පළාත් පාලන ඡන්දයේ යල් පැන ගිය තාරුණ්‍යය

(2011 මාර්තු 22, W3Lankaමෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා රැසක් ප්‍රතික්ෂේප වීමට හේතු වුණේ ඉචිරිපත් කරන ලද නාමයෝජනාවෙහි අවශ්‍ය තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව නො සිටීමයි. මේ පිළිබඳව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සලකා බැලීම සඳහා ඊයේ අභියාචනාධිකරණයේදී පැවති පරීක්ෂණයේදී හෙළි වූ කරුණක් වන්නේ මෙහි තරුණ අපේක්ෂකයන්ගේ අවම වයස ව්‍යවස්ථාවට අවුරුදු 18 නො ව 20 පමණ විය යුතු බවට කොන්දේසියක් ක්‍රියාත්මකව තිබුණු බවයි.

අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා 1991 මැයි 31 දිනට පෙර උපත ලැබිය යුතු අතර ඉන් පසුව ඉපදුණු අයට අපේක්ෂකත්වය ලැබිය නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂවින්ද්‍ර ප්‍රනාන්දු අභියාචනාධිකරණයේදී පැවසීය.

සෑම අපේක්ෂකයෙකුම 2009 ජූලි 01 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුව තිබූ බවත් එදිනට වයස අවු. 18 සම්පූර්ණ වී නොතිබූ අපේක්ෂකයින් ඇතුළත් වූ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසී ය.

තරුණ අපේක්ෂකයන් සඳහා උපරිම වයස ද ගණනය වී ඇත්තේ මේ දිනයටයි.

පළාත් පාලන ඡන්දයේදී තාරුණ්‍යයට අදාළව ලංකාවේ රාජ්‍ය පාලනය වසර දෙකක් පමණ පසුපසිනි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා