සතර සංග්‍රහ වස්තු හා ඇමති බන්දුලගේ දානමය පිංකම | Minister Bandula's alms giving and Sirasa

(2011 මාර්තු 20, W3Lanka) සිරස  අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ මානව හිමිකම් බිඳ ඇත. සිය මවට සෙත් පතා දානමය පිංකමක් පැවැත්වීමට තමන්ට අයිතියක් ඇති බව හේ පවසයි. එහෙයින් තමන්ට අපහාස කිරීම ගැන සිරසට එරෙහිව නඩු දමන බව ද ඇමතිවරයා පවසයි. 


මෙම මතභේදාත්මක දානමය පිංකම පැවැත්වී තිබෙන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ය. මේ වනාහි රටේ ම අධ්‍යාපනය භාර ඇමති බන්දුල විසින් සිය ඡන්ද  පදනම වන හෝමාගම ප්‍රදේශයේ මහජන මුදලින් ඉදි කරන ලද පාසලකි. එහෙම කියා එය එතුමන්ගේ පෞද්ගලික බූදලයක් වන්නේ නැත.   


මේ දානය පැවැත්වෙන්නේ පළාත් පාලන ඡන්දයට කලින් දවසේ ය. ඒ වන විට ඡන්දය වෙනුවෙන් පාසල්වලට නිවාඩු ලබා දී තිබුණ මුත්, සිසුන් හා ගුරුවරුන් මෙම දානය වෙනුවෙන් පාසලට කැඳවා තිබිණි. එපමණක් නොව, ඒ බදාදා දිනය මහජන දිනයක් බව හෝ නො සලකා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු ද දානයට වැඩම කර සිටිය හ. ඒ මහජන මුදලින් ධාවනය වන නිල රථවලිනි. 


දානයට වියදම ඇමතිගේ අතින් බව වාර්තා වේ. සිරස ඇසූ ප්‍රශ්නයක් වන්නේ නිලධාරීන් පැමිණි වාහනවල වියදම් කාගේ ද යන්නයි. එසේ ම, දුර බැහැර සිට ඉසුරුපායට එන ජනතාවට අවශ්‍ය සේවා සපයන්නට නිලධාරීන් නොමැතිකමින් ඇති වූ පාඩු යන්නේ කාගේ ගිනුමට ද? 


තවත් ප්‍රශ්න තිබේ. මින් ඉදිරියටත් ඇමතිවරු සිය ඥාතීන්ට සෙත් පැතීම සඳහා පිංකම් පැවැත්වීමට තෝරා ගන්නේ මහජන දේපල ද? 


සිරසක් නැත්තේ එය විවේචනය කළ සිරසට ද? නැතිනම් ....................


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Minister has a HUMBASA not SIRASA...he has proved that in several of his recent utterances ...God Bless for our "Government owned" National Education System

    ReplyDelete
  2. may wadedi nam bandulata thama natte

    ReplyDelete
  3. විමර්ශකයාMarch 22, 2011 at 4:07 PM

    විරුද්ධ පාක්ෂිකයන්ට ඓරෙහිව ක්‍රියාත්මක වන නීතිය මෙවැනි දූෂිත ඇමති වරුන්ට සහ නිළධාරීන්ට ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්.

    ජනතාවට සිහින රාජ්‍යයක් පෙන්වා විරුද්ධ පක්ෂ වලට දේශපාලනය කිරීමට ඇති අයිතියද උදුරා ගනිමින්, තම හිත මිතුරන් අතර ජාතික සම්පත් බෙදා හදා ගෙන බුක්ති විඳින පාලක පක්ෂය රට ගෙනියන්නේ අඳුරින් අඳුරට නොවේද?

    බුද්ධිමත් ජනතාවනි මේ ඔබේ අවදානය පිණිසයි.

    ReplyDelete
  4. We should be thankful to SIRASA for highlighting a malacious act of the minister.All these politicians do all the wrong doings under the pretext of religion or patriotism. This has to be exposed and SIRASA has just done that.I hope and I pray that SIRASA will take the initiative and become the media giant like AL JAZEERA to reveal the reality to the people of Sri Lanka and to chase away the corrupt politicians like in Egypt, Libia and the other middle east countries.Well done SIRASA you are not alone the people are with you

    ReplyDelete
  5. බුදු දහමට සහ දේශප්‍රේමයට මුවා වී සිදු කරන මෙවන් අකටයුතුකම් බෞද්ධ අන්තවාදී ස්වරූපයෙන් සාධාරණීයකරණය කිරීමේ උත්සාහයක්.

    http://sinhalabuddhist.com/2011/03/sirasa/#comment-1249

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා