ජනාධිපති කාර්යාල‍ය ගැන 'එහෙම වෙන්නෙ ඇයි? I don't know why

(2011 මාර්තු 12, W3Lankaමේ අද දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකින් උපුටා ගත් කොටසකි.


"තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයකු රවටා රේගු ගාස්‌තු රහිතව මෝටර් රථයක්‌ ලබාදෙන බව කියමින් රුපියල් 14 ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් පුද්ගලයකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචාවට සම්බන්ධව තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.


එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයා මෝටර් රථයක්‌ ගෙනැවිත් ඇති අතර එය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් අදාළ මුදල මොහුගෙන් ලබාගෙන ඇත. තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් හඳුනන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවත් පවසා මෝටර්රථය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් රුපියල් දාහතර ලක්‍ෂයක මුදල් ලබාගෙන ඇත."


අපි කටකතා පිළිබඳ කිසිවක් දන්නේ නැත. එහෙත්, වරාය වැනි රජයේ ආයතනවල රැකියා දෙන ආකාරය, හොඳ වැටුප් දෙන විදේශ රටවල රැකියා දෙන ආකාරය, ලොකු කොන්ත්‍රාත් සිදු වන ආකාරය හා තවත් බොහෝ දේ ගැන ලංකාවේ අද දවසේ පළමු පවුල හා සම්බන්ධ කටකතා විශාල වශයෙන් පැතිර යයි.


එහෙම වෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නයට අපට කියන්නනට ඇත්තේ I don't know why කියා ය.


එහෙත්, එක් කරුණක් පෙන්වා දීමට කැමැත්තෙමි. 'ගින්නක් නැතිව දුමක් නො නඟී' යන්න රටේ ජනතාව සාමාන්‍යයෙන් පිළි ගන්නා ප්‍රස්ථාව පිරුළකි. ජනතාව සාමාන්‍යයෙන් මේ දුමට හැඩගැසෙති.


ආසන්නත ම උදාහරණය අනුව, චන්ද්‍රිකා බංඩාරනායක ද මේ කටකතා ගණන් නො ගෙන තමන්ගේ පාඩුවේ තම ක්‍රියාකලාපය පවත්වාගෙන ගියා ය. එහෙත්, කඩා වැටෙන්නට ගිය විට එය සිදු වුණේ පුංචි ළමයින් කාඩ් කුට්ටම පෙළට තබා සාදන කෝච්චියේ එක කාඩ් එකක් පෙරළූ විට පේළිය ම පෙරළී යන ආකාරයටයි.


“When someone loves you, the way they say your name is different. You just know that your name is safe in their mouth.” (anonymous)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අපි නොදන්න දේවල් කොච්චරක් තියෙනවද ඔය කියන I DONT KNOW WHY වර්ගයේ?

    ReplyDelete
  2. Everything what is happening in Sri Lanka seems to be "I DON'T KNOW WHY"

    ReplyDelete
  3. Yeah.... I don't know why? but please this as well.Thanks.

    ඕකෙ තව පැත්තකුත් තියෙනව, හුඟක් අය ඔය කපටි කන් වලට අහුවෙන්නෙ තන්හාව නිසා.

    මම අත්දැකීමෙන් කියන්නෙ, මමත් ජපානෙන් කාර් එකක් ගෙන්නල දෙන්නං ලංකාවට, ඉතාම අඩු මුදලකට, ඉතාම අඩු විනිමයක් ගෙවල කියපු, කැලණිය විශ්ව විද්‍යාලයෙ කථිකාචාර්ය වරයෙක් වන ඩොක්ටරේට් එකක් එහෙම තියෙන, ජපානයෙ විශ්ව විද්යාලයකත් වැඩ කරන, ඕස්ට්‍රේලියාවෙත් පුරවැසිකම තියෙන පුද්ගලයෙකුට විසාල මුදලක් දීල අමාරුවක වැටුන. පුරුවේ පිනක් තිබිලද කොහෙද, අන්තිමට, දීපු සල්ලි ටික ආපහු ගන්න පුළුවන් වුනා මාස 6 කට විතර පස්සෙ. ඒ වුනාට ඒ වගේ අමාරුවෙ වැටුන හුඟ දෙනෙකුට සල්ලි ආපහු ලැබුනෙ නැති බවත් මිනිහට දැන් නඩු වැටිල, ලංකාවෙන් පිට වෙන්න බැරුව ඉන්න බවය් ආරන්චිය. මෙයාට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගෙවල් පවා තියෙන අතර, බිරින්දය් දරුවො දෙන්නය් තවම මෙල්බර්න් නුවර වාසය කරන බවත් දැනගන්න ලැබුන.

    මේ විස්තර ලිව්වෙ, අඩු ගානෙ මේ පොස්ට් එක කියවන අය හරි මේ වගෙ අයගෙන් බේරෙන්න දැනුවත් කරන්න. අනික මමත් ඔය ගැටේට අහුවුනෙ වෙන මොකවත් හින්ද නෙමෙය් තණ්හාවක් ඇති වුන හින්ද කියල කියන්න.

    ReplyDelete
  4. ඉතින් මේ යකාගෙ නමත් කියනවකො මිනිස්සුන්ට දැනගන්න.නිකන් බොරුවට බාගෙට කියන්නෙ නැතුව.

    ReplyDelete
  5. මචන් ඔබ්සර්වර්.. උඹත් අහු උනාද පොරට. මටත් ටොපිය දෙන්න ගියේ මම නම් කොහොම හරි ගැලවුනා.

    ReplyDelete
  6. @ Anonymous
    ඇනෝ ඔය කතාකරන ටෝන් එකට නම තියා වෙලාව ඇහුවත් කියන්න හිතෙන්නෙ නං නැහැ.

    කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ඕනෙ කෙනෙක් ගෙන් අහන්න නම විතරක් නෙමෙය් ඔක්කොම විස්තර දැන ගත්තෑකි. විශේෂයෙන්ම පරිගණක පිළිබඳව උගන්නන අංශයේ ප්‍රධානියගෙන්, එයාටත් ලොකු පොල්ලක් තියල.

    ReplyDelete
  7. @ Deshan

    ඔන්න ඔය නමක් නැතුව එන එකාට කැමති නං නම කියන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා