ලංකාවේ හොඳ ම අප්‍රේල් මෝඩකම | Sri Lanka's best April foolery

(2011 අප්‍රේල් 01, W3Lankaලංකාවේ හොඳ ම අප්‍රේල් මෝඩකම යයි අප සිතන සිද්ධිය මෙසේ ය:


ඒ රජයට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් පැවති 1970 දශකයයි. එක් නිවේදකයෙක් අප්‍රෙල් 01දා රටේ ජනතාවට විහිළුවක් කරන්නට සිතා එක් මුදල් නෝට්ටුවක් අවලංගු කරන්නට රජය තීරණය කර ඇති බැවින් එම මුදල් නෝට්ටු බැකුවට භාර දී වෙනත් මුදල් ලබා ගන්නා ලෙස නිවේදනය කළේ ය.


ඒ කාලය අද කාලය වගේ නො වේ. එවක රටේ තිබුණේ එක් ගුවන් විදුලියක් පමණි. ඒ නිසා ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යනු සීරියස් දෙයකැයි ඒ කාලයේ ජනතාව විශ්වාස කළ හ.


එබැවින් පැය කීපයක් යන්නට පෙර රටේ බැංකු එකී මුදල් නෝට්ටු අතින් ගත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේ ය.


අවසානයේදී එකී පුවත බොරුවක් බව ගුවන් විදුලියෙන් නිවේදනය කරන්නට රජයට සිදු විය.


ඒ අවස්ථාවේදී මෙකී ගුවන් විදුලි නිවේදකයාගේ වැඩ තහනම් කරන ලදී.


එහෙත්, අප දන්නා තරමින් පසු කලෙක මේ  නිවේදකයා ජාතික රූපවාහිනියෙන් රටට ම උපදෙස් දෙන වැඩිහිටියකුගේ භූමිකාව රඟ පෑවේ ය. ඒ විහිළුව අර කලින් කී විහිළුවට වඩා විහිළුවක් මුත්, මේ වකවානුව වන විට ජනතාව රජයේ මාධ්‍ය සීරියස් නො ගන්නා නිසා ප්‍රශ්නයක් නැත. 


අහේතු කාලෙට කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවලු. පාලියෙන් කියනවා නම් 'අහේතු කාලේන කජ්ජේන පුහුලං.'


මේ සම්බන්ධතා පුරුක ක්ලික් කිරීමෙන් ලංකාවේ මෝඩයාගේ පත්තරය සිය ජාතික දිනය සමරන අන්දම දැක ගත හැකි ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කසිප්පු ආතා ගැනද කීවෙ

    ReplyDelete
  2. let me quote this from lanka help magazine;

    "If this is a woven story , there is something more I am concerned about. The international relationships between Sri Lanka and India has not been going well during the recent fast. There are many instances that Sri Lankan higher ranks and officials allegedly involved in spreading false information concerning India and Sri lanka’s security matters. I am not sure how India will see this rumor at this moment"

    Read the article here:
    http://magazine.lankahelp.com/2011/03/31/cricket-world-cup-final-venue-changed-the-truth/

    ReplyDelete
  3. Here is lankacnews paper April joke;
    a tsunami in Colarado , USA

    link: http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=4655:2011-04-01-02-24-14&catid=1:latest-news&Itemid=269

    ReplyDelete
  4. කාට හරි යහමින් මඩක් ගහන්න තියෙනවනම් ඊට වඩා ආතල් එකක් නෑ නේද?

    ReplyDelete
  5. අර ගුවන් විදුලි නිවේදකය කවුද කියල කිව්වනම් නේද හොඳ?

    ReplyDelete
  6. ඇත්තටම මොකාද බං ඔය කියන නිවේදක බුවා?

    ReplyDelete
  7. එඩිතර මහත්තයෝ;

    ඔය කියන මෝඩ පත්තරේ මිනිසුන් රවටන්න දැම්මද, නැත්නම් කාගේවත් ලණුවක් කාලා ඇත්ත කියා හිතාගෙන දැම්මද කියලා හරියටම කියන්න බැහැ නේද?

    කවුද හැබෑටම අර නිවේදක බුවා?

    ReplyDelete
  8. මෙයාට තියෙන්නෙත් කසුරි ට තියෙනව වගේ නමක්. ගම වාරියපොල. දිග සුදු රැව්ලක් තියෙනව

    ReplyDelete
  9. හරි. බුවා මීටර්. හැබැයි නම නම් මතක නැහැ.

    ReplyDelete
  10. මේ නිවේදක බුවා සෝමදාස සූරියආරච්චි කියන ආණ්ඩුවට කඩේ යන ගොබ්බය නේද...?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා