ත්‍රිරෝද රථයට අබිමන් - මහින්ද චින්තන 48 පිටුව

(2011 ජුනි 22, W3Lanka) ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් අතරින් සැලකිය යුතු කොටසක් ලුම්පන් නිර්ධන පංතිකයෝ ය.අප මෙහි කරන සඳහන් අදාල වන්නේ එකී පාදඩ පංතියට මිස, මහත්මා අන්දමින් එකී රැකියාවේ යෙදෙන අයට නො වේ.


ත්‍රිරෝද පැදවීමට වඩා කාලයක් ගාල්වල නිකරුණේ ගත කරන ඔවුහු රංඩු ගැසීම්, නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය, මැරවරකම්, කාන්තාවන්ට අඩන්තේට්ටම් කිරීම, සොරකම් හා ඔත්තු බැලීම වැනි පාදඩ ක්‍රියාවල පැටලී සිටිති. ඔවුන්ගේ ස්වයං රැකියාව සැකසෙන්නේ මෙම අනිසි ආදායම් ද සමගිනි.


මගීන්ගෙන් හිතුමතේ මුදල් ගසා කෑම සිය වෘත්තීය ආචාර ධර්මය කරගෙන සිටින මෙම පිරිස පසුගිය සමයේ ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමට රජය දැරූ ප්‍රයත්නයට මාරාන්තික ලෙස විරුද්ධ වූ හ. මාර්ග නීති උල්ලංඝනය හා මහාමාර්ගයේ මැරවරකම් සම්බන්ධයෙන් ද ත්‍රිරෝද රියදුරෝ ප්‍රසිද්ධ ය. 


ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ ආණ්ඩුවට කඩේ යන මැරවරයෝ ය. ආණ්ඩුවටඋඅද්ඝෝෂණ, පෙළපාලි, මැරවරකම් ආදියට සෙනග අවශ්‍ය වූ විට පිරිස් එකතු කර ගන්නා ප්‍රධාන තැන් වන්නේ ත්‍රිරෝද රථ ගාල් ය. ඒවායේ ඇති ආණ්ඩු ගැති මැරවර පාලනය හමුවේ ඒවාට සම්බන්ධ නො වී ත්‍රිරෝද රථ රියදුරන්ට සිය ජීවිකාව කර ගන්නට ද බැරි ය.


ඊයේ හයිඩ් පිටියේ ත්‍රිරෝද රියදුරන් උද්ඝෝෂණය කළේ අලුතින් පටන් ගත් නැනෝ කැබ්ස් සමාගම නිසා තම ජීවනෝපාය අනතුරට ලක් වී ඇති බව කියමිනි. වාර්තා වන අන්දමට කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මෙම සමාගමේ ප්‍රධාන හිමිකරුවෙකි. 


වෙළඳපොළේ ටාටා නැනෝ කාරයක අවම මිළ රු. 925,000ක් වෙද්දී රු. 600,000 බැගින් මෙවැනි කාර් 200ක් ආනයනය කර ගන්නට සමාගමට බදු සහන ලැබී ඇති බව ද වාර්තා වේ. මෙම ධනපතීන් ත්‍රිරෝද රථයක මිළට කිට්ටු මුදලක් කාරයකට යොදවා ගුණාත්මක ටැක්සි සේවාවක් ආරම්භ කරන්නට යාම දැනට පවත්නා ලුම්පන් ත්‍රිරෝද රථ  ජාවාරමට තර්ජනයකි. 


ලුම්පන් පංතිකයන් නො දන්නා හා කිසි දිනෙක ඉගෙන නො ගන්නා පාඩම වන්නේ ධනපති පංතියට ඔවුන් මිනිස් කසල පමණක් බව ය.


ආණ්ඩුව ඔවුන්ගේ පැත්ත ගනියි ද, නැතිනම් කැබ් සමාගමේ පැත්ත ගනියි ද යන්න ඉදිරියේදී බලා ගත හැකි ය. 


ත්‍රිරෝද රථ දිවයින පුරා ව්‍යාප්ත වීම විසින් සිදු වූ හොඳ දේ ද තිබේ. මිනිසුන්ට ගමන් බිමන් යාමේ පහසුව සැලසුණාට අමතරව, සර්ප විෂෙන් මිනිසුන් මිය යාම අවම වීම වැනි කාරණාවලට ද ත්‍රිරෝද රථ විසින් විශාල දායකත්වයක් සපයන ලද බව පවසන්නේ ඔවුන් සපයන සැබෑ සේවාවනට නිසි ගරුත්වය දෙමිනි. 



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. http://www.lankabusinessonline.com/fullstory.php?nid=112903174

    ජයන්ත ධර්මදාස උන්නැහෙයි... උන්දැගෙ මස්සිනායි,, බුකි පාලයි...... කාලා වරෙන්කො ත්‍රීවීල් මල්ලිලා ටික.....

    ReplyDelete
  2. අපේ රටේ කිසිම් දෙයකට නිසි පාලනයක් නැත. එය ත්‍රී වීල් වලටද අදාලයි. ත්‍රී වීල් රියදුරන් බොහොමයක් එය කරන්නේ ස්ව්යං රැකියාවක් ලෙසට නොවේ. කාගේ හෝ රථයක් දවසේ කුලියට පැදවීමයි. නනෝ රථ සේවාව හොඳයි ඒත් මේය පටන් ගන්න කළින් මේ විරෝධතා ගැන සමාගම් අයිතිකරුවන් දැනගෙන ඉන්න ඇතැයි මගේ හැඟීම්. ඒවාට විසඳුම් එහෙම්ත් ඒ අය ලඟ ඈති.

    ReplyDelete
  3. ගිණිගන්නැනෝ: http://motoroids.com/site/wp-content/uploads/2011/06/tata_nano_630.jpg

    ReplyDelete
  4. article on burning nano's: http://motoroids.com/news/tata-nano-catches-fire-yet-again.html

    ReplyDelete
  5. ත්‍රීවිල් කාලකන්නි නම් පාරෙන් අයින්ම කරලා දාන්න ඕනෙ

    ReplyDelete
  6. හොඳම වැඩේ කොළඹ මුඩුක්කු බල්ලෝ තිලංග ට චන්දෙ දෙන්නේ නැතුව දුමින්ද ට දුන්නට....:-)

    ReplyDelete
  7. nano will win.. but majority votes for thilanga are from slums. let these 3-wheel sakkili go to hell still they have more than enough sakkilli to use @ election campaigns. there are no "good" taxi drivers bcz "good" once can't survive in that sakkili job. so good bye 3-wheel malli..do u think that having a 3-wheeler convert a punk to hero...?.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා