තෙන්දුල්කාර්ගේ ආචාර්ය උපාධි ආදර්ශය

(2011 මාර්තු 07, W3Lankaසෞඛ්‍ය විද්‍යාව පිළිබඳ රජීව් ගාන්ධි විශ්ව විද්‍යාලය විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ට පිරිනමන්නට අදහස් කළ ගෞරව උපාධිය ඔහු විසින් ‍ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. මයිසූර් විශ්ව විද්‍යාලය ද ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමීමට තීරණය කර ඇත. එහෙත්, ඒ පිළිබදව තව ම නිල වශයෙන් දැනුම් දී නැති බව වාර්තා වේ. 


විද්‍යායතනික හා බුද්ධිමය වශයෙන් දිනෙන් දින පිරිහෙන විශ්ව විද්‍යාල මගින් දේශපාලනිකව හා සමාජමය වශයෙන් බලවත් හා ජනප්‍රිය පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනමා ඒවායේ ප්‍රධානීන් එදා වේල පිරිමසා ගන්නට උත්සාහ කිරීම ලංකාවේ නම් සුලබ දෙයකි. 


ඒ අතින් ගත් කල සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ රජීව් ගාන්ධි විශ්ව විද්‍යාලය තෙන්දුල්කාර්ට ආචාර්ය උපාධියක් පිරිනමන්නට ප්‍රාමාණික වනවා සේ ම, ක්‍රීඩාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබන්නට තෙන්දුල්කාර් ද ප්‍රාමාණික වේ. 


එහෙත්, තමන් තවමත් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකව සිටින බව ඉදිරිපත් කරමින් තෙන්දුල්කාර් ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කර ඇත. 


ක්‍රීඩකයකු ලෙස සිය අභිමානය, ස්වාධීනත්වය හා වෘත්තිකභාවය පළ කළ මෙම සිද්ධිය බලය හා ජනප්‍රියත්වය හඹා යන ලංකාවේ විශ්ව විද්‍යාලවලට මෙන් ම ඕනෑ ම මළ දානයක් පිළි ගන්නට සූදානම් ලංකාවේ ක්‍රීඩකයන්ට ද ආදර්ශයකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. mata mathak venne nimal siripalata Dr, upadiya indian ayathanayak dunna velave vechcha de,samahara pudgalayan nisa ovunta upadi dunna ayathana babalenava,samahara pudgalayo ayathanaya nisa babalenava ,tavath samaharunta dena upadi higannanta monavahary dunna vagey kisima vedak nehe,siripala gihilla kela bery bery upadiya gaththe, ay indian drugs mafiyavata karana sevayata upaharetane eka hambu une,

    ReplyDelete
  2. Coming from a guy who first demanded and then begged a token award for his cheap blog from bunch of school kids.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා