පොළොන්නරුවේ බර උසුලන බබා හා ක්‍රීඩා අමාත්‍යංශයේ බබාලා

බොක්සිං ශූර මංජු වන්නිආරච්චිටත්, ඔහු බදා ගත් දේශපාලකයින්ටත් තහනම් උත්තේජක නිසා අහිමි වූ සරාගී පදක්කම
(2011 මැයි 23, W3Lankaබර ඉසිලීමේ ශූර පොළොන්නරුවේ චින්තන ගීතාල් විදානගමගේ (විදානගේ ලෙස ද සඳහන් වේ) මුල් කාලයේ ජවිපෙට සමීපව කටයුතු කළ ක්‍රීඩකයෙකි. ඔහු ඒ කාලයේ ඒ බව ප්‍රසිද්ධියේ ම කීවේ ය. එය ඔහු තුළ අප දුටු විශේෂත්වයකි.


මුදල් හඹා යන වත්මන් තරගකාරී ක්‍රීඩා ක්ෂේත්‍රයේ නරක ප්‍රවණතාවලින් මිදෙන්නට අවශ්‍ය ජීවිත ඥානය චින්තනට දෙන්නට ඔහු පසුබිමින් තිබුණු දේශපාලනයට ද හැකියාවක් තිබී නැති බව පෙනේ. එක අතකට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි විමල් වීරවංශට හෝ නන්දන ගුණතිලකට නැති ජීවිත ඥානයක් මේ තරුණයාට කොහෙන් ලැබෙන්න ද?


පසුගියදා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු චින්තන ගීතාල් විදානගමගේ කිලෝග්‍රෑම් 162 ක බරක් ‍ඔසවා රන් පදක්කම හිමි කර ගත්තේය.


ඊට පෙර, 2006දී මෙල්බෝන්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්ව නියෝජනය කළ චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 62 ක බර පන්තියෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.


මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී 2010 නොවැම්බර් මුල පැවති 36වනි ජාතික ක්‍රීඩා උළෙලේදී අතිශූර ක්‍රීඩකයා ලෙස සම්මාන ලද උතුරු මැද පළාතේ චින්තන ගීතාල් විදානගේට රුපියල් තිස්‌ලක්‍ෂයක්‌ වටිනා නවීන ෆියට්‌ මෝටර් රථයක්‌ කථානායක චමල් රාජපක්‌ෂ මහතා අතින් හිමි විය.


පොළොන්නරුවේදී පුයර වෙනුවට සිමෙන්ති දෑතේ තවරා ගනිමින් බර ඉසිලූ චින්තන බබා වෙන්නට පටන් ගන්නේ සල්ලි ලැබෙනකොට බව පෙනේ. ආසියානු බර ඉසිලීමේ සූරතාවලියේ දී තහනම් උත්තේජන භාවිතාකර තරග වැදුනේ යැයි දැන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.


මේ දිනමිණ පුවත්පත සිද්ධිය පිළිබඳ වාර්තා කරන අන්දමයි: "ආසියානු බර ඉසිලීමේ සූරතාවලියේ දී තහනම් උත්තේජන ගත්බවට නැගී ඇති චෝදනාව ජාතික තහනම් උත්තේජන කමිටුවට ලැබීමෙන් අනතුරුව ඊයේ මූලික පරීක්ෂණයක් ආරම්භ කිරීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පියවර ගෙන ඇත.


මේ පරීක්ෂණයට ක්‍රීඩකයා කැඳවා චෝදනාව භාරදී කරුණු විමසා ඇති අතර එහිදී පවසා ඇත්තේ ආසියානු බර ඉසිලීමේ සූරතාවලියට යෑමට පෙර පෞද්ගලික වෛද්‍යවරයෙකු ගෙන් අතිරේක පෝෂණ ඖෂධ ලබාගත් බවය. එහෙත් එහි තහනම් උත්තේජන ඖෂධ සංඝටක අඩංගු බව දැන නොසිටිබව චින්තන ගීතාල් විදානගේ ජාතික තහනම් උත්තේජන කමිටුවට ප්‍රකාශ කර ඇත."


මේ ක්‍රීඩා අමාත්‍යංශයේ බබා පාට් ය: "මේ පිළිබඳ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හා ජාතික තහනම් උත්තේජන කමිටු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෞද්ගලික වෛද්‍යවරුන් හමුවී ඖෂධ ගැනීමෙන් මෙවැනි භයානක ප්‍රතිඵල අත්වන බවය.


ජාතික හා ජාත්‍යන්තර තලයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ඖෂධ හා ප්‍රතිකාර ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් පවත්වාගෙන යද්දී පෞද්ගලික වෛද්‍යවරුන් හමුවීම පුදුම සහගත බව ඒ මහතා පැවැසීය."


ලංකාව අති විශාල මුදලක් වැය කරමින් 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වීමට සැලසුම් කරමින් ඉන්නේ මෙවැනි වාතාවරණයක් තුළයි.


උත්තේජකවලින් ක්‍රීඩා පිටි හැදිය හැකි ය. උළෙල පැවැත්විය හැකි ය. එහෙත්, ක්‍රීඩකයන් තැනිය නො හැකි ය.


ලංකාවේ ක්‍රීඩාවේ නො දියුණු තත්වය සමාජ ප්‍රශ්නයකි. එය ගැඹුරු සමාජ සංවාදයක නිමිත්ත විය යුතු ය.


ක්‍රීඩාශීලී සමාජයක් තැනීම සමාජ පුළුල් ප්‍රතිසංස්කරණයක කොටසකි.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජාතික හා ජාත්‍යන්තර තලයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ඖෂධ හා ප්‍රතිකාර ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් පවත්වාගෙන යද්දී පෞද්ගලික වෛද්‍යවරුන් හමුවීම පුදුම සහගත බව ඒ මහතා පැවැසීය."
    -කටින්ද මහත්තයො කියන්නේ.

    ReplyDelete
  2. කාට හරි මඩක් ගහන්න ඇත්තං සති මාස ගාණක් කෑවත් කමක් නෑ නේද බං!!!

    ReplyDelete
  3. චින්තන විදානගමගේ ගෙන් අහගෙනවත් ජවිපෙ කෂ්ටිය පොඩි උත්තේජක ඖෂධ ටිකක් ගන්න හිතුවොත් දැන්වත්...!!!

    ReplyDelete
  4. මු හරියට ලියලා තියෙන විදිහට මම හිතුවා ජ්විපෙ තහනම් ඖෂද දීලා කියලා.

    ReplyDelete
  5. "එක අතකට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි විමල් වීරවංශට හෝ නන්දන ගුණතිලකට නැති ජීවිත ඥානයක් මේ තරුණයාට කොහෙන් ලැබෙන්න ද?"

    ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඉන්න ජවිපෙ හැරනොගිය අනෙක් අයටත් ජීවිත ඥානයක් නෑ කියල මේකෙන් ඔප්පු වෙනවා.තිබ්බනම් ඒක චින්තනට දෙයි නේ අර දෙන්නට කුදගහගන්න කියල.(ඔබතුමාට ඇයි පක්ෂයෙන් ඉවත් වෙච්ච අයගේ නම් විතරක් මතක් වෙන්නේ?)

    ReplyDelete
  6. මෙම ක්‍රිඩකයා ජවිපෙන් ඉවත් වු නිසා, "කතාකරු" මෙම සියලු චෝදනා කරන බව පෙනේ (චින්තක ජවිපෙ ක්‍රියා කාරිකයකු වූවා නම්, 'කතාකරු' ,මොහුගේ නිදොස් බව කීමට මෙම ලිපිය ලියනු ඇත.) . කිසියම් කෙනෙක් ආර්ථික අතින් දියුණු වෙනවාට ජෙප්පන් කැමති නැත,ම්ක්නිසාද ඔවුන්ගේ නිර්ධන සටනින් ඔහු ගිලිහෙන බැවිනි. මේ රටේ මිනිසුන් දුගී බාවයෙන් සිටින තාක්, ජෙප්පන්ට බොර දියේ මාලු ඇල්ලිය හැකිය. නමුත් ඔවුන්ගේ ලොක්කන් සිටින්නේ යුරෝපයේය, ඉහල පෙලේ ජවිප සාමාජිකයින් ව්‍යාපාරිකයින්ය, මේ කුහකයින්ගේ දෘශ්ඨිය අනුව අනෙක් සියලු දෙනා දුගී දුප්පත් විය යුතුය.

    ReplyDelete
  7. 'කරුතාක'

    ReplyDelete
  8. //ලංකාවේ ක්‍රීඩාවේ නො දියුණු තත්වය සමාජ ප්‍රශ්නයකි. එය ගැඹුරු සමාජ සංවාදයක නිමිත්ත විය යුතු ය.//
    ඇත්ත...
    නමුත් ඔබ ඉහත ඡායාරූපයේ සිටින මංජු හා චින්තන ජයග්‍රහණ ලබා ගද්දි ඔවුන් වෙනුවෙන් සුභ පැතීමට මෙහි කෙදිනකවත් ඉඩක් වෙන් කලාද...

    අවසානයේ ඔවුන්ට කෙළ වෙද්දි ඒ වෙනුවෙන් පිටු පුරා ලියන්නට පෙළඹෙවුවේ ඔබේ දියුණු සමාජයීය මානසිකත්වයද... එසේත් නැතිනම් තමන්ගේ පංතියේ එකෙකුට කෙළවෙද්දි දැනෙන කාළකණ්නි කුහක සතුටද...

    ඇතැම් විට,ඔබේ අරමුණ ඔවුන්ගේ ජයග්‍රහණයන්ගේ එළියෙන් තමන්ට ලකුණු දමාගත් දේශපාලකයින්ට පහර ගැසීම විය හැක...නමුත් දැන් වරදකරුවන් වී ඇත්තේ ඒ ක්‍රීඩකයන්මය....
    හොඳින් ඇස් ඇර බලන්න...ඔබ ගල් ගසන්නට තනන්නේ පවුරකින් මුවාවී සිටින වුන්ටය... නමුත් ගල් වදින්නේ පවුරටය...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා