ජාතිවාදීනට ආණ්ඩුවෙන් සමු ගන්න කල එළඹෙමින් තිබේ

(2011 මැයි 08, W3Lankaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් හෙළා දැකීමේ පඹයන් පිළිස්සීම්, මාරාන්තික උපවාස ආදී මළ විකාරවලට ඉඩ නො දී එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට උපරිම ආරක්ෂාව සලසන ලෙස චීනය හා රුසියාව ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දී ඇති බව අද ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි.


ඉල්ලීම නො තකා එවැනි ක්‍රියා කරන්නට ගියහොත් ලංකාවට දෙන සහයෝගය ඉවත් කර ගන්නා බව ද එම දෙරට විසින් දැනුම් දී තිබේ.


ඒ අනුව, ආණ්ඩුව සිය උද්ඝෝෂක හා උපවාසකාර වඳුරන් කූඩු කර ඇති අතර, ජනතාව කුපිත කිරීම විදේශිකයන්ට නො තේරෙන සිංහල දිනමිණ හා දිවයින පත්තර දෙකට භාර දී ඇත.


සිම්පල් වැඩක් ලෙස සිතා විකල්ප එක්සත් ජාතීන්ගේ සංවිධානයක් හදන්නැයි විමල් වීරවංශ කළ යෝජනාවට කුමක් වේදැයි අපි නො දන්නෙමු. 


මේ වනාහි ලංකාවේ ආණ්ඩුවට එරෙහිව තිබෙනවා ය කියන 'කුමන්ත්‍රණයේ' ම කොටසකි. චීනය හා රුසියාව ලවා ම ලංකාව ආපසු ගෝලීය ධනවාදයේ ට්‍රැක් එකට හෙවත් මාර්ගයට දමා ගැනීමට බටහිර අකැමැති නො වනු ඇත.


ලංකාවේ පාලකයන්ගේ බටහිර විරෝධය යනු ගෝලීය ධනවාදයට එරෙහි එකක් නො ව, ‍පසුගාමී පවුල්වාදී, ජාතිවාදී හා ආගම්වාදී බලපෑම් නිසා සිදු වන්නක් බව ඉතා පැහැදිලි ය. ආණ්ඩුවට දෘෂ්ටිවාදීමය පසුබිම සපයන නලින් ද සිල්වා. චම්පික රණවක වැනි ජාතිවාදී බලවේග රටේ ඉඩම්, ස්වභාවික සම්පත් හා ජන ජීවිත විදේශික ධනපතීන්ට ශීඝ්‍රයෙන් විකිණෙනවාට විරෝධයක් නො දක්වති. ඔවුන්ට ප්‍රශ්නය ඇත්තේ සුළුතර ජාතීන් හා ආගම් සමග පමණ ය. දෙමළුන්ට ‍දීමට අකැමැති දේ එස්කිමෝවරුන් ඇවිත් අරන් ගියත් ඔවුන්ට ප්‍රශ්නයක් නැත. 


එහෙත්, පරාජය වුවත්, දෙමළ අරගලය විසින් කරන ලද බලපෑම හමුවේ ගෝලීය ධනවාදයට ලංකාවේ සිදු වන දෙමළ ඉල්ලීම් මර්දනයට දිගින් දිගට ම ඉඩ දීමේ අපහසුවක් තිබේ.


කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු ලංකාවේ ඇති වී තිබෙන ස්ථායීභාවය චිරස්ථායී කිරීමට නම් දෙමළ ධනේශ්වරය සමග සම්මුතිගත විය යුතු බවට ලංකාවේ පාලකයන්ට බලපෑම් ඇත. සම්මුති සහගත වීමේ බලපෑම දෙමළ ධනේශ්වරයටත් ඇති අතර, රජය සමග සාකච්ඡාවලට සහභාගි වන දෙමළ ජාතික සන්ධානය මෙම බලපෑම් හේතුවෙන් ඉදිරි සාකච්ඡා වටවලදී ‍13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලැබී ඇති පොලිස් හා ඉඩම් බලතල වැනි වැදගත් සාධක අතහැර දැමීමට ඉඩ ඇත. ඒ වෙනුවට හිලව්වට ආණ්ඩුව සමගාමී ලැයිස්තුව අතහැර පළාත් සභා බලතල නිරවුල් කර ලබා දීමට ද ඉඩ තිබේ. කුමන හෝ අන්දමින් දෙමළ ජනතාවට බලය දීමෙන් තොරව ලංකාවේ පාලකයන්ට ඉදිරියට යා නො හැකි ය. 


සිංහල ජාතිවාදීන්ගේ උවමනාව පරිදි දෙමළ ප්‍රශ්නයට විසඳුම් දීම තව තවත් පමා කරන්නට ගියහොත් රාජපක්ෂවරුන්ට යුද අපරාධ අධිකරණ දක්වා ද යන්නට සිදු වනු ඇත. 


ලංකාව ලෝකයෙන් හුදකලා කර සිංහල ජාතිවාදයේ හා බුදුන්ගේ නො වන සිංහල බුද්ධාගමේ සිරගෙයක් ලෙස තබා ගැනීමට සිහින දකින ජාතිවාදී, ආගම්වාදී නරුමයන්ට, තමන් ඒ කියන දෙයට හෝ අවංක නම්, සිය කූ ක්ලක්ස් ක්ලෑන් දේශපාලනය ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම‍ට සිදු වන දිනය ළඟ ළඟ ම එළඹෙමින් ඇත.


ආණ්ඩුවේ අනුග්‍රහය ලබන නිල නො වන පැරා මිලිටරි කල්ලි ලෙස පවතින්නට ඔවුහු සූදානම් විය යුතු ව තිබේ. 


බටහිර බලපෑම හෝ වෙන මොකක් හෝ තුළ ආණ්ඩුව නව ලිබරල් ධනවා‍දයේ ලිබරල් පාර්ශ්වය ද ස්පර්ශ කිරීමට සිදු වී ඇත. අපි එයට සුබ පතමු. මන්ද, වැඩවසම්වාදයට වඩා ධනවාදය සමාජවාදයට ළඟ හෙයිනි. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජාතිවාදි ආන්ඩුව පලවා හෑර පත් කරගෑනීමට සාර්තක විකල්පය අපි සතුව තිබෙනවාද කියා මුලින් අපි බෑලිය යුතුය.මක් නිසාද යත් නිවෑරදි තීරනයක් නොගතහොත් රට අරාජික තත්වයකට පත්වනු ඇත.
    මෙවෑනි ලිපියක් පලකිරිමේ දි ඉහත මා ඉදිරිපත් කල ප්‍රශ්නයටත් පිලිතුරක්,නෑතිනම් ඔබේ යජනාවද ඉදිරිපත් කලානම් ඉතා මෑනවය

    ReplyDelete
  2. vaduranta dali pihi deela thamun puka kapagena dan dagalanawa.....dadi bidi idi aminta una de mathakada.....

    ReplyDelete
  3. @ අජිත්

    මෙය ඔබේ මෙම ලිපියට අදාල නොවූවක් වීම ගැන සමාවන්න.මෑතකදී සිට බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබෙන සිහිසටහන් නම් බ්ලොග් අඩවිය හා මෙය සම්බන්ධය. මෙහිදී මට සිදුව තිබෙන අසාධාරණය ප්‍රකාශ කිරීමට අන් මගක් නැත.මන්ද අදාල බ්ලොග්කරු මාගේ කමෙන්ටු කපා දැමීමෙහි දිගින් දිගටම නිමග්නව සිටින බැවිනි.ඒ නිසා අන් මගක් නැති තැන මෙම අඩවියේ මෙය පලකරමි.(මෙහි පිටපතක් කතන්දර අඩවියේද පල කරන ලදි)
    ඒ සදහා ඉඩ දෙනු ඇතැයි මම අපේක්ෂා කරමි.

    සිහිසටහන් අඩවියේ ගෝඨාභය රාජපක්ෂ ගැන දින කිහිපයකට ඉහත ලිපියක් පලවූ අතර ඉන් එතුමාව ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය නායකයා ලෙස අභිෂේක කොට තිබුණි.

    http://sihisatahan.wordpress.com/2011/05/05/blogpost33/

    එහිදී මම කරුණු කිහිපයක් උඩ එම නිගමනය ප්‍රශ්න කල අතර එම ප්‍රශ්න කිරීම් වලට කිසිදු පිලිතුරක් නොලැබුණි. මා ලද එකම පිළිතුර වූයේ මා එක්තරා දේශපාලන කදවුරක් නියෝජනය කරන නිසා මට පිළිතුරු දීමට කාලය වැය නොකරමි යන ලිස්සා යන උත්තරය පමණි. එහිදී අදහස් දැක්වූ රවි දිනුක වැනි කීපදෙනෙක්ම චානුකගේ උක්ත ප්‍රවේශය ප්‍රශ්න කොට තිබූ අතර මීට පිළිතුරු දෙන චානුක මගේ නිර්නාමිකත්වය ගැනත් මා නිර්නාමික වීම ගැනත් ප්‍රශ්න කරමින් ( මා මතුකළ කරුණු වලට උත්තර දෙනවා වෙනුවට) නිර්නාමිකව ලියන මා වූ කලී ආනන්ද වර්ධන යැයි නිගමනයක්ද කර තිබුණි. (ආනන්දවර්ධන ඔබ දන්නවා ඇතැයි සිතමි.හෙතෙම බ්ලොග් අවකාශයේ පුරෝගාමි බ්ලොග්කරුවෙකි.ඔහුට මා වාගේ නිර්නාමිකව කමෙන්ටු දදා ඉන්න ඇම්මක් ඇතැයි නොසිතමි )

    මා සිහිසටහන් අඩවියේ පලකල කමෙන්ටුව සම්පූර්ණයෙන් මෙසේය.

    "@ සියල්ලන්ම

    මෙම බ්ලොග්කරු වැදගත් මහත්මයෙකු බවට කතන්දර බ්ලොග් අඩවියේ සදහන්ව තිබූ අතර මමද එය සද්භාවයෙන් විශ්වාස කලෙමි. මෙහි කමෙන්ට් කිරීමට මා පෙළඹුනේ එම නිසාය.මොහු මෙහිදී දක්වා තිබූ අදහසක් නිශ්චිත කරුණු කිහිපයක් උඩ මම ප්‍රශ්න කලෙමි.ඒ වැදගත් මහත්මයෙකු ලෙස අභිෂේක කොට තිබූ මෙතුමාගෙන් ඊට නිසි පිළිතුරු ලැබෙනු ඇත යන අවංක විශ්වාසයෙනි.නමුත් මා වෙත කිසිදු පිළිතුරක් නොලැබුනු අතර සිදු වූයේ මගේ දේශපාලන කදවුරක් ගැන නන්දෙඩවීමක් පමණි.එය මා කිසිසේත් අපේක්ෂා කල එකක් නොවීය.මේ නිසා කිසිදු සංවාදයක් ගොඩ නොනැගෙන බව තේරුම් ගිය නිසා මම දිනකට පෙර මෙම සංවාදයෙන් ඉවත් උනෙමි.

    නැවත අද නිකමට මෙන් මෙම අඩවිය වෙත පැමිණි විට දැක ගත හැකි වූයේ කුමක්ද?ඉතාම සදාචාරාත්මක නොවන විදිහකට මෙම බ්ලොග්කරු මගේ ප්‍රශ්න මග හරිනවාට අමතරව මා ආනන්ද වර්ධන බවට මහා සොයාගැනීමක්ද කර තිබෙන බවයි!ආනන්ද වර්ධන මෙය කියවනවාදැයි මම නොදනිමි.එසේ නම් ඔහු මෙය නිවැරදි කරනු ඇත.ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නෙක්ට පිලිතුරක් නොදී ඔහුගේ ජාතකය පිලිබද අංජනම් කීම මෙවැනි "මහත්මයෙකුගෙන්" කිසිවිට මම අපේක්ෂා නොකලෙමි.මොහුට මාගේ නිර්නාමිකත්වය විශාල ගැටලුවක් වී තිබේ.නිර්නාමිකත්වය සදහා වූ අයිතිය බ්ලොග්කරණයේ අයිතියක් බව මෙතුමා නොදැනීම කනගාටුවට කරුණකි.ඒ නැතත් ආරක්ෂක ලේකම් මුරුංගා අත්තේ තබමින් සිය සැබෑ නමින් ලිවීමට චානුක වත්තේගමලාට නිදහස තිබුණත් ඔහුව ප්‍රශ්න කිරීමට අපට තිබෙන නිදහස එම විශ්ෂ්ට රාජ්‍ය නිලධාරීන් විසින් හකුලා තිබෙන ආකාරය තේරුම් ගැනීමට අතාස් පෝදද්ල ජයන්ත චන්දන සිරිමල්වත්ත හා එවැනි ප්‍රශ්න කිරීමකට තරම් නිර්භීත වූ සියලු දෙනාගේ අත්දැකීම් ප්‍රමාණවත්ය.වත්තේගම.මම ආනන්ද වර්ධන නොවෙමි.අනෙකාගේ ජාතකය සොයන කැත පුරුද්ද පසෙක තබා සංවාදයෙහි යෙදීමෙහි ශික්ෂණය දැන්වත් ප්‍රගුන කරගනු මැනවි!

    - මෙය පලකරනු ඇතැයි මම අපේක්ෂා කරමි."

    අවාසනාවකට වත්තේගම මෙය පල කලේ නැත!තමන්ගේ බ්ලොගයේ පල වන්නේ මොනවාද නැද්ද යන්න තිරණය කිරීමේ අයිතිය ඕනෙම අයෙකුට තබේ. නමුත් කුණුහරුප කිසිවක් නැති තමාගේ භාවිතය ප්‍රශ්න කරන කමෙන්ටු කපා දැමීම යනු සදාචාරාත්මක නොවන බමුණු ක්‍රියාවක් බව මම සිතමි.වත්තේගම ශාන්තුවරයෙකු බවට අභිෂේක කොට තිබේ.එහි පල වෙන කමෙන්ටු දෙස බැලීමෙන් බොහෝ දෙනා එසේ සිතාගෙන ඉන්නා බවත් පෙනී යයි.නමුත් එම වැදගත් මහත්මයා මෙලෙස සදාචාරාත්මක නොවන ලෙස හැසිරෙන බවත් ලෝකයා දැනගත යුතුය.මෙහිදී එක් අතෙකින් ආනන්දවර්ධනට අසාධාරණයක් සිදුව තිබෙන අතර අනිත් අතින් මගේ අදහස් ප්‍රකාශය වැලැක්වීම හරහා මාගේ සම්පූර්ණ කතාව ලෝකයාට කීමට නොහැකි වීමෙන් මටද අසාධාරණයක් සිදුව ඇත.මෙය පලකරන්නේ ඒ නිසාය.මෙහිලා සාධාරණ ක්‍රියාමාර්තයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

    - ලලී

    ReplyDelete
    Replies
    1. මහත්මයා වත්තේගම ගැන ගොඩක් දේ නොදන්න හැඩයි. ගිහින් ආර් එල් ස්ටීවන්සන්ගේ Dr Jekyll and Mr Hyde කියවල‍ා එන්න හොඳ පුතා වගේ . අඬන්න එප‍ා හොදේ

      Delete
  4. What happened to Gadiafi? Finally he was abandoned by the Russian and the Chinese governments at the Security Council.

    ...Sri Lanka leaders have already jumped on to the laps of Russians and Chinese by their diplomatic work against the so called Darusman Report. They now live in the fool's paradise enjoying the funfair created by Nalin, Wansa and Champika who moved from left opportunism to chauvinist opportunism. They don't see that they are creating big international isolation for this country. UN intervention in Sri Lanka has done what normally UN do for these type of regimes "Mobilization of Shame".

    ReplyDelete
  5. මාර සෙනග වට කරගෙන යම යුද්දේ
    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

    ReplyDelete
  6. Prabaharanta api kiyanne Trasthawadiya kiyala
    Binladan api hadunwanne Trasthawadiya kiyala
    ape sinhalayangeth samaharak aya karanneth me trasthawadiyo karapu de mai.Ethakota me gollanut
    Trasthawadiyo ne'da. Diwaina paper Trasthawadeenta udaw karana paper ekak ne'da
    Sinhala Trasthawadeenta Anduweth Sahayogaya...?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා