිය ඔහුට පහර දී ඇත.
    */

    I am speechless.

    ReplyDelete
  3. hate these police dogs

    ReplyDelete
  4. ໶මල๞ ໷රව๜ශ ๧ත๟ත๞ත බබ๟

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා