නියපොත්තෙන් යුක්තිය පසිඳලන ලංකාවේ අලුත් ආශ්චර්යය

(2011 මාර්තු 26, W3Lankaඉතිහාසය පුරා ම අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් ආයතනයක් ලෙස නම් කරන ලදී.


ආණ්ඩු පක්ෂයේ හිටපු උප ඇමතිවරයකු වූ චන්දන කත‍්‍රිආරච්චිට එරෙහිව වසර 14ක් තිස්සේ විභාග වෙමින් තිබූ මිනීමැරුම් නඩුවක චෝදනා ඉවත් කරගන්නට පෙබරවාරි මාසයේදී නීතිපතිවරයා තීරණය කළේ ය.


එජාපයෙන් ආණ්ඩුවට කරණම් ගැසූ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් කාදර්ට එරෙහිව තිබූ සමෘද්ධි මුදල් වංචා නඩුවේ චෝදනාවලින් ද ඔහු නිදහස් කරන ලදී.


මේ අලුත් ම ප්‍රවෘත්තියයි:


දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇසුරු කළ බාල වයස්‌කාර දැරියක්‌ දූෂණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස්‌ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා 24 වැනිදා නියෝග කළේය.


24 වැනිදා මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි එම්. සී. එම්. මුනිර් මහතා කරුණු දක්‌වමින් එම දැරියගෙන් විත්තියේ නීතිඥවරයා හරස්‌ ප්‍රශ්න ඇසීමේදී එම සම්බන්ධය පිළිබඳව වැඩිදුර කරුණු හෙළි කිරීමට සිදුවන නිසා ඇය සාක්‍ෂි ලබාදීමට මැළිකමක්‌ දක්‌වන බවත් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් නීතිපතිවරයාට කරුණු දක්‌වා නඩුව ඉල්ලා අස්‌කර ගැනීමට අවසර ඉල්ලා ඇති බවත් පෙන්වා දුන්නේය.


අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම අනුව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්‌කර ගන්නා බව එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පෙන්වා දුන් අතර දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය. (උපුටා ගැනීම දිවයිනෙනි.)


ලංකාවේ යුක්තිය පසිඳලීම සිදු වන හැටි තේරුම් ගැනීමට තවත් පුවත් අවශ්‍ය නැත.


ඇමති මිල්රෝයි ප්‍රනාන්දු‍ගේ අනියම් බිරිඳ හා සේවිකාව මරා මරණ දඬුවමට ලක් වූ නියම බිරිඳ නිදහස් කිරීම පිණිස ජනාධිපතිවරයාට රවුම් පාරක යන්නට සිදු විය. පළමුව එක් සමාවකින් මරණ දඬුවම ජිවිතාන්තය දක්වා දඬුමක් බවට පත් කර දෙවනුව ජාත්‍යන්තර කාන්තා දිනය අල්ලා සමාවක් දී බරපතල අපරාධවලට දඬුවම් ලැබ සිටි තවත් එවැනි අපරාධකාරියන් පිරිසක් සමග ඇමති බිරිඳ නිදහස් කිරීමට එතුමාට සිදු විය. 


නියපොත්තෙන් කඩන්නට තිබූ අංකුර මහ ගස් දක්වා වැඩෙන්නට දුන් විට එහෙම සිදු වේ. දැන් එහෙම නැත. පොරෝ ඕනෑ නැත. කඩන්නේ නියපොත්තෙනි. 


(පස්ස කහ ගන්නට නියපොත්ත නැතිව සිටිද්දීත් මේ දූෂණය, අයුක්තිය වෙනුවෙන් ඡන්දෙ දෙන මෝඩයන්ට මේ යුක්තිය අදාළ නැත.)  


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම අනුව" - අගතියට පත් පාර්ශවේ කියන්නේ නීතිපතිද?

    ReplyDelete
  2. "පස්ස කහ ගන්නට නියපොත්ත නැතිව සිටිද්දීත් මේ දූෂණය, අයුක්තිය වෙනුවෙන් ඡන්දෙ දෙන මෝඩයන්ට මේ යුක්තිය අදාළ නැත."
    ඔව්.. ඔව් කාව හරි මරන්න හිතන් ඉන්නවනම් ඊට කලින් සංධානෙන් චන්දෙ ඉල්ලල දේශප්‍රේමි මන්ත්‍රීවරයෙක් වෙලා හිටපල්ලා.

    ReplyDelete
  3. ඔයා කියන්නේ දන්දය යූඇන්පී එකට හරි ජේවීපී එකට හරි දෙන්න කියලද? ඕකුනුත් මේ වගේම තමයි. මහත්තයෝ සමාජ ක්‍රමයේම වෙනසක් ඕන

    ReplyDelete
  4. සිතන්නට යමක්March 28, 2011 at 8:20 PM

    තවද ;

    උඩතලවින්න 10 පුද්ගල ඝාතනයෙන් අනුරුද්ධ රත්වත්ත සහ පුත්‍රයන් නිදහස් වීම.

    එල්.ටී.ටී නව නායක කේපී හට අද වන තුරු කිසිදු චෝදනාවක් නොමැති වීම.

    විරුද්ධ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වරදට ජනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම.

    යන කාරණා ද මේ අකටයුතු කම් ගොන්නට අදාල කර ගත හැක.

    රාජපක්ෂ වාදීන් හෙවත් දේශප්‍රේමීන්ට එක් නීතියකුත්, රාපක්ෂ විරොධීන් හෙවත් දේශද්‍රෝහීන් හට තවත් නීතියකුත් ක්‍රියාත්මක වේ.

    18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් විධායක ජනාධිපති ධූරයට දැරීමට ඇති වාර 2 සීමාව ඉවත් කර ගැනීම, ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා ජනාධිපති ධූරය යටතට ගැනීම,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි නීතිය දිගින් දිටම ක්‍රියාත්මක වීම යන ඊජිප්තුව,ටියුනීසියාව,ලිබියාව වැනි රට වල තිබූ තත්වයට සමාන ලක්ෂණ රට යන අත තීරණය කිරීමට ප්‍රමාණවත් වේ.

    මෙහිදී ජනතාව අතද දැඩි වගකීමක් ඇත එනම් ආසියාවේ ආශ්චර්යය හෝ සංවර්ධනය වැනි එක එක දවටන වලින් එන ටොපි කමින් දිගින් දිගටම මේ පාලකයන්ම පත් කර ගන්නවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හෝ එජාපය සහ ජවිපෙ රැක ගැනීමයි.

    බලය දිගින් දිගටම එකම පිරිසක් අත රැදීම එම බලය දූෂණය වීමට හේතුවන අතර අදටද නියපොත්තෙන් කඩා විසදාගත හැකි මෙවන් ගැටළු අනාගතයේදී පොරවෙන් කොටාවත් විසදා ගත නොහැකි තරමට දිග්ගැස්සෙන තුරු බලා සිටිය යුතු නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා