කුරුණෑගල පොලිස් අධිකාරිට අන්තර්ජාලය කුණුහරුපයක්

(2011 මාර්තු 04, W3Lankaකුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කැර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිසිය එම තහනම ක්‍රියාත්මක කර ඇත.


එම වයස් සීමාව තුළ සිටින පාසල් ළමුන්ට “ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය. පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි.


මෙම නීතියට පටහැනිව අවු: 18 ට අඩු ළමුන්ට මෙම ස්ථානවල ගැවසීමට ඉඩ නොදෙන ලෙස ඉන්ටර්නෙට් කැෆේ හිමිකරුවන්ට පොලිසිය අවවාද දී තිබේ. පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන බව අද දිනමිණ පුවත්පත වාර්තා කළේ ය.


මේ පොලිස් නිලධාරියා සිතන ආකාරයට ඉන්ටර්නෙට් කියන්නේ අසභ්‍ය වැඩකි.


“ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් අනිවාර්ය කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනි ය. මන්ද, ලංකාවේ විදුහල්පතිලා සහ පොලිස් රාළහාමිලා ජාඩියට මූඩිය වැනි දෙපිරිසකි.


මේ වනාහි තොරතුරු හා දැනුම වෙත ප්‍රවේශ වීම සඳහා දරුවන්ට ඇති අයිතිය අමු අමුවේ ම උල්ලංඝනය කිරීමකි. එසේ ම, තමන්ගේ නිවසට අන්තර්ජාල සම්බන්ධයක් ලබා ගැනීමේ ආර්ථික ශක්තිය නැති දරුවන් වෙතින් තොරතුරු තාක්ෂණ දැනුම ඈත් කරලීම පිණිස ගත් ඊර්ෂ්‍යා පරවශ අවනීතික ක්‍රියාවකි.


මේබල් බ්ලයිත් ගායනා කළ, ඒ.ජේ.ද සොයිසා රචනා කළ,ආර්.ඒ.චන්ද්‍රසේන විස්න් සංගීතවත් කරන ලද, දෛවවිපාකය චිත්‍රපටයේ අඩංගු 'සරා ගොයිය හරි මිනිහා - තුවක්කුවක් කරේ තියා - දවසක් දඩයමේ ගියා' ගීය මෙවැනි පොලිස් රාළහාමිලාට උපහාරයක් ලෙස‍ මෙහි පළ කරමු. 



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. 8 pass saragoyyalath balanne podi minihatama kelinna,meka haryata muna ekka tharahata nahaya kapagannava vage, Mervin jathiye vedak ,kamak nehe oya policiyema sara kenekne lagadi April maseta thiyana dina ganana gena vetaheemak nethiva usavi ave. ane ape rate policeya

    ReplyDelete
  2. monawa unath kalade hondai.mokada me lankawe internet cafe wata karala horaguhawal wage tiyenne. mewa internet pahasukam tiyenne ona prasiddiye.katawath kagewath dewal balala mukuth karanne ba.pitaratawala me pahasukam sapayala tiyenne harima waadagath widiyata.peli kramayata.katawath hora magadi karanna ba.kuda lamai enne wadihitiyekuth ekka.mewa mulu muluwala dana nisa thamai me serama hora magadi.kuda kale indala lamayinta coputer purudu wena eka harima watinawa.idiriyata yanne. palanayak athiwa abbahi novee.pitaratawala prasiddiye walbutha balanne idadeela na.tharuna parapurata lingika adyapanaya bohoma rahasigathawa pasalwala ugannanawa.bohoma salasum gathawa ita passekisai kenekuta e gana kuthuhala na.lankawe tharuna parapura wadi hariyak internet cafe asse rigagena manasa wikurthi karagannawa.me gana awadanaya yomu nokoloth harima watinawa.internet pahasukam tiyenne watina yamak igena ganne misa vinasa wenne neve kiyana mathaya samajayata gangena piliwelata katayuthu sakas karanne ona.

    ReplyDelete
  3. අනේ අම්මප මෙහෙමත් හරක් , කැෆේ යන උන්ට විතරයි නීති . ගෙදර ඉඳන් බැලුවට කමක් නැහැ.. අවු 13 ට අඩු අයටයි දෙමව්පියන්ගේ අධීක්ෂනය යටතේ අන්තර්ජාලය භාවිතා කරන්න කියන්නෙ (ලෝක සම්මතය ) . අනේ මන්ද තව ටික කාලෙකින් කියයි අන්තර්ජාලය තහනම් කරලම දාන්න ඕනි කියල

    ReplyDelete
  4. okun kohomath danne oyawage gon weda thmai
    thawa tika dawasakin 18 ta adu lamayek gedara innawanam gedarata internet ganna bee kiyai
    gonharak

    ReplyDelete
  5. 18 ට අඩු අයට දෙමාපියන් එක්ක අවිත් ඇතුලු වෙන්න දුන්න නම් හරි, එහෙම නැත්නම් විවෘත් ස්තානයක බලන්න දුන්න නම් හරි වැල බලන්න බැරි වෙයි.

    ReplyDelete
  6. අවන්කවම මේ පොලිස් ගොයියොන්ට හොඩටම පිස්සු.8 පාස් පිස්සු යක්කු පොලිසියට ගන්නවා අන්තිමට.රටේ මිනිස්සුන්ට මටරගාතේ..........

    ReplyDelete
  7. මෙන්න මේ සයිට් එකෙත් පට්ටම පට්ට වැඩ වගයක් තියනවා කරලම බලන්න..
    http://itpariganaka.blogspot.com

    ReplyDelete
  8. ජනාධිපති ප්‍රේමදාස යුගයේ ප්‍රසිද්ධ ‍රැගුම් පාලක මණ්ඩලයේ සභාපති වූයේ ආර් පල්ලෙවෙල ය. ඔහු සදාචාරය ‍රැක ගැනීමට තමන්ගේ ඇති හදිසිය පෙන්වා ප්‍රේමදාසගෙන් ලකුණු ලබා ගැනීමට උපක්‍රමයක් සැලසුම් කළේය.

    ඒ අනුව ඔහුගේ අනුමැතියට එන චිත්‍රපටවල ඇති ඊනියා සදාචාර විරෝධී රූපරාමු කපා දැමීමට ඔහුට තිබුණේ පුදුම හදිස්සියකි. ඒ අනුව ජුගුප්සාජනක කාමුක චිත්‍රපට වාරණය කරන පරිද්දෙන් සියළුම චිත්‍රපටයන්ට විරුද්ධව "කැපීම " ක්‍රියාත්මක කළේය.

    එහෙව් පල්ලෙවෙල සම්බන්ධයෙන් රාවයේ පළ කර තිබූ අගනා ලිපියක් මට මතක් වේ. ලිපියෙන් පල්ලෙවෙලව තදින් විවේචනය කර තිබුණි. අන්තිමේ මෙවැනි අදහසක් එහි සදහන්ව තිබුණි.

    "........... පල්ලෙවෙල, සදාචාරය ‍රැක ගැනීමට යැයි කියමින් අසබ්භ්‍ය රූප රාමු ඉවත් කිරීම සදහා චිත්‍රපට වාරණය කරමින් ද රූපරාමු කපමින් ද සිටී. මෙහෙම කපාගෙන ගොස් අසභ්‍ය යැයි පවසා තමන්ගේ ලිංගික අවයවත් ද කපා දැමීමට පල්ලෙවෙල ක්‍රියා කළ හොත් කුමකින් කුමක් වේද? ......................."

    කුරුණෑගල මෝඩ පොලිස් අධිකාරීත් පල්ලෙවෙල පරම්පරාවේම එකෙකි.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  9. Api pasal yanakotath kurunegala cafe wala thibune hoda dewal witharak newe...

    ReplyDelete
  10. "මේ වනාහි තොරතුරු හා දැනුම වෙත ප්‍රවේශ වීම සඳහා දරුවන්ට ඇති අයිතිය අමු අමුවේ ම උල්ලංඝනය කිරීමකි."

    එහෙම නැතිව වැල ෆිල්ම් දරුවන් වෙත අලෙවි කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමක් නම් නෙවෙයි.

    ReplyDelete
  11. ඊයා, ඔයා දිනමිණ ත් බලනවා ද?

    ReplyDelete
  12. වාස් ගුනවර්ධන කියන්නෙ අර ස්ලිට් එකේ කොල්ලෙකුට ගහපු එකා නේ ද?

    ReplyDelete
  13. යකෝ මෙච්චර සදාචාරෙ ගැන හිතනවනං කොරන්න තිබ්බෙ කැෆේ වල කූඩු වෙලා වහගෙන කොරන එක වෙනස් කොරල තම තමංගෙ අන්නන්යතාවෙ රැකගෙන බලන පුලුහං වෙන විදියට මොනිටර් ටිකේ ලේ අවුට් එක වෙනස් කොරන එකනෙ. දැන් මේ අරාබියෙ ඔය යස අගේට කොරන්නෙ.

    ReplyDelete
  14. කාලෙකට පස්සේ පොඩි කාලේ ඉඳන් රස විඳපු ගීතයක් අහන්න ලැබුන වාස් ගුණය හින්ද, එකත් ලොකු දෙයක්.
    වාස් ගුණයටය් ගෑනිටය් කොහොමත් කොල්ලො පෙන්නන්න බැහැනෙ.

    ඔය යකාට නම දැම්මෙ කව්ද දන්නහ, වාස් කියල මුල නමක් කවුරුවත් මීට ඉස්සර අහල එහෙම තියෙනවද?

    ReplyDelete
  15. ඔය වාස් ගුණවර්දන කියන තක්කඩියට ලමයි පේන්න බෑ...විශෙශයෙන්ම ITලමයි මතකනේ වංගියක් කොලුවෙක්ව මරන්න හැදුවා...පගා මරුවා....

    ReplyDelete
  16. මෙයාගේ පුතා නේද අර SLIIT එකේ ළමයෙක්ට ගහල ප්‍රශ්නයක් දාගත්තේ ? ඔය ම්නුස්සයක් දැන් කාලයක් තිස්සේ couples අත්අඩංගුවට ගන්නවා public parks වල ඉන්න . යකෝ අපිත් අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන් ගතට දවස වල ඕව බැලුව. මුගේ කාලේ මේ යකාට video cassette එකක් වත් බලාගන්න බැරිවෙලා වගේ මටනම් පෙන්නේ . internet එකේ තියෙන්නේ අසබ්ය දේවල් විතරි කියලද දන්නේ නා මූ හිතාගෙන ඉන්නේ . මේ වගේ පටු විදියට හිතන සිවිල් සේවකයෝ එක්කද අපි ආසියාවේ ආශ්චර්ය හදන්න යන්නේ ???

    ReplyDelete
  17. me harakage veda mehema thama. sliit eke kollekuta muge geni gahala thibune......haraka

    ReplyDelete
  18. ammapa habawa,apachare wenwanam ekata wedemath kremayak hadanne nathewa mewanam kunuharupa adahasma thama.oya kabana kremaya wanuwata open eka e net yanne kremayak hadana eka thama wekalpe.moko okata yanne enet wala danuma ganne mesak wena wadakatai. hi hi

    ReplyDelete
  19. As someone from Kurunegla I must say this is two edged issued . One must be mindful of implication of harmful content on the youth. Even in most western nations including USA do not telecast certain programmes during prime time for obvious reasons. It is not democracy to let our youth waste their time watching porn. I think most of the parents too agree with me on this regard.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා