පරණ බෝතලේ අලුත් වයින්: රාජ්‍ය දේපල විකුණන් කෑම දැන් අලුත් නමකින්

(2011 මාර්තු 27, W3Lankaමහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නේ නැත. ඒ වෙනුවට ඒවා ප්‍රතිව්‍යූහගත කරනු ලැබේ.


ප්‍රතිව්‍යූහගත කරනවා කියන්නේ කොටස්වලින් 50%ක් රජය සන්තකයේ තබාගෙන ඉතිරි 49% පෞද්ගලික අංශයට විකිණීමයි.


කලින් ලංකා ඔක්සිජන් සමාගම ෂෙල් කොම්පැනියට විකිණීම, එයා ලංකා ගුවන්සේවය එමිරේට්ස් සමාගමට විකිණීම, ටෙලිකොම් ජපන් එන්.ටී.ටී. සමාගමට විකිණීම වැනි වැනි කටයුතු කෙරුණේ ද මේ අන්දමට ම ය. ඒවායේ පෞද්ගලික අංශයට දුන් කොටස් ප්‍රතිශතයන් මීට වඩා අඩු ය.


කලින් එයට කියුවේ පෞද්ගලීකරණය කියා ය. නැතිනම් විකුණන් කනවා කියා ය. මේ කැත වැඩේ කළ ආණ්ඩුවල කැබිනට් මණ්ඩලවල වත්මන් ජනාධිපතිතුමා ද සිටියේ ය. එහෙත්, ජනාධිපති වූ පසු එතුමා එයට විරුද්ධ ය කියා කියනු ලැබේ.


කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගන්නවා සේ දැන් මේ වැඩේට කියන්නේ ප්‍රතිව්‍යූහගත කිරීම කියා ය. මක් නිසා ද යත්, අපේ ජනාධිපතිතුමා පෞද්ගලීකරණය කරන්නේ නැත.


මෙන්න මුලින් ම 'ප්‍රතිව්‍යූහගත' කරන්නට යන ආයතන පහ:


ඇඹිලිපිටිය කඩදාසි සංස්‌ථාව, ලංකා පිඟන් සංස්‌ථාව, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව, මාවනැල්ල රබර් පර්යේෂණ ආයතනය, බී. සී. සී. ආයතනය


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Telecom eka den honda service ekak denawa, ewage me, kunu wena ewa pvt sector ekata wikunana ekama thama honda, mama nam kiyanne wedi pura inna staff eka gedara yawala, okkoma govt organisations privatise karala, danna one..
    nethuwa me rata hadanna be...
    ape rajya sewakayo kiyanne maha kammaliyo tikak, un ice gahannama thama balanne

    ReplyDelete
  2. සබරගමුවෙ සරසවියෙ කේස් එක ගැන පොඩ්ඩක් බලල ලිව්වනං යමක්...

    ReplyDelete
  3. earlier these ventures provided a loot for the politicians and their henchmen...now they have become "Suckers of public money"...so the people don't need them...they don't bother privatization of these ventures...

    now politicians find there is nothing to loot ...so they want to share them with the businessmen...they think that businessmen would produce something for them and the politicians to loot...

    Which is better? Just keep these "Suckers of Public Money"...or allow the politicians to continue their loot through Restructuring...

    I have a third option:put them into the sea.

    ReplyDelete
  4. ඉස්සර කාලේ ඉංග්‍රීසියෙන් ලියන කොට ප්‍රංශ හෝ ලතින් භාෂාවල් වලින් අනිත් අයට නොතේරෙන වචන දාලා "උඹට නොතේරෙන්නේ උඹේ මොළේ අඩු නිසා" කියලා අදහසක් ඔළුවට දාලා තමන් කියන කෝකත් "ඒකත් එහෙමද?" කියලා අනුමත කරගත්තා. දැන් බොරු සංස්කෘත දාලා රවට්ටනවා. මම මේ ප්‍රතිව්‍යූහ කියන්නේ මොකකද කියලා මෙතන තියෙන සංස්කෘත ශබ්දකොෂයේ බැලුවා.
    http://www.sanskrit-lexicon.uni-koeln.de/scans/MWScan/tamil/index.html

    ඒකේ දෙන තේරුම 'ප්‍රතිව්‍යූහ' යන එකෙන් හෝ 'ප්‍රති' හා 'ව්‍යූහ' කියන දෙකෙන් හෝ මේ කරන දෙයට සමාන අරුතක් දෙන්නේ නෑ. ඒ නිසා අපිම මේකට නමක් දිය යුතුයි. කරුණාකර කව්රුත් එකමුතුව මේ වැඩේට කිව යුතු නියම නම යෝජනා කරන්න.

    ReplyDelete
  5. haha.. recetenly one of my friends shop got a letter saying.. please leave those shops within a certain periods.. cos its been given to china guy :D well... feel so sad.. even our peope hard to realise wats happening here.. still our people vote.. i wonder wats the catch

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා