මයි කාර් මයි පෙට්‍රල්! හැබැයි බදු ආණ්ඩුවට

(2011 අප්‍රේල් 26, W3Lankaධනවත් ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් පාවිච්චි කරන එන්ජින් ධාරිතාව වැඩි මෝටර් රථවලින් අය කරන ආනයන බදු වැඩි නො කරමින් මධ්‍යම පංතිකයන් පාවිච්චි කරන මෝටර් රථවලින් අය කරන ආනයනික බදු පමණක් ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත.


ස්වයං රැකියා කරන්නන් හා පහළ ම මධ්‍යම පංතික කොටස් විසින් පාවිච්චි කරනු ලබන ත්‍රිරෝද රියවල ද ආනයන බදු වැඩි කර තිබේ.


සිලින්ඩර ධාරිතාව 1000ට අඩු කුඩා පෙට්‍රල් මෝටර් රථ සඳහා දැනට අය කරන සියයට 95ක මුළු බදු ප්‍රතිශතය සියයට 120 දක්වාද සිලින්ඩර ධාරිතාව 1001 - 1600 වාහන සඳහා වූ සියයට 119 ක් වූ බදු ප්‍රතිශතය 128 දක්වා ද වැඩි කර තිබේ.


පෙට්‍රල් හා ඩීසල් ත්‍රීරෝද රථ ආනයනයේ දී අය කරන ලද සියයට 38 ක් වූ බදු ප්‍රතිශතය ඩීසල් ත්‍රීරෝද රථ සඳහා සියයට 60 ක් පෙට්‍රල් ත්‍රීරෝද රථ සඳහා සියයට 50 ක් වශයෙන් ඉහළ දමා ඇත.


මේ අනුව, දැනට රු. 1,020,000කට විකිණෙන මරුති 800 කාරයක මිළ රු. 125,000කින් පමණ ද, ඇල්ටෝ කාරයක් රු. 150,000කින් පමණ ද වැඩි වනු ඇති බව ආරංචි මාර්ග පවසයි.


එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර් 1000-1600 අතර වන මධ්‍යම පංතිකයන් අතර ජනප්‍රිය කාර්වල මිළ ද රු. 250,000කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මෑත සිට ජනප්‍රිය වෙමින් ඇති පෙට්‍රල්වලින් හා විදුලියෙන් යන දෙවිධියට ම ධාවනය කළ හැකි දෙමුහුන් මෝටර් රථ සඳහා ද මේ දක්වා එන්ජින් ධාරිතාව නො තකා අය කළ 38ක බදු ප්‍රතිශතය ද වැඩි කර තිබේ. එු අනුව, සිලින්ඩර ධාරිතාව 2000ට අඩු දෙමුහුන් රථවලට සියයට 50ක් වශයෙන් ද, ධාරිතාව 2001 - 3000 වාහන සඳහා සියයට 75 ක් හා 3000ට වැඩි වාහන සඳහා සියයට 100 වශයෙන් ද බදු ඉහළ දමා ඇත.


මෝටර් රථ ආනයනයේදී අය කළ බදු පසුගිය වසරේදී රජය විසින් අඩු කරන ලදී. එමගින්, ඒ වන විට බොහෝ දුරට අඩු වී තිබුණු වාහන ආනයන බදු ආදායම ඉහළ නංවා ගැනීමට රජය සමත් විය. විශේෂයෙන් ම භාණ්ඩ වන්දනාවේ ලොල් මධ්‍යම පංතිකයන් මෝරට් රථ පාවිච්චියට පොළඹවා ගත් රජය දැන් ඔවුන්ගේ සාක්කු පල්ල පවා අත පත ගා ගැනීම පිණිස මෙසේ බදු ඉහළ නංවා තිබේ.


සමාජයේ වරප්‍රසාදිත ධනවතුන් හා දේශපාලකයන් විසින් පාවිච්චි කරනු ලබන වාහනවල බදු වැඩි වීමක් සිදු වී නැත.


මේ ආණ්ඩු‍වේ ඡන්ද පදනම ද බොහෝ දුරට මෙම මධ්‍යම පංතික තීරුව වන අතර, මේ වන විට මූන් දෙස බලාගෙන ඔරවමින් සිටින ඔවුන්ට ආණ්ඩුව කදිම කළ ගුණ සැලකීමක් කර ඇති බව පෙනේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කාර් ලංකාවේ හදන්න හොඳ කාලයක් වගේ! ඔය සේරම ඉම්පොර්ට් ඩියුටි නේ.

    අනික කාර් යන්න පාරවල් හදන්න ඕනෑ. පාරවල් හදන්න කළුගල් ඕනැ. ඒකට අර වරායේ කළුගල කඩන්නත් තියෙනවා නේ.

    ReplyDelete
  2. මයි කාර් මයි පැට්‍රෝල් නැතුව අපි අනුන් ගේ කාර්වලින් ගමන් යමු.

    ඒකට කියන්නේ උගේ කාර්, උගේ පැට්‍රෝල් කියලයි.

    ReplyDelete
  3. adu kalath wadi kalath liyanna dewal thiyanawa neda ban !! RANIL awanam hari neda !!!

    ReplyDelete
  4. ආණ්ඩුවේ මෙම වැදගත් තීරණය ඔබතුමා නිසියාකාරව තේරුම් ගෙන නොමැත. එසේ නොමැතිව දොස් කීම වරදකි.
    ආසියාවේ අයිස්චර්යට යන ගමනේදී ලාංකික සැමට... අවම වශයෙන් ප්‍රාඩෝ හෝ පැජරෝ රථයක්වත් තිබිය යුතුය. අප මරුටියක් වැනි බාල ගනයේ වාහන පාවිච්චි කරනවා යනු මොන තරම් ලැජ්ජා වියයුතු කරුනක් ද? ආණ්ඩුව මෙම බදු වැඩිකලේ බාල තත්වයේ මෝටර් රථ පාවිච්චිය අඩු කිරීමටයි. දැනවත් තේරුම් ගෙන මෙවැනි වැදගත් කාරනා විවේචනයෙන් වලකින ලෙස ඉල්ලා සිටිම්.

    ReplyDelete
  5. ඔය උන්නැහේ ඕකට දඟලන්නේ මොකද? උන්නැහේ මධ්‍යම පාංතිකයන් ගැන කිඹුල් කඳුල වගුරන්නේ ඇයි?

    ReplyDelete
  6. "මේ ආණ්ඩු‍වේ ඡන්ද පදනම ද බොහෝ දුරට මෙම මධ්‍යම පංතික තීරුව වන අතර, මේ වන විට මූන් දෙස බලාගෙන ඔරවමින් සිටින ඔවුන්ට ආණ්ඩුව කදිම කළ ගුණ සැලකීමක් කර ඇති බව පෙනේ"

    Niyama kiyamana.....

    ReplyDelete
  7. අර කිව්වත් වගේ පොඩි වාහන වල ගිහින් ආසියාවේ ආශ්චර්යමත් රට වෙන්න පුලුවන්ද . . නොකා නොබී හරි ලොකු කාර් ගන්න කියල ආන්ඩුව මහජනයා දිරිමත් කිරීමේ වැඩක් මේ කරලා තියෙන්නේ . . . සුභ අනාගතයක් . .

    ReplyDelete
  8. බැන්කි මූන් නාඩගම ඉවරවෙනකොට තව මොන මොනවා වෙලාතියෙයිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා