එස්.බී.ගේ සරසවි සිසු නායකත්ව පුහුණුව කුමකට ද?

(2011 මැයි 19, W3Lanka) 2011 වසරේ අලුතෙන් සරසවියට ඇතුල් වන සිසුන්ගේ ඉසෙඩ් ස්කෝර් ලකුණු නිකුත් වන්නටත් පෙර 20,000ක් වූ කණ්ඩායමෙන් 10,000ක් 23දා සිට නායකත්ව පුහුණු හා ධනාත්මක ආකල්ප වර්ධන පාඨමාලාවකට හමුදා කඳවුරු 28කට කැඳවා තිබේ. 


මෙම ‍ඓතිහාසික පුහුණුව ආරම්භ වන්නේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපති මන්දිරයෙනි. එයට සහභාගි වීම අනිවාර්ය වේ. වලංගු හේතුවක් නොමැතිව සහභාගි නො වන්නන්ට සරසවි දොර වැසේ. ඒ නිසා එයට අකැමැති විය නො හැකි ය. කැඳවුම් ලිපියට අනුව, මෙම පාඨමාලාවට සහභාගි වූවා කියා සරසවිවලට අනිවාර්යයෙන් ම බඳවා ගන්නේ ද නැත. 


උසස් අධ්‍යාපන ඇමතිවරයා වරින් වර කියා ඇති පරිදි මෙය නවක වධය වැළැක්වීමේ පියවරකි. ලංකාවේ සරසවිවල ඇති ලොකු ම ප්‍රශ්නය නවක වධය ද? 


මේ කරන්නේ ඇතැම් විට නවක වධය ආණ්ඩුවේ තනි බුක්තියට පවරා ගැනීමක්දැයි සැක සිතේ. ආණ්ඩුව සිතන්නේ ජවිපෙ නවක වධය හරහා සිසුන්ගේ මොළ සෝදා අන්තරේට බඳවා ගන්නවා කියා ද? ඒ නිසා දැන් ඔවුහු ඒ වැඩේට තමන් ම බැස ඇතිවා වන්නට ද පුළුවන. 


යුද්ධයෙන් පසු හමුදාවටත් ඒ තරම් වැඩක් නැත. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ද ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩු ය. එබැවින් යම් ගෞරවනීය තත්වයක් ඔවුන්ට හිමි වන මෙවැනි පුහුණු කිරීම් ආදිය ආණ්ඩුව අත්හදා බලනවා විය හැකි ය. පසුගිය කාලයේ හමුදා විසින් උරා ගන්නා ලද ඉහළ කුසලතාවන්ගෙන් යුත් ශ්‍රම බලකාය පශ්චාත් යුද කාලයේ ආණ්ඩුවට බරක් වී ඇති බව පෙනේ. වාමාංශිකයන් මෙම පුහුණුව ආණ්ඩුවේ සමාජය මිලිටරිකරණයේ පියවරක් ලෙස හැඳින්වුව ද, එය සැබැවින් ම හමුදා මිලිටරිහරණයේ පියවරක් ද විය හැකි ය. 


ප්‍රබල සතුරකුට එරෙහි යුද්ධයක් නොමැතිව සමාජයක් මිලිටරිකරණය කළ නො හැකි ය. 


මෙම පුහුණුව අනිවාර්ය කිරීම මානව හිමිකම් නඩු නිමිත්තක් වන්නට ඉඩ ඇත. 


උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක පසුගිය කාලයේ මහ ඉහළින් ම ප්‍රවර්ධනය කරමින් සිටි දෙයක් වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමයි. මෙවැනි හමුදා පන්නයේ නායකත්ව  පුහුණු ඒවාට ඇතුල් වීම සදහා අනිවාර්ය නැත. හමුදා පුහුණුවට අකැමැති අයට එසේ නම් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුල් වීමට පුළුවන. 


නායකත්ව පුහුණුව ඒවායේ අනිවාර්ය නො වන්නේ ඒවායින් නායකයන් බිහි නො කරන නිසා ද? නායකයන් යනු නායකත්වයේ එල්ලී සිටීමට පක්ෂ මාරු කරන, වරක් අධිකරණයට අපහාස කර සිරගත වී පසුව ජනාධිපති සමාව මත නිදහස ලැබූ ඇමති එස්. බී. දිසානායක වැනි අය ද? එවැනි නායකයන් සරසවිවලින් බිහි වූයේ එදා හමුදාව විසින් දුන් නායකත්ව පුහුණුවක් නො තිබූ නිසා ද?


නායකත්ව පුහුණුවක් අත්‍යවශ්‍ය නම් එය හමුදා කදවුරුවලින් දෙන්නේ සරසවි ඇදුරන්ට එය බැරි නිසා ද? ඔවුන්ගේ වැටුප් වැඩි වීම ලබා නො දෙන්නේ ද ඇතැම් විට ඔවුන්ට නායකත්ව පුහුණුවක්වත් කර ගන්නට බැරි නිසා වන්නට විය හැකි ය. 


වැටුප් ඉල්ලීමට නායකත්වය දෙන සරසවි ඇදුරන් තමන්ට කරන මේ අවමානය ගැන නිහඬ ඇයි? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Having a military training or a national service is a must in most of the developed countries. I'm not saying that its good just because of that, but when you reason it, even countries like Singapore has the rule not to prepare for a war, but to build up ethics, in the society. Hope these people has the same objective.

    ReplyDelete
  2. @Hasantha, Singapore does not have a proper democratic frame work my friend. I am sure you have gone to Singapore but if you closely observe the society you would realize this.

    ReplyDelete
  3. Doing LEFT-RIGHT cannot produce leaders. in three months time they cannot teach English and IT to these young boys and girls either. This is Just an eye wash and to make HIS MASTERS HAPPY.

    This is another folly like selling vegetables by the army.

    Finally these young ones will join their seniors in three months time. The real training will start their. Remember they have to live with them for three or four years.

    What these fools in the higher education are going to do is provide a new membership who has military training to the Inter University Student Federation. Kohomada Tikiri Mole !!!

    ReplyDelete
  4. School waradi walata thama oya.

    ReplyDelete
  5. අදහස් දැක්වීමේ යම් යම් නොපහැදිලි තැන් මම දකිමි..පක්ෂ දේශපාලනික කරුණු ඉවත දමා සිතා බැලුවහොත් කවුරු නමුත් ඉතා වැදගත් තීරණයක් ගෙන ඇති බැව් පෙනේ.. ඒ සදහා මූලික වූ අය වැදගත් නොවේ... සරසවියට පලමු වසර සිසුන් ලෙස ඇතුලත් වන අය මුහුණ දෙන ප්‍රධාන සහ භයානකම ගැටලුවට පිලිතුරක් ලැබී තිබේ..එම පිලිතුර නිවැරදියයි තවම නොදනිමු..නමුත් පිලිතුර දුන් එකා හත් පොලේ ගා ගත් එකෙකු නිසාම එක වැරදි පිළිතුරෙකැයි කීමට තරම් අප අමන නොවිය යුතුය.. පලමු වසර සිසුවා යනු වර්තමාන සරසවිය තුල තනිකරම රූකඩයකි,නැතහොත් සෑන්ඩ්විච් එකක් මැද ඇති බටර් ගුලියකි, හැම අතින්ම පීඩනය ඔහු වෙත එල්ල වේ..කළ හැකි දෙයක් නැත... විසල් පිරිසකට එරෙහිව නැගී සිටීමට තරම් ශාරීරික ශක්තියක් ඇතත්(සුළුතරයකට) මානසිකව එය නොමැත.. අඩා ගෙන ගොස් කීමට කෙනෙක් නැත.. කොටින්ම කළ හැකි කිසිම දෙයක් නැත.. ඉතින් මේ සදහා අප කුමක් කරමුද..? සරසවිය තුල හමුදා, පොලිස් කදවුරු ඉදිකරමුද..?
    කළ හැකි එකම දෙය,වෙනස් කල හැකි එකම දෙය නම් පලමු වසර සිසුන්ට තනිව නැගී සිටීමට තරම් මානසික ශක්තිය ලබා දීමයි... ඇත්තෙන්ම මෙය සරසවි පාලනාධිකාරියට හා රජයට මහත් අපහසුවක් බවට පසු කලෙකදී පත් විය හැකි යයි මට සිතේ.. නායකත්ව පුහුණුව, ධනාත්මක ආකල්ප වැඩි දියුණුව,සමාජයේ පහලම ස්ථරය අත්විද තිබීම රටේ මතු දියුණුවට හේතුවන බව මාගේ දැනීමයි... ස්තුතියි.

    ReplyDelete
  6. මම දැන් 2වන වසර සරසවි සිසුවෙක්. මුලින්ම කියන්න ඕනා ඔය නායකත්ව පුහුණුව ගැන දැන් සරසවි ඇතුලෙ ඉන්න සිසුන්ගෙ කිසිම සැලකීමක් නැති වග. සරසවියට එන්නත් කලින් අලුත් බැච් එකේ මල්ලිලා නන්ගිලා එකිනෙකා බොහොමයක් අඳුරගෙන එන්නෙ.ඔවුන්ට ඉතුරු වෙන්නෙ සීනියර්ස්ලා සමඟ සහයෝගයෙන් වැඩ කිරිම පමණයි...... පිට ඉන්න උදවිය කොච්චර කෑගහුවත් සරසවි සිසුන් කුහකයො නෙවෙයි. කියන තරම් යකා කලු නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා