Posts

Showing posts from May, 2011

ජයග්‍රාහී විශ්‍රාම වැටුප් සටන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හා මානව හිමිකම් සඳහා අරගලයේ පූර්වාදර්ශයකි

Image
(2011 මැයි 31,   W3Lanka )  ආණ්ඩුවට යෝජිත පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප් අරමුදල හකුලා ගැනීමට සිදු විය. එය ආණ්ඩුවට අන්ත පරාජයකි. කම්කරු පංතියට විශිෂ්ට ජයකි. විශේෂයෙන් ම නිදහස් වෙළඳ කලාපයේ කම්කරු කාන්තාවන්ගේ නායකත්වයෙන් දියත් කරන ලද අරගලයට මුහුණ දෙන්නට රජයට බැරි විය. කර්මාන්ත සාමය හෙවත් ආයෝජකයන්ට නිදහසේ සිය සූරා කෑමේ ක්‍රියාවලිය කරගෙන යන්නට අවශ්‍ය සාමය තහවුරු කර දීම සඳහා ආණ්ඩුව අද දිනයේ කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දමා ඇත. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ පහර දීම්වලින් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු පොලිසියේ 15ක් තුවාල ලද බව බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කළ මුත් කම්කරුවන් 200කට වඩා තුවාල ලැබ රෝහල් ගත කළ බව එම මාධ්‍යවලට නො පෙනිණි. නිදහස් වෙළඳ කලාප සේවකයන් යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් නිදහස් කිරීමට රජය ඊයේ උදේ ම තීරණය කළේ ය. රජයේ තවත් නිවේදනයක කියැවුණේ විශ්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය මාස 120 සේවය සම්පූර්ණ කර නැති අයට සිය ඉතිරි කිරීම් පොලියත් සමග ආපසු ලබා ගත හැකි බවයි. එහෙත්, මුල් පන‍තේ තිබුණේ එවැනි අය මෙම විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවන මුදලින් 60%ක් පමණක්

Sri Lanka government defeated by private sector employees

Image
(May 31, 2011, Lanka Polity ) Sri Lanka's ruling Sri Lanka Freedom Party (SLFP) Central Committee that met under the patronage of party leader President Mahinda Rajapaksa yesterday evening unanimously decided to hold the proposed private sector pension scheme temporarily. The decision drew a close resemblance with the socialist dictatorships of the former Eastern Block in which the central Committee of the Communist Party was the actual governing council of Sri Lanka. The Central Committee decided to reconsider the bill and to hold it until a new bill that they say suits the needs of the private sector employees is drafted. Read More in Lanka Polity මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

රණවිරු රියල් ස්ටාර් කවුරු ද?

Image
(උපුටා ගැනීම දිනමිණෙනි .) ලොව ඉහළ ම ආකර්ෂණය දිනාගත් හා වැඩි ම ත්‍යාග ප්‍රමාණයක් ලබා දුන් ප්‍රථම හා විශාල ම “මිලිටරි – රියලිටි” මහා සංගීත ප්‍රසංගය ඊයේ රාත්‍රියේ කොළඹ දී පැවැත්විණි. රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමකින් යුතු ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමුණු මේ තරගය සඳහා එස්. එම්. එස්. පණිවුඩ ලක්ෂ ගණනක්ද ලැබී තිබිණි. වැඩි ම කෙටි පණිවුඩ ලැබු සංදර්ශනය හා තරගය ලෙස ද “මිලිටරි රියලිටි” ප්‍රසංගය ඉතිහාස පොතට එක් ව තිබේ. ලෝකයේ රටවල් සිය ගණනක් ඊයේ (29) අන්තර් ජාලය හරහා මෙම රණවිරු රියල් ස්ටාර් නැරඹූහ. ඊයේ අවසන් තරගයට පෙර පැවැති තරගවලදී තරගකාරී රණවිරුවන් කේටියක පමණ කෙටි පණිවුඩ ලබාගෙන තිබුණි. ලෝකයේ මෙවැනි විශාල කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලබාගත් ප්‍රථම වැඩසටහන ලෙස රණවිරු රියල් ස්ටාර් වාර්තාගත වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කීය. සෑම තරගකරුවකුටම කෙටි පණිවුඩ ලක්ෂ තුනකට වඩා ලැබී තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිනිය, මැති ඇමැතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෙසු ආරක්ෂක නිලධාර

විදුලි බල මණ්ඩලයේ මාෆියා කල්ලියට එරෙහිව චණ්ඩියෙක් සටනක

Image
(2011 මැයි 30,   W3Lanka )  දැන් ලංකාව චණ්ඩින්ට ම ගිය රටකි. හැම තැන ම ඉන්නේ චණ්ඩි ය. රජයේ දේශපාලනඥයන් පමණක් නො ව, නිලධාරීන් පවා චණ්ඩි ය. මේ තවත් චණ්ඩියෙකුගේ චණ්ඩි කතාවකි.ඔහුගේ නම විද්‍යා අමරපාල ය. "විදුලි ඉංජිනේරු සංගමය පවසා තිබෙනවා පෙර සභාපති එම තනතුරින් නෙරපා දැම්මා සේ වත්මන් සභාපති වන මාවත් අදාළ තනතුරින් නෙරපා හරිනවා කියලා. නමුත් මට කිව හැක්‌කේ ඔවුන් කරන අවසාන සටන මෙය බවයි." රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු වන මෙම පුද්ගලයා ‍මෙම ප්‍රකාශය කරන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ය. ඔහුට අනුව, එක්කෝ මේ සටනින් පසු ලංකා විදුලිබල මණ්‌ඩල විදුලි ඉංජිනේරු සංගමය හෝ එහෙම නැතිනම් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හෝ ඉවර විය යුතු ය. විද්‍යා අමරපාල පවසන පරිදි ලංකා විදුලිබල මණ්‌ඩල විදුලි ඉංජිනේරු සංගමය මහජනතාව නොමග යවන මාෆියා කල්ලියකි. ලංකාවේ තරම් මාෆියා කල්ලි ඉතාලියේ ද නැත. මාෆියා කල්ලිවල ඉන්නේ ද චණ්ඩි ය. ඒ නිසා ඒ සමග සටන් කරන්නට ද අවශ්‍ය වන්නේ චණ්ඩි ය.  දැන් විදුලි බල මණ්ඩලය පිස්සු හැදෙන තරම් කාර්යක්ෂම ය. මේ මාසයේ බිල නො ගෙව්වොත් ලබන මාසයේ එන්නේ රතු බිලකි. රුපියල් පන්සීයේ හිඟ

ලැජ්ජයි, ඇමතිවරුනි, ලැජ්ජයි.

(2011 මැයි 29,,   W3Lanka )   කටුනායක වෙළඳ කලාපයේ එක් ආයතනයකින් සේවකයින්  පහ බැඟින් කටුනායක වෙළඳ කලාපයේ ආයතන 90ක සේවකයින් කැඳවා ඊයේ පවත්වන ලද පෞද්ග/ලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනා කෙටුම්පත පිළිබඳ රැස්වීමේදී කම්කරුවෝ අභීත ලෙස දේශපාලකයන් ප්‍රශ්න කර, ඔවුන් කිච වී පල්ලම් බසින තතත්වයට පත් කළහ. ජනාධිපති නියමයෙන් සංවිධානය කරන ලද බව කියන මෙම රැස්වීමට කම්කරු ඇමති ගාමිනී ලොකුගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, පළාත් සභා මන්ත්‍රී නිමල් ලංසා, ලලිත් වණිගරත්න, ආනන්ද හරිස්චන්ද්‍ර ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙරුමන් පිරිසක් සහ කම්කරු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටි බව මාධ්‍ය වාර්තා කරයි. නිදහස් වෙළඳ කලාප කම්කරුවන් පානුයි, පරිප්පුයි කා ඉතිරි කරන මුදල පවා ‍සූරාකන්නට හදනවා නේදැයි අභීත කම්කරු සහෝදරියන් ඇමතිවරුන්ගෙන් අසන්නේ සදය උපහාසයෙනි. ඇමතිලාට, දේශපාලකයින්ට, නිලධාරීන්ට උත්තර නැත. සේවකයන්ගේ වැටුප්

ලංකාදීපෙන් දුන් විශේෂ බැංකු නිවාඩුව

(2011 මැයි 28,   W3Lanka )   ආණ්ඩුවට උත්සව පවත්වන්නට තිබෙනවා නම් ලවක් දෙවක් නැත. රටේ සියල්ල සිදු වන්නේ ආණ්ඩුවේ උත්සව කැලැන්ඩරය අනුවයි. ගිය සතියේ 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි. ඊයේ ජාතික විජයග්‍රහණයේ සමරුවයි. හෙට තවත් මොකක් හෝ සොයා ගනු ඇත. කොළඹ අගනගරයේ පාසල් හා රජයේ කාර්යාලවලට ඊයේ නිවාඩු දුන්නේ උත්සවයට සහභාගි වන දේශපාලකයන්ට හා නිලධාරීන්ට ට්‍රැෆික් නැතිව පාරේ යන්නටයි. සිසුන්ට අධයාපන දිනයක් ද, රටේ ප්‍රධාන පෙළේ කාර්යාල රැසකට වැඩ කරන දිනයක් ද අහිමි විය. මේ අතර ලංකාදීප පුවත්පත සිය මුල් පිටුවේ පුවතක් පළ කරමින් කොළඹ නගරයේ බැංකු ද නිවාඩු බව කීවේ ය. කොළඹ යනු මේ රටේ ආර්ථිකයේ හදවතයි. අද ලංකාදීප පුවත්පත එම පුවත වැරදි බව පිළිගෙන ඇත. එහෙත්, එම පුවතේ මූලාශ්‍රය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බව පුවත්පත කියයි. ආණ්ඩුව ආසියාවේ ආශ්චර්යය හදන්නට යන්නේ ‍එසේ ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

විදුහල්පතීන්ට හමුදා පුහුණුව දීම හෙවත් පය බරවායට පිටි කය බෙහෙත් බැඳීම

Image
Making principal the biggest bully of school (2011 මැයි 28,   W3Lanka )  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය දිනෙක ඉසිපතන විද්‍යාලයේ පැවති උත්සවයකදී කරන ලද කතාවකින් හෙළිදරව් වූ කරුණක් වූයේ රජයේ පාසල්වල විදුහල්පතිවරුන් 1000කට ද හමුදා මෙහෙයවීමෙන් නායකත්ව පුහුණුව සැපයීමට සැලසුම් කර ඇති බවයි. අධ්‍යාපන ලේකම්වරයාට අනුව විදුහල්පතිවරුන්ට මෙම පුහුණුව අවශ්‍ය වන්නේ තාප්පයකින් පැන ළමයකු අල්ලා ගන්නට පුළුවන් වන්නට හා ළමයින්ට බය නැති වන්නට ආදියටයි. අහෝ දුකකි! මේ රටේ අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිගේ භූමිකාව හඳුනාගෙන ඇත්තේ එසේ ය: ඔවුන්ට අනුව, විදුහල්පති චණ්ඩියකු විය යුතු ය. මේ රටේ පිළිගැනුම අනුව නායකයා යනු චණ්ඩියෙක් ද? අධ්‍යාපන කළමනාකරණයේදී විදුහල්පති විසින් කළ යුතුව තිබෙන කාර්යභාරය අතිශය වැදගත් ය. විදුහල්පති හොඳ අධ්‍යාපනවේදියකු වීම මෙහිදී අත්‍යවශ්‍ය දෙයකි. ලංකාවේ විදුහල්පතිවරුන්ගේ ගැටලුව එසේ නො වීමයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරුන්ට නායකත්වය දීමට විදුහල්පතිවරයා දක්ෂ නො වීමයි. විදුහල්පති සේවයේ ඇති මෙම ගැටලුව විසඳීම සඳහා වැඩපිළිවෙලක් නො යොදා විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුවක

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප හෙවත් Rob both Peter and Paul to pay Namal

Image
(2011 මැයි 25,   W3Lanka )  ලංකාවේ ආණ්ඩුව නම් මාර ම ආණ්ඩුවකි. පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ ගණනින් වීදි බැස දෙන්න යන විශ්‍රාම වැටුප එපා කියති. එහෙත්, ආණ්ඩුව එපා එපා කියද්දී බත් බෙදන පරණ පන්නයේ මගුල් ගෙවල්වල බත් බෙදූ බේබදු අයියලා සේ බලෙන් ම විශ්‍රාම වැටුප් දෙන්න හදයි. දෙන්න යන විශ්‍රාම වැටුප හරියට ඌරාගේ මාළු ඌරාගේ ම ඇ‍ඟේ තබා කපනවා වැනි වැඩකි. ආණ්ඩු බදු අය කර සුබසාධනය සැලසීම ගැන ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වන Rob Peter to pay Paul හෙවත් පීතරගෙන් සොරකම් කර පෝල්ට ගෙවීම යන්න පවා මෙම විශ්‍රාම වැටුපට නො ගැලපේ. මෙයට ගැලපෙන්නේ Rob both Peter and Paul to pay Namal වැනි කියමනකි. මේ ඊයේ දිවයින පත්තරයට කම්කරු සබඳතා හා ඵලදායිතා සංවර්ධන ඇමති ගාමිණී ලොකුගේ මෙම විශ්‍රාම වැටුප ගැන කළ විස්තරයකින් උපුටා ගත් කොටස් කීපයකි. ප්‍රශ්නය - මෙම යෝජිත විශ්‍රාම වැටුප් අරමුදල ශක්‌තිමත් කර ගැනීම සඳහා මුදල් සපයන මාර්ග මොනවාද? පිළිතුර - සේවක මහත්වරු දැනට අර්ථසාධක අරමුදලට ගෙවන මුදලට අමතරව තවත් 2% ක්‌ වැටුපෙන් කපාගන්නවා. ඊට අමතරව හාම්පුතුන් තවත් 2% ක්‌ ලබාදිය යුතුයි. අර්ථසාධක අරමුදලේ අක්‍රීය ගිණුම්වල මුදල්

පොළොන්නරුවේ බර උසුලන බබා හා ක්‍රීඩා අමාත්‍යංශයේ බබාලා

Image
බොක්සිං ශූර මංජු වන්නිආරච්චිටත්, ඔහු බදා ගත් දේශපාලකයින්ටත් තහනම් උත්තේජක නිසා අහිමි වූ සරාගී පදක්කම (2011 මැයි 23,   W3Lanka )  බර ඉසිලීමේ ශූර පොළොන්නරුවේ චින්තන ගීතාල් විදානගමගේ (විදානගේ ලෙස ද සඳහන් වේ) මුල් කාලයේ ජවිපෙට සමීපව කටයුතු කළ ක්‍රීඩකයෙකි. ඔහු ඒ කාලයේ ඒ බව ප්‍රසිද්ධියේ ම කීවේ ය. එය ඔහු තුළ අප දුටු විශේෂත්වයකි. මුදල් හඹා යන වත්මන් තරගකාරී ක්‍රීඩා ක්ෂේත්‍රයේ නරක ප්‍රවණතාවලින් මිදෙන්නට අවශ්‍ය ජීවිත ඥානය චින්තනට දෙන්නට ඔහු පසුබිමින් තිබුණු දේශපාලනයට ද හැකියාවක් තිබී නැති බව පෙනේ. එක අතකට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි විමල් වීරවංශට හෝ නන්දන ගුණතිලකට නැති ජීවිත ඥානයක් මේ තරුණයාට කොහෙන් ලැබෙන්න ද? පසුගියදා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු චින්තන ගීතාල් විදානගමගේ කිලෝග්‍රෑම් 162 ක බරක් ‍ඔසවා රන් පදක්කම හිමි කර ගත්තේය. ඊට පෙර, 2006දී මෙල්බෝන්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්ව නියෝජනය කළ චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 62 ක බර පන්තියෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී 2010

ජෝක්ලන්තයේ රාජ්‍ය නවක වධ වැඩසටහන අද ඇරඹේ

Image
ජෝක්ලන්තයේ සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව හෙවත් රාජ්‍ය නවක වධ වැඩසටහන අද ඇරඹේ. කලින් සැලසුම් කළ පරිදි සිසුන් කොටසක් ජෝක්ලන්ත රජ මැදුරට ගෙන්වා වාත කර රජතුමා නවක වධය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත ය.  ජෝක්ලන්ත සරසවි සිසුන් ඩබල් එකේ (double speed) යන්න, එන්න, කන්න, බොන්න, සෝටා (shorts) ඇඳගෙන ඩිප් ගහන්න, බැරි වුණොත් ඉසි පෝසන් (Easy position) ඉන්න, පැටික් (fatigue) කරන්න, හයියෙන් කතා කරන්න, වම දකුණ ගහන්න, කැටගරි (category) නො වී ඉන්න අද සිට ඉගෙන ගනිති.  මින් මතු ජෝක්ලන්තයේ සරසවි විවෘත වනු ඇත්තේ නායකයන්ට පමණි. ජෝක්ලන්ත උගතුන්ට මොළය ටිකක් හෝ තිබීමේ ප්‍රශ්නය විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආසි හංගාගෙන ගුණදාස අමරසේකර නම් පො‍රවෙන් වාසි ගන්නට හදන ආණ්ඩුවේ ඕමි කෙළිය

Image
(2011 මැයි 22,   W3Lanka )  රටේ ප්‍රශ්න රට ඇතුළේ විසඳා නො ගෙන කල් මැරීමේ හා දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සමග සෙල්ලම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් බටහිර බලවතුන්ගේ හා ඉන්දීය උවමනාව මත කටයුතු කරන්නට සිදු වී තිබෙන ලංකාවේ ආණ්ඩුව ආසියා තියාගෙන පොරොවෙන් වාසි ගන්න උත්සාහ කරන සෙල්ලමක් පටන් ගැනීමට ‍සැරසෙන බව වාර්තා වේ. ආසියා විමල් වීරවංශ යැංකි අධිරාජ්‍යයේ මහ බලකොටුව වන නිව්යෝක් නුවරට ඔත්තු බැලීමේ අභීත මෙහෙයුමක් (reconnaissance mission) ගොස් ඇත. ආසියා හංගාගෙන ගහන්න හදන පොරව වයෝවෘද්ධ ගුණදාස අමරසේකරයි. ඔහු පිටිපස්සෙන් බූරුවාගේ සිට හතේ කොළේ දක්වා සෙසු තුරුම්පු පෙළට සිට ගනු ඇත. ඉන්දීය බලපෑම් හා දෙමළ ජාතික සන්ධානය සමග කරන සාකච්ඡාවලට එරෙහිව උද්ඝෝෂණයක් මැයි 30දා කොළඹදී කරන්න දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය සූදානම් වෙමින් සිටියි.  ගුණදාස අමරසේකරගේ ගනඳුරෙන් එළිය දකින්නට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ නො කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. විරෝධය ඉන්දියාවටයි. ඉන්දියාව ලංකාව එහි ග්‍රහනයට ගන්නවාලු. දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරන්න බල කරනවාලු. බලය බෙදන්න කියනවාලු. ඉකින් 23දා ආණ

Sri Lanka foreign policy pendulum swings from India to China this time

Image
(May 21, 2011,    Lanka Polity ) As soon as the official visit to India ended without apparent success, Sri Lanka Minister of External Affairs Prof. G.L. Peiris will leave for an official tour in China on May 23. The Foreign Minister's tour is on an invitation of his counterpart in China, Sri Lanka Ministry of External Affairs say. Minister Peiris is to have bilateral talks with the Foreign Minister of China and other senior politicians and officials during his two day visit. Read in Lanka Polity

නව පණ ලබන පුවත්පත් මණ්ඩලය හා පණ අදින පුවත්පත් පැමිණිලි කොමිෂම

Image
(2011 මැයි 21,   W3Lanka )  මේ ආණ්ඩුව තරම් නාස්තියට දූෂණයට එරෙහි වෙනත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තබා ලෝක ඉතිහාසයේවත් නැත. පසුගියදා ආණ්ඩුව සොයා ගත් තවත් නාස්තියක් වන්නේ 2002 සිට අහෝසි කර ඇති පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් තවමත් නිලධාරීන්ට වැටුප් ගෙවන බව හා ‍කාර්යාලයක් ද නඩත්තු කරන බවයි. මේ නාස්තිය නැවැත්වීම සඳහා ආණ්ඩුව දැන් පුවත්පත් මණ්ඩලය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත යළි ගෙන ඒම තුළිනි. මෙම පනත යටතේ පුවත්පත් කලාවේදීන්ට දඩ හෝ සිර දඬුවම් පැමිණවීමේ බලය පුවත්පත් මණ්ඩලයට ලැබේ. කිසිදු අවස්ථාවක මාධ්‍යවේදීන්ට දඬුවම් ලබාදීමක් හෝ මාධ්‍යවේදීන් අධිකරණයකට ඉදිරිපත් කිරීමක් පුවත්පත් මණ්ඩලය සිදු කර නැතැයි පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය. මෙය සමාන වන්නේ මරණ දඬුවම පැමිණුව ද එය ක්‍රියාත්මක නො කරන තත්වයටයි. මොන බයිලා කීවත් මේ අයියලාගේ කෙරුවාව ජනමාධ්‍යකරුවෝ පමණක් නො ව මුළු ලෝකය ම දනිති. දැනටත් මාධ්‍යකරුවන් සිය පෑන හසුරුවන්නේ එකී තත්වය පිළිබඳ මනා අවබෝධයකිනි. මේ වනාහි ඔවුන් බිය වැද්දීම සඳහා ගෙන එන

What a time bomb Sri Lanka's Eastern Province Chief Minister Pillaiyan is sitting on!

Image
(May 20, 2011, Lanka Polity ) Sri Lanka government sources say that the Tamil People's Liberation Tigers (TMVP) party led by Eastern Province Chief Minister Sivanesathurai Chandrakanthan agreed to corporate with the government further as TMVP delegation met the President Mahinda Rajapaksa yesterday. The TMVP leader and the Chief Minister raised the problems he and his party men were facing. A team of Army reportedly raided the house of the Chief Minister without a warrant, as TMVP accuses. It is reported that the President instructed the Inspector General of Police to take measures to conduct investigations in line with the law and to pay due respect to the privileges of the Eastern Province Chief Minister. Then who ordered the raids, if the President is against them? Some media reported that the raid was conducted under the orders of the Defense Secretary Gotabhaya Rajapaksa. The Police was also instructed by the President to speed up investigations regarding the arrested T

ඉන්දියාවේ ලංකා ආණ්ඩුවේ කණෙන් අල්ලා හොල්ලා කී පසුවත් බැරි නම් ඉතින් බැරි දේ බෑ ම ය

(2011 මැයි 20,   W3Lanka )   විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දියාවට ගියේ නම් එහි නායකයන් හමු වී රජය දරුස්මාන් වාර්තාව නමින් හඳුන්වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට උපදෙස් දීම සඳහා පත් කළ කමිටුව විසින් සකසන ලද වාර්තාවට එරෙහිව ඉන්දියාවෙන් ප්‍රකාශයක් ලබා ගන්නටයි. දැන් මේ වාර්තාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට රටවල් සොය සොයා ඇවිද්දත්, ඇත්තෙන් ම ආණ්ඩුව මෙම කමිටුව හමු වී කරුණු ඉදිරිපත් කර ඇත. එහෙත් බාගෙට ය. ව විදේශ ඇමතිවරයා ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිං, විදේශ කටයුතු ඇමැති එස්.එම්. ක්‍රිෂ්ණා, මුදල් ඇමති ප්‍රනාබ් මුඛර්ජි, ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් හා විදේශ ලේකම් නිරූපමා රාඕ සමග සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව, ඔහුගේ ගමන ඉහළ පෙළේ දූත ගමනක් බව පෙනේ. බොහෝ විට එය ලංකාවේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ලැබුණු ඉහළ ම අවස්ථාව වන්නට පුළුවන. නැතිනම් මේ වෙලාවේ යා යුතුව ඇත්තේ ජී.එල්. පීරිස් නොව බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි අයයි. මේ අය මින් පෙර ඉන්දියා ගොස් එකඟ වී ආ දේ නො කළ නිසා දැන් ඉන්දියාවට ආපසු පය ගහන්නට බැරි තත්වයක් තිබෙනවා විය හැකි ය. මී බෙටිත් බෙහෙතට ඕනෑ වනවා සේ ෆෙඩරල්වාද

Why military style leadership training for university students of Sri Lanka?

(May 19, 2011,    Lanka Polity )  Sri Lanka President Mahinda Rajapaksa will inaugurate the so called 'leadership and positive attitude training course' of the new intake of university students on May 23. The Ministry of Higher Education has made this course compulsory for the students. One who fails to follow this course without valid reason cannot enter into a university to follow a formal course. This condition appears to be a violation of human rights and definitely it will be raised in the courts, if enacted as per what is meant by the calling letter for this course. The ceremonial inauguration will be held with the participation of the 10,000 students that are to be taken in for the training as the first group of the batch. All 20,000 students of the 2011 batch are to be trained under the programme. They will be provided training at 28 training centers under the Defense Ministry. The duration of the training course is three weeks. Read more in Lanka Polity

එස්.බී.ගේ සරසවි සිසු නායකත්ව පුහුණුව කුමකට ද?

Image
(2011 මැයි 19,   W3Lanka )   2011 වසරේ අලුතෙන් සරසවියට ඇතුල් වන සිසුන්ගේ ඉසෙඩ් ස්කෝර් ලකුණු නිකුත් වන්නටත් පෙර 20,000ක් වූ කණ්ඩායමෙන් 10,000ක් 23දා සිට නායකත්ව පුහුණු හා ධනාත්මක ආකල්ප වර්ධන පාඨමාලාවකට හමුදා කඳවුරු 28කට කැඳවා තිබේ.  මෙම ‍ඓතිහාසික පුහුණුව ආරම්භ වන්නේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපති මන්දිරයෙනි. එයට සහභාගි වීම අනිවාර්ය වේ. වලංගු හේතුවක් නොමැතිව සහභාගි නො වන්නන්ට සරසවි දොර වැසේ. ඒ නිසා එයට අකැමැති විය නො හැකි ය. කැඳවුම් ලිපියට අනුව, මෙම පාඨමාලාවට සහභාගි වූවා කියා සරසවිවලට අනිවාර්යයෙන් ම බඳවා ගන්නේ ද නැත.  උසස් අධ්‍යාපන ඇමතිවරයා වරින් වර කියා ඇති පරිදි මෙය නවක වධය වැළැක්වීමේ පියවරකි. ලංකාවේ සරසවිවල ඇති ලොකු ම ප්‍රශ්නය නවක වධය ද?  මේ කරන්නේ ඇතැම් විට නවක වධය ආණ්ඩුවේ තනි බුක්තියට පවරා ගැනීමක්දැයි සැක සිතේ. ආණ්ඩුව සිතන්නේ ජවිපෙ නවක වධය හරහා සිසුන්ගේ මොළ සෝදා අන්තරේට බඳවා ගන්නවා කියා ද? ඒ නිසා දැන් ඔවුහු ඒ වැඩේට තමන් ම බැස ඇතිවා වන්නට ද පුළුවන.  යුද්ධයෙන් පසු හමුදාවටත් ඒ තරම් වැඩක් නැත. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ද ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩු ය. එබැවින් යම් ගෞරවන

ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි

Image
(2011 මැයි 18,   W3Lanka )   ලේඛකයා ඊයේ හැන්දෑවේ පාරේ යමින් සිටියදී තරුණ පිරිසක් තර්ජනාත්මක අන්දමින් කොඩි වනා ඔහු ගමන් කළ වාහනය නතර කළේ ය. දුම් දමන යම් බීමක් ප්ලාස්ටික් කෝප්පවලින් බෙදා දෙමින් තිබිණි. ලේඛකයාට තිබහක් ද තිබිණි. කලින් වාහනය නො නැවැත්වීම නිසා කොඩි වනන තරුණයෙක් කුපිත වී සිටියේ ය. "ඒ හු--- මේව බොන්නෙ නැහැ බං, මළ පනිනවා කැ--" ඔහු කීවේ ය. ලේඛකයා වාහනය නවත්වන්නත් පෙර ම ඔහුගේ මුහුණ අසල කෝප්ප රැඳුණු තසිමක් දිගු විය. "ආ, මාමා බොන්න. අංකල් බොන්න." "අන්න ඌ නම් බොනවා පාර මැද්දෙම වාහනය නවත්තගෙන." කෝප්පය දුන් තරුණයා අනෙකෙකුට කීවේ ඔලොක්කුවට ය. ඔවුන් බෙදමින් සිටියේ ඉරමුසු වැනි තැම්බුමක් හා සීනිවලින් හැදූ බාල වර්ගයේ හකුරු වර්ගයකි. තිබහට බොන්නට නරක නැති දෙයක් වුවත්, දන් දුන් උන්ගේ කුණු හැසිරීම නිසා ලේඛකයා එම බීම බිව්වේ නැත. මිනිසකුට කෑමක්, බීමක් දී නිගා කිරීම බෞද්ධකමට පමණක් නො ව, මිනිස්කමට ද නො හොබී. දේශීය පාන දන්සැල් දෙනවා කියන්නේ මාර ලේසි හා හරි දේශප්‍රේමී, නව රැල්ලේ වැඩකි. පිදුරු ටිකක් සොයාගෙන තම්බා එක් වරක් පමණක් පාවිච්චි කිරීමට තිබෙන ප්ල

ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune

Image
(2011 මැයි 15,   W3Lanka )  ප්‍රභාකරන්ට වරදින විට සියල්ල වැරදුණේ ය. 2009 මැයි මස ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් කොංග්‍රසය ජය ගැනීම ද ජයලලිතා ජයරාම්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වයෙන් යුක් සන්ධානය තමිල්නාඩුවේ පරාජය වීම ද ප්‍රභාකරන්ට අවාසිදායක ලෙස බල පෑවේ ය. ලංකාවේ යුද්ධයට එරෙහිව තමිල්නාඩුවේ ජනතාව තීරණාත්මක ලෙස පුබුදුවා ගැනීමට කොටි සංවිධානය අසමත් විය. මහ ඇමති කරුණානිධි සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දෙමළජනයාගේ ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක් ලංකාවේ රජයෙන් ලබා දීමට කටයුතු කරන බවට තමිල්නාඩුවේ දෙමළ ජනයාට පොරොන්දු වූයේ ය. කොටි සංවිධානය සමූලඝාතනය කිරීම පිණිස අවසානයේදී ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේත්, තමිල්නාඩු රජයේත් පූර්ණ අනුග්‍රහය ලැබිණි. කොටි නායක ප්‍රභාකරන් ඝාතනය කර තව දින කීපයකින් දෙවසරක් පිරෙයි. ලංකාවේ දෙමළ ප්‍රශ්නයට තවමත් ස්ථිර විසඳුමක් දී නැත. තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් ලංකාවට විරුද්ධ නායිකාවක වන ජයලලිතා ජයරාම් ජයගෙන ඇත. ජයලලිතා ලංකාවේ නායකයන් යුද අපරාධ අධිකරණ වෙත ගෙන යා යුතු බව ප්‍රසිද්ධියේ පවසන්නියකි. එපමණක් නොව, ඉන්දියාව විසින් 1970 දශකයේදී ලංකාවට