සය වසරක් ඇමතිවරයකු ළඟ සැඟවී සිටි අපරාධකරුවෙක්‍: තවත් කී‍ දෙනෙක් ඇද්ද?

(2011 අප්‍රේල් 22, W3Lanka) ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ඇරැයුමෙන් කෘෂි නිෂ්පාදන හා හෝටල් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා 2005 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ විදේශිකයකු 2005 වසරේ ජුනි මාසයේ සිය මවුබිමට ගිය අවස්‌ථාවක දී ඔහුට අයත් ගිණුමකින් ‍හොර අත්සන් යොදා අනූඅට ලක්‌ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචනික ලෙස ලබා ගත් ජේ. එම්. බුද්ධික ජයසිංහ නම් සැකකරුවකු මෙතෙක් කල් අධිතරණයෙන් හා රහස් පොලිසියෙන් සැඟවී සිට පසුගියදා අත්අඩංගුවට පත් වී තිබේ.


මේ පුද්ගලයා සැඟවී සිට ඇත්තේ ආණ්ඩුව ඇතුළේ ය. අන්තිමට ආචාර්ය, බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු මර්වින් සිල්වා ඇමතිගේ මහජන සම්බන්ධීකරණ අමාත්‍යංශයේ ය. ඒ නිකම් නො වේ. ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ද දරමින් මහජන මුදලින් වැටුප් ද ලබමිනි. ඒ සම්බන්ධීකරණ ලේකම්කම ද සුළුපටු එකක් නො ව, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධුරයකි. 


වසර ගණනාවක්‌ තිස්‌සේ පොලිසියේ ඇසට වැලි ගසමින් සැඟවි සිටි සැකකරු අප්‍රේල් මුල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සමග ගොස් ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පරණ යකඩ ව්‍යාපාරිකයකු මරාදමන බවට තර්ජනය කර රුපියල් ලක්‍ෂ පහක කප්පමක්‌ ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සැකකරුගේ නම පුවත්පත් මගින් දැන ගත් රහස් පොලිසිය කලින් වංචාව පිළිබඳ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කර ඔහුට ඇප නො දෙන ලෙස ඉල්ලා සිටියේ ය.


කොහොම ද ආශ්චර්යයේ රහස් පොලිසියේ අපරාධ පරීක්ෂණ?


මීට වසරකට පමණ පෙර අවි ආයුධ සමග අත්අඩංගුවට ගනු ලැබූ එවකට මානව හිමිකම් ඇමති මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු තවමත් රිමාන්ඩ් භාරයේ ය. ඔහු අත් අඩංගුවේ සිටියදී පවා මිනී මැරුමකට හවුල් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 


ඇමති සම්බන්ධීකරණ ලේකම් නම් දේශපාලන පත්වීම් බොහෝ විට දෙනු ලබන්නේ මෙවැනි අපරාධ සහායකයන්ට ය. මෙවැනි අපරාධකරුවන් තවත් කී දෙනෙක් මෙසේ අමාත්‍යංශවල සැඟවී සිටිනවා ඇද්ද?


මොවුන් කරන අපරාධවලට ඇමතිලාගේ ඇති සම්බන්ධකම් පරීක්ෂණවලදී හෙළි වේ. එහෙත්, ඒවා සාමාන්‍යයෙන් යට ගසනු ලැබේ. මේ ඇමතිවරුන්ට එරෙහිව ඇති චෝදනා එළියට එන්නේ ඔවුන් මහ තැන්වලට එරෙහිව ගියහොත් පමණි. මහ තැන්වලට ද මෙම අයථා ආදායම්වල කොටස ඍජුව හෝ වක්‍රව ලැබෙනවා ඇතැයි මහජනයා සැක කිරීම අසාධාරණ නැත. 


අනේ කාලේ වනේ වාසේ කියන්නේ මෙවැනි අබුද්දස්ස කාලවලදී වන්නට ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මමනම් හිතන්නෙ මේ පුවතේ හෙඩින් එක වියයුත්තේ කප්පම්කාර මෑර දේශපාලන හොරෙකුගේ ගෝලයෙක් කොටුවෙයි කියලයි. මේ තමයි මේ රටේ තියන කුනු දේශපාලනයේ එක් පෑතිකඩක්. අපේ රටේ මිනිස්සු තවමත් චන්දේ දෙන්නේ නොදියුනු ගොත්‍රික ජන කොට්ටාසයක් වගෙයි. ජනතාවගේ මනසට යතාර්තය තේරුම් කරදීමේ වගකීම දුර දිග පෙනෙන සියලු දෙනාගේ වගකීමයි.

    ReplyDelete
  2. කාට කියන්නද අප්පා.....!!!

    ReplyDelete
  3. Anonymous oba hari,ape janathawa gotrawadi pirisk,oun chandaya pavichikaranneda ama mate sitai.
    Kese uwath mema mera deshapalanaya anduwata avgema vipakshayatath podui.Mun degollama balayata enne me mathi, ebewin janatawa denuwath kereemata kenek neta.Meweni blog adeviwala mewa sakacha wenanwa misa rate pradhana puwathpath me siyalla janathawagen wasam karai.Oun katu lewakana ballan wee hamarai.
    Anisa pisachaya kiyanawa wage "KATA KIYANNADA APPA'

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා