මේ මහින්දලාගේ යුගයයි; ඔබත් මහින්ද කෙනෙක් ද?

(2011 මැයි 02, W3Lankaජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ය.


ආණ්ඩුවේ ඇමතිවරු අඩු තරමේ සිව්දෙනෙක්වත් මහින්දලා ය. ඒ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ හා මහින්ද රත්නතිලක ය.


පොලිස්පති මහින්ද බාලසූරිය ය.


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ය.


සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ ය.


දිනමිණේ කර්තෘ මහින්ද අබේසුන්දර ය.


ඔබ දන්නා තවත් ලොකු තනතුරු දරන මහින්දලා සිටිත් නම් මෙහි සඳහන් කරන්න.


මේ මහින්දලාගේ යුගයයි. ලේඛකයා තුනේ පංතියේ සිටියදී ඔහුගේ පංතියේ ද මහින්ද කියා ළමයෙක් සිටියේ ය. ඔහුට සෙසු ළමයි විහිළුවට කුරුල්ලකුගේ නමක් කී හ. ටැක්සි රියදුරකු වූ ඔහුගේ තාත්තාගේ නම මයිකල් වූ අතර ඔහුට ද මිනිස්සු ඒ කුරුල්ලාගේ නම ම කී හ. ලේඛකයාගේ පංතියේ සිටි කුරුල්ලා ද දැන් කොහේ හෝ ලොකු අත්තක වසා ඉන්නවා විය හැකි ය.


ඔබ අවට ද මහින්දලා සිටිත් නම්, තරාතිරම නො බලා පුටුවෙන් නැගිට ඔවුන්ට ගරු කරන්න. මේ ඔවුන්ගේ යුගයයි.


එහෙත්, ජනාධිපතිතුමා නම් මහින්ද නො ව, මහේන්ද්‍ර ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනික දැන් දකින දකින තැන් වල රාජපක්ශලා වැහි වැහැලා..

    ReplyDelete
  2. මහේන්ද්‍ර පෙරේරා කියා නලුවෙක්ද සිටින බව මතක් වේ.

    ReplyDelete
  3. අද මිනිස්සු බයක් හැකක් නැතිව ඉන්නවා. සමහරු යාල්පානම් යනව. බඩු මිළ වැඩියි තමයි. ලෝකෙ හැම රටකම විවිධ හේතු නිසා බඩු මිළ වැඩි වෙනව. ඒත් ඔබ හැම දාම මහින්ද රාජපක්ෂට විරුද්ධ ලිපි පල කරන්නේ ඇයි ? කොටි මරපු නිසාද ? අපිට අමතක වෙන්න යන්නේ සුළු කාලයක් නේද ? ඕක ප්‍රභාකරනුත් කියල තියෙනවනේ. පොඩ්ඩක් හිතන්න බලන්න. කකුල් දෙක අස්සෙ බෝම්බ පිපිරුනු කාලෙ ?

    ReplyDelete
  4. mahinda yapa kiyala kenekuth innwa neda?

    ReplyDelete
  5. The president is not Mahinda. I don't know how he got that name but his name was Percy Mahendra Rajapakse

    ReplyDelete
  6. mahinda gena mokada ochchara amaruwak...ai kahanawada?

    ReplyDelete
  7. lolz padurakata pain gahuwoth mahindala ekasiya gaanak wisi wei

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා