සක්විති රණසිංහ වහා නිදහස් කළ යුතු ය (කොලොප්පංගේ ආර්ථික විශ්ලේෂණය)

(2011 මැයි 10, W3Lanka) රජය සක්විති රණසිංහ වහා නිදහස් කළ යුතුව ඇති බව අපි යෝජනා කරමු.


හේතුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල හා සක්විති රණසිංහගේ 'ව්‍යාපාර'ය අතර වෙනසක් නැතිකමයි.


සක්විති රණසිංහ කළේ විශාල පොලියක් ගෙවන බව කියා මිනිසුන් ඉතිරි කරගෙන සිටි මුදල් තමන් අතට ලබාගෙන කැසිනෝ ගසා, වෙනත් ආතල් ගෙන පැන යාමයි.


ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලෙන් කරන්න යන්නේ ද එය ම ය. පෞද්ගලික අංශයේ ‍සේවකයන් විසින් ඉතිරි කරන ලද මුදල් සියල්ල රජය නම් පවුලේ සමාගම භාරයට ගෙන එයින් ආතල් ගැනීම ආණ්ඩුවේ අභිප්‍රායයි. කළාට කියනවා නො වේ; ඕනෑ නම්, උදාහරණයක් ලෙස මෙහෙම කරන්නත් පුළුවන. මේ සල්ලිවලින් මැද්දේ ගල් පර්වත සහිත වරායවල් හැදිය හැකි ය. වරාය හදන කොන්ත්‍රාත්තුවෙන් ඇති තරම් හම්බ කර ඉන් පසු වරායට වතුර පුරවා ගල කැඩීමේ කොන්ත්‍රාත්තුව පටන් ගත හැකි ය. සක්විති රණසිංහ ද කළේ එවැනි දේ නො වේ ද?


මෙම විශ්‍රාම වැටුප් අරමුදලේ අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන් උපයා, ඉතිරි කර ගත් මුදල කොල්ල කෑම හැර අන් යමක් නො වේ. මෙම විශ්‍රාම වැටුප් අරමුදලෙන් විශ්‍රාම වැටුප් ලැබෙන්නේ වයස අවුරුදු 60 සිටයි. එහෙත්, ලංකාවේ පිළි ගත් විශ්‍රාම වයස අවුරුදු 55කි. අවුරුදු පහක් සේවකයා නො කා නො බී සිටිය යුතු ය. විශ්‍රාම ගිය දාට පසුදා සේවකයා මළොත්, ඔහුගේ සමස්ත ඉතිරි කිරීම ම රාජසන්තක වේ. මන්ද, දැනට පවතින ක්‍රමය අනුව, විශ්‍රාමය බිරිඳටවත් නො ලැබෙන බැවිනි. දරුවන්‍ට එය ලැබෙන්නේ ඔවුන් අවුරුදු 18ට අඩු නම් පමණි. එබැවින් මින් පසු පෞද්ගලික අංශයේ සේවකයන් කසාද බැඳිය යුත්තේ අවුරුදු 45ක්වත් වූ පසු ය. ඒත්, දායක ගිනුමේ ඇති මුදලින් 60%ක් පමණි. ඉතිරි 40% රජයටයි.


මේ විශ්‍රාම වැටුප් යෝජනාව අනුව, විශ්‍රාම යන පෞද්ගලික අංශයේ සේවකයාට විශ්‍රාම ගිය දා සිට ලැබෙන්නේ ඔහු අවසන් වරට ලබා ගත් වැටුපට සමාන මුදලක් නො වේ. ඔහු අරමුදලේ සාමාජිකත්වය දැරූ කාලයට අනුව ගණනය කළ සුළු මුදලකි. සාමාජිකත්වය අවුරුදු දහයට අඩු නම්, කිසිවක් නො ලැබේ. ඒ සල්ලි ආණ්ඩුවට ය.


මේ සියල්ල කරන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ කැමැත්තට පටහැණිව ඔවුන් ඉතිරි කළ මුදල් බලෙන් ලබා ගනිමිනි. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අරගන්නා විට මෙවැනි දේ කරන බවට ගිවිසගෙන ඇත. එපා, එපා කිව්වත් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් දෙන එක දෙනවාමයි කියා ආණ්ඩුව සපථ කරන්නේ ඒ නිසා ය.


බලාගෙන යනකොට සක්විති හොඳ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනිවාර්යයෙන් ම අප මේ මංකොල්ලයට එරෙහි වියයුතුමයි.A good post.I highly appreciate.

    ReplyDelete
  2. The political class needs more funds to steal the surplus. What they are doing with "development" has now moving to other areas such as "Provident Fund". Our ignorant masses do not know what is going on under their feet. "Bin Kundo Umba Danne Ne Mun Gahana Gehili"

    ReplyDelete
  3. AAnduwata thawa godak kal thiyena nisaa / anith aya wiruddha nisaa / Kalabala nowee , thawa awurudhak dekak KAL DAAMU....../ Nethinam KEMATHI ayata PAMANAK pension demu.....AKAMETHI ayata parana widiyamaiiiiiiii

    ReplyDelete
  4. meeta wada hodai wishrama watup kramaya ahosi kirima

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා