අඩි හතරක් උඩ සිට පදවන රේසිං කාර් හෙවත් ලංකාවේ බර වාහන

(2011 අප්‍රේල් 24, W3Lanka) වයඹ පළාත් පරිසර අධිකාරිය පැය 24ක් පුරා පවත්වන ලද ‍සෝදිසියකින් සොයාගෙන ඇති කරුණක් වන්නේ වැලි ප්‍රවාහනය කරන බර වාහනවලින් 70%ක් ම අයෝග්‍ය තත්වයේ ඇති බවයි.


සෝදිසි සිදු වී නැතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිකිරීම් ව්‍යාපෘතිවලට ගල්, වැලි ආදිය සපයන බර වාහන බොහොමයක තත්වය මෙයයි.


මෙම වාහන විසින් මහා මාර්ගවල ගමන් කරන සෙසු වාහන හා පදිකයන්ට ද, මාර්ගය දෙපස නිවෙස්වලට ද ඇති කරන අනතුරුදාක තත්වය හා භීතිය බලධාරීන් කිසිවකුගේ අවධානයට ලක් වී නැත.


ගල්, වැලි, පස් ආදිය මග දිගට හලමින් අධි වේගයෙන් ධාවනය වන අබලන් ට්‍රක් රථ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුලබ දර්ශනයකි.


දකුණු කොළඹ වරායේ ජැටිය ඉදි කරන්නට දැවැන්ත කළු ගල් ප්‍රවාහනය කිරීම පිණිස ගාලු පාරේ පොතුපිටියේ පිහිටුවා ඇති ජැටිය කරා ගල් ගෙන යන ට්‍රක් රථ නිසා කලුතර දිස්ත්‍රික්කයේ මහා මාර්ග මේ වන විට දැඩි ලෙස අනතුරුදායක ස්ථාන බවට පත් වී තිබේ. අයෝග්‍ය තත්වයේ පවතින මෙම බර වාහන බොහොමයක් ධාවනය වන්නේ අධි වේගයෙනි. මෙම රියවල රියදුරන්ට ඔවුන් ප්‍රවාහනයේ යෙදෙන වාර ගණන අනුව ප්‍රතිලාභ හිමි වන ක්‍රමයක් ක්‍රියාත්මක වීම නිසා ඔවුන් අධි වේගයෙන් ධාවනය කරන්නට පෙළඹෙන බව තතු දත් ආරංචි මාර්ග පවසති.


මෙම බර වාහන පොලිස් පරීක්ෂාවට ලක් නො වන්නේ ඒ පසුපස බලවත් පුද්ගලයන්ගේ ව්‍යාපාර ඇති නිසා බව ද දැන ගන්නට තිබේ.


මෙම බර වාහන ගමනාගමනය හේතුවෙන් මේ වන විට කලුතර දිස්ත්‍රික්කයේ මහා මාර්ග රැසක් අබලන් වී තිබේ.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සිදුවිය හැකි තවත් දරුණු විපතක් තමයි ඔය වාහනයක් යන පාලමක් කඩා වැටීම.

    ReplyDelete
  2. කතාව ඇත්ත.ඕව එළවන එවුන් යන්නෙ උන්ගේ අප්පොච්චිගේ පාරවල්වල යන විදිහට.අනිත් වාහන වත් පාරෙ යන මිනිස්සු වත් තුට්ටුවකට ගණන් ගන්නෙ නෑ.

    ReplyDelete
  3. සමහර රට වල බර වාහන වලින් අය කොරන බද්ද, වාහනයේ බර ප්‍රමාණය අනුව ඉහල යනවා. ලංකාවේ ඕක කවදාවත් කොරන්න හම්බ වෙන්නේ නැහැ,ඕව අයිති එක්කො අත යටින් බදු ගෙවන කෂ්ටියට, සමහර අවස්ථාවල ඒ අත යටින් බදු ගන්න කෂ්ටියට.
    එහෙම හරි විධියට බදු අය කොරන රටවල අඩු වශයෙන් එයින් සෑහෙන කොටසක් වත් මහා මාර්ග දියුණු කොරන්න යොදවනව.

    ReplyDelete
  4. This is very true. Another example is sand trucks plying between Mahiyanganaya and Kandy. They drive recklessly putting other vehicles and pedestrians' lives in danger..

    ReplyDelete
  5. Colombo South harbour at Pothupitiya? It is confusing. Probably wrong info.

    Agree with the point though.

    ReplyDelete
  6. රත්නසිරිApril 24, 2011 at 10:48 PM

    මේක පල කරන්න කලින් ඔබලා හොයා බලන්න.මේ ගල් අරන් ගිහින් වෙරළට බාන්න කලින් සැම ලෝඩ් එකකටම රත්තරං[රොහිත අබේගුණවර්ධන්]ට රු:200/=ක් දිය යුතුයි.දිනකට මේ ආකාරයේ කළු ගල් ටිපර් 200කට එහා දිනකට බානවා.

    ReplyDelete
  7. To Sujeewa Kokawala,
    Boulders for Harbour expansion project are first unloarding at Pothupitiya sea and then transport them to Colombo using by pontoon.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා