ආශ්චර්යවත් ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධතා යනු මොනවාද?

(2011 අප්‍රේල් 20 W3Lanka) ග්‍රෑන්ඩ්පාස්‌හි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ කප්පම් ලෙස ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්‍ෂ 98 කට අධික මුදලක්‌ වංචා කිරීමේ සිද්ධියකට අවශ්‍ය සැකකරුවෙක්‌ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය. (අද දිවයින)


කියවන්න: මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය


මේ වාර්තාව එන්නේ පෑලියගොඩ දී රඟ දැක්වුණු මාළු කඩේ නාඩගමෙන් පසු ය. එහිදී කප්පම් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇමති මර්වින්ගේ ගෝලයන් රැසක් තවමත් රිමාන්ඩ් භාරයේ ය.


ධීවර ඇමති රාජිත සේනාරත්න කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වාට ඍජුව ම චෝදනා කළේ ය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කප්පම් කල්ලි අත්අඩංගුවට ගැනීමට දැඩිව ක්‍රියා කළේ ය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා ඇමති මර්වින් සිල්වාට එරෙහිව ක්‍රියාමාර්ග නැත.


රාජිත සේනාරත්න යනු තවත් ආශ්චර්යයකි. ඔහු කප්පම් ගන්නේ නැත.


ඔහු වැඩ කරන්නේ මෙසේ ය: (උපුටා ගැනීම ලංකා ගාඩියන් වෙබ් අඩවියෙනි.)


කොළඹ සාන්ත ජෝන් මාළු වෙළඳ සලේ වෙළෙඳාම් කළ වෙළෙඳුන් 52 කට නව පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කඩ ලැබී නැතැයි එම වෙළෙන්දෝ පවසති. තම දුක්ගැනවිල්ල පැවසීමට ධීවර ඇමැති රාජිත සේනාරත්න හමුවීමට ගිය මෙම ව්‍යාපාරිකයන්ව ඇමැතිවරයා පන්නා ගත් බව ඔව්හු ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවසූහ.


සැබෑ මාළු වෙළෙඳුන්ට කඩ නොලැබුනද නව සංකීර්ණයේ වෙළඳ සල් මාළු ව්‍යාපාරයට කිසිදු සම්බන්ධයක් නැති අතරමැදියන් විසින් ලබාගෙන ඇති අතර ඔවුන් දැන් එම වෙළෙඳ සල් අධික මිල ගණන් වලට කුලියට දෙමින් සිටිති.


මෙසේ වෙළෙඳ සලක් ලබා ඇති එක් පුද්ගලයෙකු නම් සිනමා නළු වින්සන්ට් කරු ය. තවත් අය අමැතිලාගේ ඩ‍්‍රයිවර්ලා ය, වරායේ ශ‍්‍රීලනිප යූනියන් නායකයන් ය. තවත් අය ඇමැති රාජිතගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කළ අය වෙති. රාජිත ඇමැතිවරයාගේ ගෝලයන් වන ටී.එම්. නිහාල් සහ ජයන්ත කුරේ නම් දෙදෙනාටද කඩ තිබේ.


නව මාළු වෙළඳ සංකීර්ණයේ එක් කඩයක කුලිය මසකට රුපියල් 40,000 ක් වැනි ඉහල ගණනක් වන අතර මාළු වෙළෙඳාමට සම්බන්ධයක් නැති ඉහත කී අතරමැදියන් තම වෙළෙඳ සල් දැන් අතුරු බදු දෙන්නේ මසකට රුපියල් 90,000 කුලියකට බවත් වෙළෙඳ සල් අහිමි වූ සැබෑ මාළු වෙළෙන්දෝ කියති.


මෙම වෙළඳ සල් දීම ඇමැති රාජිතගේ සොහොයුරෙකු වන ධීවර සංස්ථාවේ සභාපති මහිල් සේනාරත්න මහතා මැදිහත්ව සිදු කර ඇති අතර ඔහුගේ කඩ දීම ඉතා දුෂිත වූවක් බව කඩ නොලැබුණු ව්‍යාපාරිකයෝ චෝදනා කරති.


ධීවර සංස්ථාවට ලබා ගන්නා මාළු වලින් කොමිස් මුදලක් බලවත් කොමිස්රත්න කෙනෙක් විසින් ලබාගන්නා බවද පැවසේ. දිනකට ධීවර සංස්ථාව විසින් මාළු කිලෝ 2000 - 3000 ත් අතර ප‍්‍රමාණයක් මිලදී ගන්නා අතර එක් මාළු කිලෝ එකකින් කොමිස් ලෙස රුපියල් 50 ක් ලබා ගන්නා බවට වෙළෙන්දෝ චෝදනා කරති. එ් අනුව දිනකට ලැබෙන කොමිස් මුදල අවම වශයෙන් ලක්‍ෂ 2 කි. මේ කටයුත්තට බලවතා විසින් මංජුල එදිරිමාන්න නම් පුද්ගලයෙකු යොදවා තිබෙන බවද වෙළෙන්දෝ පවසති.


මාළු කිලෝ එකක් රුපියල් 50 කින් ගණන් වැඩිවීම මේ කොමිස්රත්න නිසා සිදුවන බව පවසන මාළු ව්‍යාපාරිකයෝ ‘සාන්ත ජෝන් වෙළඳ සලේ අවුරුදු 20 ක් වෙළෙඳාම් කළ අපි පනස් දෙදෙනාට දැන් වෙළෙඳාම් කරන්න තැනක් නෑ. ජීවත්වෙන්න විදිහක් නෑ. නව මාළු සංකීර්ණය අපිට හෙණයක් වුනා මහත්තයෝ’ යැයි ලංකා ඊ නිව්ස්’ වෙත පැවසූහ


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ...

    ReplyDelete
  2. ඔබද මා මෙන්ම කරුණු රැස් කරන්නේ එදිනෙදා පලවන පුවත් වලිනි, එසේ කිරිමේදී ඔබ එක් පුවතක් ගෙන ඔබ්ගේ මතයට අවශ්‍ය පරිදි කරුණු ඉද්‍රිපත් කරන අකාරය මා කීප විටක් දැක ඇත. කඩ නොලැබු මාලු වෙලදුනට එසේ වීමට හෙතුව, රිවිර හා නේශන් පුවත්පතේ විස්තරාත්මක ලේස වෙන අකාරයකට දක්වා ඇත,ඔබට මේය මග හැරීමට විදිහක් නැත. නමුත ඒවා ඉදිරිපත් කිරීම මගින් ඔබට හුවා දැක්වීමට අවශ්‍ය ඒක පාර්ශවීය කරුන සනාත කර ගත නොහැක.ඔබගේ මේ බොලදෞතසහය දෑඅ බලන මට ඔබ ගැන අනුකම්පාවක්ද, පාඨකයාගේ බුද්ධියට නිගරු කිරීම ගැන තරහක්ද ඇතිවේ..

    ReplyDelete
  3. අනේ අපි නොදන්න් රිවිර.
    රිවිර බලන්නෙ මොකටද ඊටවඩා හොදට ඵකම සිලුනිනේ තියනකොට.

    ReplyDelete
  4. "දිනකට ධීවර සංස්ථාව විසින් මාළු කිලෝ 2000 - 3000 ත් අතර ප‍්‍රමාණයක් මිලදී ගන්නා අතර එක් මාළු කිලෝ එකකින් කොමිස් ලෙස රුපියල් 50 ක් ලබා ගන්නා බවට වෙළෙන්දෝ චෝදනා කරති. එ් අනුව දිනකට ලැබෙන කොමිස් මුදල අවම වශයෙන් ලක්‍ෂ 2 කි."
    2000*50= 100,000
    3000*50= 150,000

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා