අපේ 'කොල්ලෙකු' දිනවන්න - ඔබත් මනාපයක් දෙන්න

(2011 අප්‍රේල් 18, W3Lanka) ටයිම් සඟරාවට සිටින පාඨක පිරිස අතරින් වැඩි දෙනා ලාංකිකයන් බව ඔප්පු වෙමින් තිබේ. මේ පිටුව බලන්න. මෙහි ඇති කමෙන්ටු අතරින් වැඩි හරියක් ලංකාවේ ජනාධිපති ගැනයි.


'ටයිම් 100' ලෙස නම් කර ඇති මෙම තරගයේ තෝරන්නේ ලොව වඩා ම influential පුද්ගලයන් 100යි.


influential people නම් යෙදුමෙහි අරුත දිනමිණේ කියන අන්දමට නම් 'ආකර්ෂණීය පුද්ගලයා' ය. දිවයිනේ සඳහන් වන අන්දමට නම් 'බලගතුම පුද්ගලයා' ය. ඒ වදන් තෝරා ගන්නට ඇත්තේ ඒ ඒ පුවත්පතේ කර්තෘවරුන්ගේ රාජ පක්ෂපාතිත්වයට සරිලන අන්දමින් වන්නට ඇත. 


අප ශබ්ද කෝෂ පරිශීලනය කර සොයා ගත් දේ අනුව influential යනු influence එකක් ඇති කිරීමේ හැකියාව තිබෙන යන අරුත දෙයි. 


ඒ අනුව, influential යන වදන ලේඛකයාට පරිවර්තනය කළ හැකි හොඳ ම ආකාරය වන්නේ 'බලපෑමක් ඇති කළ හැකි' යනුවෙනි.


මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොව වැඩි ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයන් අතරින් පාඨක ඡන්දයෙන් සිව්වන ස්ථානයට තේරී පත් වී තිබේ. ඔහුට පළමු ස්ථානයට පත් වන්නට ඔබට ද උදව් කළ හැකි ය. ඔබේ මනාපය හෝ මනාප ලබා දීමට මෙතැනින් පුළුවන. 


බිය විය යුතු නැත. මෙහිදී Sunday Observer පුවත්පතේ Most Popular Schoolboy Cricketer තරගයේදී මෙන් පුවක්පතේ පළ වන කූපනය පුරවන්නට ඕනෑ නැත. 


එසේ ම සුපර් ස්ටාර් තරගවලදී මෙන් SMS එකක් යැවීමට විසි, තිස් ගුණයක් වැඩිපුර මුදල් අය කරන අන්දමේ කට්ට සූත්තර ද මෙහි නැත. 


ලංකාවේ සිරස දන්න මාකටිං නො දන්න Time පර සුද්දාට මෙවැනි තරග පවත්වන හැටි ගැන පාඩමක් උගන්නන්නට ඔබේ මනාප ද දෙන්න. මේ වන විට දේශප්‍රේමියෝ විශාල පිරිසක් මනාප දීමෙහි යෙදී සිටිති. අපේ කොල්ලෙකු දිනවන්න - ඔබත් මනාපයක් දෙන්න. 


ලේඛකයා ද ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දයක් දුන්නේ ය. මේ තරගයේ ඔහුට උඩින් සිටින්නේ එංගලන්තයේ සුපර් ස්ටාර් තරගයක පෙනී සිටි සුසාන් බොයිල් ය. ඔවුන්ට සාපේක්ෂව අපේ කොල්ලා වනාහි ඇත්තෙන් ම ලංකාවේ ඉතිහාසයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත් සෑහෙන බලපෑමක් කළ කෙනෙකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනේ බං ඔය යකා දැන් 4ට ඉන්නේ ලංකාවේ හා ලොකේ එවුන් ජන්දේ දිලා කියලා ද හිතන්නේ. හැම බඩේ අමාරැවටම මිල්ටරි විසුදුම් හොයන මොඩ අමන තකතිරැ අර ගොටා තමයි ඉතින් ඕවා දැන් කරන්නේ. ජන්දේ හොර කරපු එකාට ඕවා කරන්න මහා කජ්ජක් ද.ඔය යක්කුන්ට පුළුවන් උනා නම් world cup එකත් මොකක් හරි මර්සියක් දාලා දිනනවා. ඒක කර ගන්න තමයි ඕකුන්ට බැරි උනේ. ඕකා ලොකේ 1 උනාට ලංකාවේ ඉන්න අසරණ මිනිසුන්ට මොනවද ලැබෙන්නේ. අනික ඕකා යන ගමන හරිම ඉක්මන් වැඩියි. ලංකාවේ ඉන්න මෝඩ බයියලාට ඉතින් මයියා කියන්නේ ලොකු දේයියෙක් නේ. ඔය ඔක්කොම හිරි යනවා දේයියා කාට කාටත් අවශ්‍යය තැනට ඈරියාම. එතකම් ඉවසපන්

    ReplyDelete
  2. මාත් ඉතින් මොනවා වුණත් මනාපයක් දුන්නා. අපේ කොල්ලෙක් නේ. ස්කීම් එකටනේ ආඩම්බර :)

    ReplyDelete
  3. සතුටු වෙයල්ලා - ඉරිසියාව අතහැරපල්ලා

    ReplyDelete
  4. Even I gave a vote to MR
    It is not that I'm endorsing him, but I wanted to give a message to Tamil Diaspora who are striving to bring War Crimes charges against our country

    ReplyDelete
  5. "ලේඛකයා ද ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දයක් දුන්නේ ය"-A

    "මේ වන විට දේශප්‍රේමියෝ විශාල පිරිසක් මනාප දීමෙහි යෙදී සිටිති"-B

    A හා B අනුව ලේඛකයා ද දේශප්‍රේමියෙකි.(එසේ වීම වරදක් නොවේ)

    ReplyDelete
  6. ෂහ්: කාටහරි මඩගහල සතියක් කෑවෙ නැතත් කමක් නෑ නේද මචෝ...

    ReplyDelete
  7. Look at the number of votes for "Not infulential"....!!!

    ReplyDelete
  8. LOL :D great article... !!!

    ReplyDelete
  9. ජනාධිපතිගෙ influence කෙසේ වෙතත් අපේ කට්ටියගෙනම් සෑහෙන influence එකක් තියෙනවා අන්තර්ජාලයට.

    ReplyDelete
  10. Read the TIME's comment attached to MR. According to the TIME, "since the ending of war against the Tigers, he has grabbed the control over once independent institutions like Commission on Human Rights and elections. No other democratically elected leader has come to dominate the institutions of nation as he did in Sri Lanka". The meaning of this is MR has become a dictator suppressing the institutions which protect the rights of people.

    Unfortunate situation is that there are votes coming from the so called "People" and hurrays from so called National News Papers. ...Pathetic...

    ReplyDelete
  11. "balapamak athi kala hakke balagathu pudgalayektaya"

    ReplyDelete
  12. ටයිම් සඟරා වෙබ් අඩවියේ බොහෝ ශ්‍රී ලාංකා දේශප්‍රේමීන් කැත නැතුව කිළුටු රෙදි සෝදති, මඩ නාති, මඩ ගසති, එකම විකාරයකි. මේ අතර ටයිම් සඟරාවේ වැඩිම පාඨක පිරිස ශ්‍රී ලාංකිකයන් වන බව ප්‍රකාශ වේ එය ශ්‍රී ලංකාවේ ජාතික සඟරාව බවට පත්ව ඇත. ඉදිරියේදී සඟරාව පවත්වාගෙන
    යාම ලේක් හවුසියට බාර දීම සඳහා මේ දිනවල සාකච්ජා පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ පවතින අන්තර්ජාල සබදතා ප්‍රමාණයද ඉක්මවා ජනාධිපති තුමාට ඡන්ද ප්‍රකාශ වී ඇත. කිසිවකු කම්පියුටර් ජිල්මාට් ගැන අසා තිබුනාට අත්දැක තිබුනේ නැත, මෙවර එය අත් දැකීමටද අවස්තාව සැලසී ඇත.

    ධවල මන්දිර ආරංචි මාර්ග සනාථ කරන්නේ පරාජය පිළිගත් ජනපති ඔබාමා ඉල්ලා අස්වී ඇමරිකානු ජනාධිපති ධූරය මහින්දට භාර දීමට සූදානම් වන බවයි.

    තම අතිජාත මිත්‍රයාගේ ජයග්‍රහණයෙන් උදම් වන ගඩාෆි දැන් බලා සිටින්නේ තම බලවත් මිතුරා ලිබියාවට එරෙහි ප්‍රහාර නතර කරන ලෙස එක්සත් ජාතීන්ට සහ නේටෝ සංවිධානයට නියොග කරන තුරුය.

    ReplyDelete
  13. "තම අතිජාත මිත්‍රයාගේ ජයග්‍රහණයෙන් උදම් වන ගඩාෆි දැන් බලා සිටින්නේ තම බලවත් මිතුරා ලිබියාවට එරෙහි ප්‍රහාර නතර කරන ලෙස එක්සත් ජාතීන්ට සහ නේටෝ සංවිධානයට නියොග කරන තුරුය."

    Maru....:D

    ReplyDelete
  14. This is probably an international conspiracy against our president- get attention on him just when the UN report is going to come out.

    The TIMES description of the president implies that he is a dictator- "... grabbing control over once independent institutions like commissions on human rights and elections, Mahinda Rajapaksa has come to dominate the institutions of his nation ..."

    ReplyDelete
  15. hoo hoo!!! Kola needa> Den List eketh nehe.MR was ommited from the final list. It is a very good lesson for these "gothayas". They thought that "computer Jilmart" can be done anywhere. Mewata thamai kiyanne "PUKA DEE NASEE" kiyala!!!

    ReplyDelete
  16. anna lokka saramath ussan kunuharapa wamaranawa kiyannay kollipitiyea:))))

    ReplyDelete
  17. රජුරුවන්ගේ,සට්ටන් රාළලා මාර Kick එකේ ඉන්නේ.කැත;කුණු කෙරුවාවල් වහගන්න එපායෑ!රට පත්තර කාරයෝ දන්නවාදැයි මේ කෙරුවාවල්/කොම්:ජිල්මාට්?

    ReplyDelete
  18. Thank God that he didn't even come for the first 100 on the final. Otherwise petrel, disel and Gas will go up again including the groceries.

    ReplyDelete
  19. ලිපිකරුතුමනි,
    ප්‍රභාවක කෙනෙක් කියන එකත් influential person කියනවා වගේ තේරුම දෙනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා