ලංකාදීපෙන් දුන් විශේෂ බැංකු නිවාඩුව

(2011 මැයි 28, W3Lanka) ආණ්ඩුවට උත්සව පවත්වන්නට තිබෙනවා නම් ලවක් දෙවක් නැත.


රටේ සියල්ල සිදු වන්නේ ආණ්ඩුවේ උත්සව කැලැන්ඩරය අනුවයි.


ගිය සතියේ 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි. ඊයේ ජාතික විජයග්‍රහණයේ සමරුවයි. හෙට තවත් මොකක් හෝ සොයා ගනු ඇත.


කොළඹ අගනගරයේ පාසල් හා රජයේ කාර්යාලවලට ඊයේ නිවාඩු දුන්නේ උත්සවයට සහභාගි වන දේශපාලකයන්ට හා නිලධාරීන්ට ට්‍රැෆික් නැතිව පාරේ යන්නටයි. සිසුන්ට අධයාපන දිනයක් ද, රටේ ප්‍රධාන පෙළේ කාර්යාල රැසකට වැඩ කරන දිනයක් ද අහිමි විය.


මේ අතර ලංකාදීප පුවත්පත සිය මුල් පිටුවේ පුවතක් පළ කරමින් කොළඹ නගරයේ බැංකු ද නිවාඩු බව කීවේ ය. කොළඹ යනු මේ රටේ ආර්ථිකයේ හදවතයි.


අද ලංකාදීප පුවත්පත එම පුවත වැරදි බව පිළිගෙන ඇත. එහෙත්, එම පුවතේ මූලාශ්‍රය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බව පුවත්පත කියයි.


ආණ්ඩුව ආසියාවේ ආශ්චර්යය හදන්නට යන්නේ ‍එසේ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඇයි රිහසල්ස් වලට වහපු දවස් ගනන... මේ ගැන උපදේ දෙන්න එක කේවට්ටයෙක්වත් නෑ නොවැ.. සට්ටමියො වැහි වැහැල...

    අනික මනමාලි නැති මගුල් ගෙයක්නේ තිබුනේ... මනමාලි හිරේ.. ෆ්ලවර් ගර්ල්ස්ල පෝරුවේ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා