ලංකාවේ දුප්පතුන් ලෝකයට යා කරන සම්බන්ධතා රැහැණ ගෙන පළමු මගී නෞකාව තූත්තුකුඩියේ සිට ලංකාවට

(2011 මැයි 11, W3Lankaඅද ‍ඓතිහාසික දිනයකි. හේතුව, නාවික සැතපුම් 152ක් දුර ගෙවා ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මගී නැවක් කොළඹ වරායට පැමිණීමයි.


මේ නෞකා සේවය මෙසේ යළි ඇරඹෙන්නේ දශක ගණනාවකට පසුවයි.


ඉන්දියාවේ දකුණු දිග ගුවන් තොටුපලකට සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකින් ගුවනින් යා හැකි ය. මෙම නැව් ගමනට පැය 10ක් 12ක් ගත වේ. එහෙත්, ඒ සඳහා යන වියදම අඩු ය. මේ ඇරඹෙන්නේ දෙරට අතර පොදු ජනයාගේ ගමනාගමන සේවයයි.


ඉන්දියාවේ සිට ලංකාවට නැවෙන් එන මගීන් 500 අපි උණුසුම් හැඟීමෙන් පිළි ගනිමු. ඔබ ‍එන්නේ හිස් අතින් නො ව, ලෝකය සමග ලංකාවේ පීඩිතයන්ගේ සම්බන්ධතා රැහැණත් රැගෙන බව අපි කියමු. දූපත් මානසිකත්වයෙන්, ජාතිවාදයෙන් මිදීමේ යතුරක් මේ මුහුදු සම්බන්ධතාව තුළ ඇති බව අපේ අදහසයි.


මේ දූපතේ ඓතිහාසික උරුමය සඳහා මෙම නාවික සම්බන්ධය සුවිසල් දායකත්වයක් සපයා ඇත. හොඳ දේ ලොවින් ගැනුමට හා ලොවට දීමට ලාංකිකයන් බුද්ධිමත් විය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පිං සිද්ධවෙයි ඔය එන හැමෝම "පියසටහන් පමණක් තබා - මතකයන් පමණක් රැගෙන" ආපහු යන්න.මෙහෙ පැලපදියම් වෙන්න නම් එපා.

    ReplyDelete
  2. නැව් ගමනාගමනය ආරම්භ කිරීම කල් දමා ඇති බව වාර්තා වේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා