ආසි හංගාගෙන ගුණදාස අමරසේකර නම් පො‍රවෙන් වාසි ගන්නට හදන ආණ්ඩුවේ ඕමි කෙළිය

(2011 මැයි 22, W3Lankaරටේ ප්‍රශ්න රට ඇතුළේ විසඳා නො ගෙන කල් මැරීමේ හා දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සමග සෙල්ලම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් බටහිර බලවතුන්ගේ හා ඉන්දීය උවමනාව මත කටයුතු කරන්නට සිදු වී තිබෙන ලංකාවේ ආණ්ඩුව ආසියා තියාගෙන පොරොවෙන් වාසි ගන්න උත්සාහ කරන සෙල්ලමක් පටන් ගැනීමට ‍සැරසෙන බව වාර්තා වේ.


ආසියා විමල් වීරවංශ යැංකි අධිරාජ්‍යයේ මහ බලකොටුව වන නිව්යෝක් නුවරට ඔත්තු බැලීමේ අභීත මෙහෙයුමක් (reconnaissance mission) ගොස් ඇත.


ආසියා හංගාගෙන ගහන්න හදන පොරව වයෝවෘද්ධ ගුණදාස අමරසේකරයි. ඔහු පිටිපස්සෙන් බූරුවාගේ සිට හතේ කොළේ දක්වා සෙසු තුරුම්පු පෙළට සිට ගනු ඇත.


ඉන්දීය බලපෑම් හා දෙමළ ජාතික සන්ධානය සමග කරන සාකච්ඡාවලට එරෙහිව උද්ඝෝෂණයක් මැයි 30දා කොළඹදී කරන්න දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය සූදානම් වෙමින් සිටියි. 


ගුණදාස අමරසේකරගේ ගනඳුරෙන් එළිය දකින්නට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ නො කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


විරෝධය ඉන්දියාවටයි. ඉන්දියාව ලංකාව එහි ග්‍රහනයට ගන්නවාලු. දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරන්න බල කරනවාලු. බලය බෙදන්න කියනවාලු.


ඉකින් 23දා ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග බලය බෙදන හැටි කතා කරන්න නියමිතයි. දැන් මේ සාකච්ඡාවල කාල රාමුව තීරණය කරන්නේ ආණ්ඩුවේ සර්ව බලධාරී දෙවියන් වහන්සේලා නොවෙයි. කොටින්ගේ බළල් අණ්ඩක් ය කියූ දෙමළ ජාතික සන්ධානයයි.


මොන තත්වයක් යටතේ හෝ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා මේසයේ රඳවා ගත යුතුයි. උන් නැගිටලා ගියොත් සෙත්තපොච්චි තමයි. උතුරින් ජයලලිතා ය. බටහිරින් ඇමරිකාව හා යුරෝපය ය. නැගෙනහිරින් ඉන්න චීනය ද අනෙක් පැතිවලින් ඉන්න අයට එරෙහිව යන්නේ නැත. දකුණින් ඉතින් ගොළු මුහුද ය.


තකහනියක් කොටි සේර ම මරා යුද්ධය ඉවර කර ගත් රග තේරෙන්නේ දැන් ය. අද ලංකාදීප පුවත්පතේ කතුවැකි පිටුවේ ලිපියක මාතෘකාව 'ප්‍රභාකරන්ගෙන් බේරා ගත් දේ සම්බන්ධන්ට දීම' ය.


අන්තිමට දැන් ඇති වී තිබෙන තත්වය වන්නේ ඊලමත් දී යුද අපරාධවලට හිරේත් යන තත්වයක් උදා වීමයි. එතකොට සිංහලයන්ට ඉතිරි වන්නේ හිර ගෙවල්වල විසිට් යාම පමණක් ද?


ආණ්ඩුවට ගැලවිජ්ජාව ඇත්තේ ආසියා තියාගෙන පොරවෙන් වාසි ගන්නට උත්සාහ ගැනීම තුළ නො වේ. නහය ළගට ම වතුර ගැලූ සඳ උත්සාහ කළ යුත්තේ මෙවැනි වල් වාසි නො වේ.


මේ ඊනියා උද්ඝෝෂණ නියපොත්තෙන් කඩා සිය බලය පාවිච්චි කර, බලය බෙදා ගැනීම ඔස්සේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දී, ජාතික සංහිඳියාව ඔස්සේ තිරසාර සාමයක් සඳහා වැඩ කරන්නට බැරි නම් රාජපක්ෂ පාලනය මෙතෙක් කල් ගොඩ නඟා ගත් ඒකාධිපතිකමෙන් වැඩක් නැත. අමරසේකරලා මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ ආණ්ඩුව කියන නිසා නම් අපේ කතා අදාළ නැත.


රනිල්ට 2002දී සටන් විරාම ගිවිසුම අත්සන් කරන්නට තිබූ පිටකොන්ද මහින්දට නැතිනම්, ඔහු ප්‍රවර්ධනය කළ පිරිමිකමින් වැඩක් නැත.


එසේ නොමැති වුවහොත් ඔවුන් සෙල්ලම් කරනු ඇත්තේ රාජපක්ෂ පවුල හිරේ යන විට ලංකාවේ මහ පුටුවල විරාජමාන වීමට කුමන්ත්‍රණ කරන වෙනත් කැණහිලුන්ගේ අතට ය. රාජපක්ෂලා අඩු ගණ‍නේ කොටින් පැරදවූ හ. පක්ෂ ලෙස පෙනී සිටින සැබැවින් රාජපක්ෂලාගේ සතුරන් වන අප මෙහි නම් සඳහන් නො කරන බලවේග කළ මගුලක් නැත.


රාජපක්ෂවරු දෙමළ විරෝධී සිංහල ජාතිවාදය හදවතින් ම පිළි ගනිත් නම් කළ යුතුව තිබෙන්නේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී වීමයි. බලය බෙදන්නට ජනවරමක් තමන්ට නැති නිසා එවැන්නක් සඳහා ජන වරමක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීමයි.


මතු වී තිබෙන තත්වය තුළ රට බෙදීම වැළැක්විය හැක්කේ බලය බෙදීමෙන් පමණි. ඒ යථාර්ථය අවබෝධ කර ගත් පක්ෂයකට බලය පැවරිය යුතු ය. නැතිනම්, සිංහලයන් සිය කෑල්ල වෙන් කර ගන්නා බව තීරණය කළ යුතු ය.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "තකහනියක් කොටි සේර ම මරා යුද්ධය ඉවර කර ගත් රග තේරෙන්නේ දැන් ය" - ????? මොන අපභ්‍රංස කතාවක්ද මේක?

    ReplyDelete
  2. පොරොව නෙවේ මචං බූරුවා.....

    ReplyDelete
  3. The article has several meaningless and contradictory statements.

    "රාජපක්ෂලා අඩු ගණ‍නේ කොටින් පැරදවූ හ. පක්ෂ ලෙස පෙනී සිටින සැබැවින් රාජපක්ෂලාගේ සතුරන් වන අප මෙහි නම් සඳහන් නො කරන බලවේග කළ මගුලක් නැත."

    Can you explain these unnamed parties and forces?

    "රාජපක්ෂවරු දෙමළ විරෝධී සිංහල ජාතිවාදය හදවතින් ම පිළි ගනිත් නම් කළ යුතුව තිබෙන්නේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී වීමයි. බලය බෙදන්නට ජනවරමක් තමන්ට නැති නිසා එවැන්නක් සඳහා ජන වරමක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීමයි."

    How could you expect maximum democracy from Rajapaksa's if they accept Sinhala chauvinism by heart?

    ReplyDelete
  4. ශ්‍රී ලංකා රජය විසින් කළ යුතු අත්‍යවශ්‍යම කාරණයක්‌ මේ දක්‌වා ඉටුවෙලා නැහැ. එනම් අපේ රට තුළ මානව හිමිකම් කඩවී ඇතැයි ඉදිරිපත්ව ඇති පැමිණිලි විභාග කිරීම සඳහා විධිමත් නීති පද්ධතියක්‌ වහා ස්‌ථාපිත කළ යුතුයි.------ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා
    www.lankacnews.lk

    ReplyDelete
  5. අපෙ රටෙ ගොඩක් පොරවල් බිහිවෙන්නෙ ගොඩක් වෙලාවට රුසියාව අස්සරෙ කොරගෙන.. ඇමරිකානු උන් කොහොමත් ඉන්නවානෙ
    අමරසෙකර මහත්තයා ගැන. ලිපිය ගැන නම් මම ගොඩක් එකඟවෙන්නෙ නැහැ...

    ReplyDelete
  6. ජාතියේ වීරයාත් යුධ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවාත් ජනාධිපතිතුමාටත් වඩා එතුමා පසුපස සෙවනැල්ලක් මෙන් සිටි විමල් වීරවංශ මැතිතුමාය. එතුමා රණවිරුවන්ගේ රටවැසියන්ගේත් චිත්ත ධෛර්ය නැංවීමට ක්‍රියා කළේ නැත්තන් කිසි දිනක යුද්ධය ආරම්භ වෙන්නේ වත් ඉවර කරන්නට ලැබෙන්නේ වත් නැත.
    එතුමා ප්‍රේමදාස නිවාස ඇමතිව සිටි කාලයේ කළාක් මෙන් දැවැන්ත නිවාස ව්‍යාපෘතිද මේ වන විට අරඹා ඇත. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී මෙන් සංවර්ධන සටනේ දීත් එතුමා නායකත්වය ගනු ඇති බව අපට විශ්වාසය...

    ReplyDelete
  7. "ජාතියේ වීරයාත් යුධ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවාත් ජනාධිපතිතුමාටත් වඩා එතුමා පසුපස සෙවනැල්ලක් මෙන් සිටි විමල් වීරවංශ මැතිතුමාය. එතුමා රණවිරුවන්ගේ රටවැසියන්ගේත් චිත්ත ධෛර්ය නැංවීමට ක්‍රියා කළේ නැත්තන් කිසි දිනක යුද්ධය ආරම්භ වෙන්නේ වත් ඉවර කරන්නට ලැබෙන්නේ වත් නැත.
    එතුමා ප්‍රේමදාස නිවාස ඇමතිව සිටි කාලයේ කළාක් මෙන් දැවැන්ත නිවාස ව්‍යාපෘතිද මේ වන විට අරඹා ඇත. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී මෙන් සංවර්ධන සටනේ දීත් එතුමා නායකත්වය ගනු ඇති බව අපට විශ්වාසය..."

    ----අනේ හුකේ ....!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා