ජනතාවට කුණු කවන ලංතාවේ 'හෝටල්'

(2011 මාර්තු 20, W3Lanka) කොළඹ නගරයේ පවත්වාගෙන යන හෝටල් හා ආපනශාලාවලින් ලබාගත් ආහාර සාම්පල් පරීක්‍ෂණයට භාජන කිරීමෙන් අනතුරුව ඉන් 18% ක විෂබීජ මිශ්‍රව තිබූ බවට රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කර ඇති බව අද දිවයින වාර්තා කරයි.


හෝටල්වල පිළියෙල කරන ආහාර මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සෑම හෝටලයක්‌ම නිතර පරීක්‍ෂාවට භාජන කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ද, හෝටල් හා ආපනශාලා පවත්වාගෙන යැමට බලපත්‍ර නිකුත් කිරීමේදී ජනතාවගේ සෞඛ්‍යය ආරක්‍ෂා වන පරිදි ක්‍රියා කළ යුතු බවට දැඩි කොන්දේසි මාලාවක්‌ පැනවීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දිවයින පවසයි.


අපිරිසිදු ආහාර ‍අලෙවි කළ කොළඹ හෝටල් 100 කට එරෙහිව නඩු පැවරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇති බව එහි මහජන පරීක්ෂක ඩබ්ලිව්.ජී.කරුණාතිලක මහතා අද ඊතලය වෙබ් අඩවියට පවසා ඇත.


හෝටල් සේවකයන් අතර ක්‍ෂය රෝගය වැනි බෝවන රෝගවලින් පෙළෙන අය සිටිනවාද යන්න සොයා බැලීමට සෑම දෙනෙක්‌ම දැඩි පරීක්‍ෂාවට භාජන කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.


කොළඹ නගරයේ හෝටල් සේවකයන් විශාල පිරිසකට සෙංගමාලය සහ ක්ෂය රෝගය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිව ඇති බව මාර්ත 08වන දා දිනමිණ පුවත්පත පැවසී ය.


ඕනෑම නගරයක හෝටලයකට ගිය පසු මෙම තරුණු සත්‍ය බව ඇස් පනා පිට ම ඔප්පු වේ. හෝටලයක පිටුපස පැත්තට හිස පොවා බැලුවහොත් ඒ වනාහි මේ තැන් ගැන සොයා නො බලන හා ඒවා අයිතිකරුවන්ගෙන් පගා ගහන සැන්ටිපෝට් මහත්තුරුන් යැවීමට ඉතා ම සුදුසු අපායක් බව පෙනේ.


හොඳ ම අපායවල් ඇත්තේ දුර ගමන් සේවා බස් රථ නවත්වන හෝටල්වලයි. ඒවායේ සිදු වන්නේ බස් සේවකයන් සමග බෙදා හදාගෙන කරන මංකොල්ලයකි. 


බොහෝ හෝටල් සේවකයෝ කාණු පල්ලෙන් මතු වන මීයන් සේ අපිරිසිදු ය. මොවුන්ගේ අපිරිසිදුකමට හේතුව දුප්පත්කමටත් වඩා නූගත්කම, අපචාරික ජීවිත හා නො සැලකිල්ලයි. 


ලංකාවේ ආහාර පාන විකුණන කඩවල මුදලාලිලා ද මෙම සේවකයන්ට දෙවෙනි නො වෙති. රටේ මිනිසුන්ගේ සාගින්න හා පිරිසිදු හෝටලයකට යන්නට නැති බැරි දුප්පත්කම ද ඇතැමුන්ගේ අපිරිසිදු ආහාර බුදීමේ ලෝලය ද මොවුහු සිය මල්ල පුරවා ගැනීමට පාවිච්චි කරති. 


Dictionary.comහි hotel යන වදනට දී ඇති අරුත මෙසේ ය:
a commercial establishment offering lodging to travelers andsometimes to permanent residents, and often having restaurantsmeeting rooms, stores, etc., that are available to the general public.


හොඳ ම විහිළුව ඇත්තේ ශ්‍රී ලාංකික ඉංග්‍රීසියෙහි හා සිංහල ව්‍යවහාරයෙහි ය. ලංකාවේ මිනිස්සු මේ අයිලෙ කඩවලට සිංහලෙන් කියන්නේ 'හෝටල්' කියා ය. සැබෑ හෝටල්වලට කියන්නේ 'හොටෙල්' කියා ය. 




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "කොළඹ නගරයේ හෝටල් සේවකයන් විශාල පිරිසකට සෙංගමාලය සහ ක්ෂය රෝගය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිව ඇති බව මාර්ත 08වන දා දිනමිණ පුවත්පත පැවසී ය. "

    ඔය දිනමිණ කියපු එකක් ඇත්ත කියල කිව්වමයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා