ලංකා ඊ නිව්ස් තහනම ඉවත් කරනු!

ලංකා ඊ නිව්ස් තහනමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය දියත් කරන උද්ඝෝෂණය අද දවල් 12ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මොකටද?

    ReplyDelete
  2. පොඩ්ඩඩක් ඉන්න, ඊ-නිවුස් තාවකාලිකව තහනම් කළේ අධිකරණය නේද?අධිකරණ නියෝගයකට විරුද්ධව උද්ඝෝෂණය කරණ එක සදාචාරසම්පන්න නෑ නේද?

    ReplyDelete
  3. **පොඩ්ඩඩක් ඉන්න, ඊ-නිවුස් තාවකාලිකව තහනම් කළේ අධිකරණය නේද?අධිකරණ නියෝගයකට විරුද්ධව උද්ඝෝෂණය කරණ එක සදාචාරසම්පන්න නෑ නේද?***
    ඒ ඉස්සර. දැන් අෙප් නඩු දාන නීති පති ඉන්ෙන ඡනාධිපති යටෙෙත***
    ඔක්ෙකාම ෙද්ශපාලනීකරණය ෙවලා*****

    ReplyDelete
  4. @ ජයශ්‍රී

    අධිකරණය? අධිකරණය මහ රජාගේ සාක්කුවේ බව, මහ රජාගේ සට්ටං රාළ කෙනෙකු වන ඔබ නොදන්නේද?

    ReplyDelete
  5. අදහස් ඉදිරිපත් කිරීමේ, කතාකිරීමේ අයිතිය තහවුරු කරනු!!!

    ReplyDelete
  6. Anonymous "සට්ටං රාළ" යනු කවුරුද?
    අධිකරණය මහ කාගේ සාක්කුවේ තිබ්බත් ඊට විරුද්ධ වෙන්න බෑ."No one is above the law"

    ReplyDelete
  7. සට්ටං රාල කියන්නෙ ඉස්සර රජාගෙ පුක හෝදපු එකාට....

    ReplyDelete
  8. @kelum : ඇත්තද? එහෙනම් අර Anonymous ට වැරදිලා.මම එවැන්නෙක් නොවෙමි.අනික දැන් ලංකාවේ රජවරු හෝ රජාණ්ඩුවක් නෑ කියල ගරු අධිකරණය ම කියල තියෙනවා.ඒනිසා ඒ රැකියාව කරණ කෙනෙක් නෝර්වේ,ඉංගලන්තය වැනි රටක මිස ලංකාවේ ඉන්න විදියක් නෑ.by the way, නොදන්න දෙයක් කියල දුන්නට ස්තුතියි.

    ReplyDelete
  9. @ ජයශ්‍රී,

    කැළුම් ඔබට තේරෙන භාශාවෙන්ම පිළිතුරු දී ඇත. භෞතික වශයෙන් මෙහි රජෙක් නැතත්, මනෝ මූලික රජ උනකින් පෙලන්නන් පිරිසක් ශ්‍රී ලංකාවේ භෞතික රජෙක්, රජ පවුලක් සහ රාජාණ්ඩුවක් ගොඩනැගීමට දත කන අයුරු අප දැක ඇත්තෙමු. බ්ලොග් අවකාශයේ බොහෝ තැන් වල ඔබ එය ක්‍රියාවට නංවන ආකාරයද, දැක ඇත්තෙමු.

    මෙහි ඔබ දක්වා ඇත්තේ ද බඩුත් රජ්ජුරුවන්ගේ සහ නඩුත් රජ්ජුරුවන්ගේ වැනි අදහසකි.“අධිකරණය මහ කාගේ සාක්කුවේ තිබ්බත් ඊට විරුද්ධ වෙන්න බෑ“

    අප පෙනී සිටින්නේ බහුතර පීඩිත පන්තිය වෙනුවෙන් වන අතර ඔබ මෙන් තම පුද්ගලික ලාභය වෙනුවෙන් පමනක් නොවේ. බොහෝ කරුණු වලදී පාලකයන් සුද්ද කරන ඔබ, පුද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප වැනි ඔබට බලපාන කරුණු වලදී පමනක් ඒවාට එරෙහි වන අයුරු දැක ඇත්තෙමු.

    ReplyDelete
  10. වරදවා වටහාගන්න එපා සහෝදරයා,බලන්න මේ වෙබ් අබවියේ තේමා පාඨය."අවශ්‍ය වන්නේ විකල්ප අදහස් හා තොරතුරු සන්නිවේදනයට ද සම අවස්ථා ලබා ගැනීමට සටන් කිරීමයි".ඉතිං මමත් උත්සාහ කරන්නේ එයට.මෙහි කතුවරයාත් අදහස් දක්වන පාඨකයන් සියලු දෙනාත් එකම දිශානතියකට යොමුවන විට ඔබ සියලු දෙනාට මගහැරුණ දෙයක් මතක් කොට දී මෙම සාකච්චාව සමබර කිරීමට උත්සාහ කිරීම වරදක් නෙවෙයි නේද?

    පුද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප මට පමණක් නොව බහුතර පීඩිත පංතියටම බලපාන්නක් නොවේද?

    මනෝ මූලික රජ පවුලක් සහ රාජාණ්ඩුවක් ගොඩනැගීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැත.(එහෙම එකක් තිබ්බයි කියල මට ලැබෙන පුද්ගලික ලාභයක් ද නැත)

    ඉතිං බහුතර පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබගේ නමවත් කියන්න කෝ.නැත්නම් මට වෙන තැනකදි දැක්කත් හදුනාගන්න බෑ නේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා