මහේලලා රාජපක්ෂ, අබේසුන්දර මහින්දලා හා ක්‍රිකට්

(2011 මාර්තු 03, W3Lankaදිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර හැම ගහට ම කොට කොටා යන ගමන් කෙහෙල් ගහකටත් කොටා තිබේ. හොට පැටළෙන්නට ද ඉඩ තිබේ.


මේ කෙසෙල් ගස වනාහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි. ලෝක කුසලාන පළමු වටයේ තරගයකදී පකිස්තානයට පැරදුණු ලංකාවට ඔච්චම් කරමින් ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනේදී මහින්ද අබේසුන්දර ව්‍යංගයෙන් නැඟූ බරපතල චෝදනාවක් වන්නේ මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර තරග පාවා දුන් බවයි. ‘ගේම් එක චේන්ජ් කරන්න යයි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ’ යයි ඔහු කීවේ ය.


මාධ්‍යකරුවා සාමාන්‍ය මිනිසකුට වඩා දුර දකින්නට සමත් අයකු විය යුතු ය. සන් ෆ්ලවර් බයිලාවක තිබෙන ආකාරයට සාමාන්‍ය ජනයා ක්‍රිකට්වලට ප්‍රතිචාර දක්වන්නේ මෙසේ ය: "දිනුවදාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා - එකක් දෙකක් අයියෝ පැරදුණාම ගොයියෝ මොනවද මේ කළේ අහනවා."


හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කියන පරිදි මේ වනාහි ලංකා කණ්ඩායම දිරිමත් කළ යුතු මොහොතකි. ඔවුන්ගේ මානසිකත්වය අවුල් කරන්නට කටයුතු කිරීම සුදුසු නැති මොහොතකි.


මහින්ද අබේසුන්දර වැනි එදා වේල වෙනුවෙන් කුලියට කහින ලියන අප්පුලා ක්‍රිකට්වලදී පමණක් නොව, ඕනෑම කරුණකදී හැසිරෙන්නේ මෙසේ ය.


පාලකයන් ඔවුන් සේවයේ යොදා ගන්නේ ඕනෑම කිළිටි රෙද්දක් ඔවුන් ලවා සෝදවා ගත හැකි බැවිනි.


ලෝක කුසලානය දිනා ගැනීම ලංකාවේ ක්‍රිකට් සමග පමණක් සම්බන්ධ කරුණක් නො වේ. එය ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම සඳහා කදිම ආයෝජනයකි. පැවැත්ම අර්බුදයට ලක් වෙමින් තිබෙන නිසා මේ ආයෝජනය අත්‍යවශ්‍ය තත්වයට ද පත් වී තිබේ.


මහින්ද අබේසුන්දර ප්‍රකාශයට පත් කරන්නේ සාමාන්‍ය ක්‍රිකට් ලෝලියාගේ ප්‍රතිචාරයටත් වඩා මේ පාලකයන්ගේ බලාපොරොත්තු සුන් වීමයි. එහෙත්, දේශපාලනිකව නම් ඔවුන් විසින් කළ යුතුව ඇත්තේ උත්සාහය අත්හැර නො දැමීමට ක්‍රීඩකයන් දිරි ගැන්වීමයි.


මහින්ද අබේසුන්දරට එරෙහිව නඩු යන බව මහේල ජයවර්ධන පවසයි. ලංකා කණ්ඩායම ඉදිරියටත් තරග පැරදුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය බිඳ දැමුවා යයි මහින්ද අබේසුන්දරට හා රජයේ මාධ්‍යවලට ද බනින්නට දැන් අවස්ථාව තිබේ.


ලංකාවට ලෝක කුසලානය දිනා ගන්නට බැරි වීම විපක්ෂයට වාසිදායක විය හැකි නිසා මහින්ද අබේසුන්දර තරගය එක්සත් ජාතික පක්ෂයට පාවා දී ආණ්ඩුව අවුල් කිරීම සඳහා මේ ප්‍රකාශය කළා වන්නට ද පුළුවන.


මහින්ද අබේසුන්දර මොනවා කියනු ඇද්ද? තරග පාවා දීම පිටුපස එක්සත් ජාතික පක්ෂය හා කොටි සංවිධානය ද බටහිර බලවත්තු ද ඇතැයි කියන්නට ඔහුට පුළුවන.


අපට කියන්නට ඇත්තේ එක දෙයකි.


This is not cricket, Sir!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ithihasaya puravatama Mhndaabesundara kale pavathina rajaye kility sodapu eka,madya ayathanayaka thatavaya bala karanava erenna me madya appulata mokavathma karanna bahe,anith pudgalaya thama Hadda, me dennama mavanne pahath rasayak, desapalakayanta eva rasa vuvata,podu maha janathava karanne tv vahala dana eka, mama me viparama baluve net eken,me kathava diggassunata passe,onna okay ovunge sebe thathvaya.

    ReplyDelete
  2. [[මහින්ද අබේසුන්දර කුමක් කියනු ඇද්ද?]]

    මහේල ගේ අම්ම තිලාන ගේ තාත්ත එක්ක ඉඳල මහේල ඉපදුන බවත්, එහි ම ප්‍රති සංයෝජනයෙන් තිලාන් ඉපදුනු බවත් කියනු ඇත. මේ දෙදෙනා කණ්ඩායමේ රැඳී හිටින්නේ අරවින්ද සමග සමලිංගික සම්බන්ධතා ඇති නිසා යයි කියනු ඇත. දේශප්‍රේමී ක්‍රිකට් ලෝලීන මොවුන්ට ළඟදීම කනේ පහර දෙනු ඇති කියනු ඇත.

    මහේල, තිලාන්, කොන්ඩම්, කොටි, නිල් චිත්‍රපට, නිලියන්, ගණිකාවන් යනාදී ඔහුගේ ප්‍රිය කරන වචන සමුහය යොදාගත් විවිධ සංකරන හා සංයෝජන ඇසෙනු ඇත.

    මුඩුක්කුවක කසිප්පු අබේ කෙනෙක් මාධ්‍ය ආයතන කිහිපයක ලොකු තනතුරක් දරන විට හැමදාම රෑට සරම උස්සා "ඇඩෝව් කැ* බල්ලෝ" කියා කෑ ගසනු ඇසීම පුදුමයක් නොවේ. බේබද්දගේ කිවිසුමක් වූ විමසුමෙන් ඔහු කෑ බී මත්පැන්, එළවලු කෑලි, බයිට් කෑලි සෙම ගුලි මිසක සඳුන් සුවඳ වහනය නොවේ. මොහුගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

    මෙතන එක වෙනසක් ඇත. මෙච්චර කල් මුගෙන් කෑවේ රටේ නෝන්ඩි වී ඇති රනිල්, විකාරබාහු, ජෙප්පන් වැනි අයයි. මහින්දගේ බේබදු කිවිසුම් නැතත් මේ කට්ටිය පොදු මහා ජනතාව අතර නොන්ඩි වී ඇත. කිවිසුමේ බනින කුණු හරුප හා අමු චෝදනා අතහරියත් මුලික චෝදනාවේ හැම විටම සත්‍යතාවයක් ඇත. විකාරබාහු කොටින්ට සහයට පෙනි සිටියේය.

    මේ පාර මේ ගොන් හරකා ගැහුවේ මිනිසුන්ගේ හිත දිනාගෙන ඉන්න කෙනෙකුටයි. කල චෝදනාවේ කිසිම හරයක් නොමැති බව සියල්ලන්ටම තේරේ. රනිල්/විකාරේ/ජෙප්පන් මෙන් නොව මෙහි නීතිමය පියවර ගන්නට ඉඩකඩත් හැකියාවත් ඇත. අන් සැමට වඩා කුණු කිවිසුමෙන් උස්සන්නට හදන මහින්ද රාජපක්ෂත් මේ ක්‍රීඩකයින්ගේ මිතුරෙකු මිස හතුරෙකු නොවේ [ජනප්‍රිය අයට එයා කොහොමත් මිතුරෙකි].

    මහින්ද අබේ ගේ මේ කිවිසුම, චෙකොෆ් ගේ කිවිසුම බවට පත් වන්නේ එබැවිනි.

    සටහන මගෙන්.

    ReplyDelete
  3. මහින්ද අබේසේකරගේ මොළේ හොඳ නැතිකම නිසා හෝ අංක 1 මානසික කුණු කරත්තකාරයා නිසා මෙවැන්නක් කිව්වා වියයුතුය. මහේලත් තිලානුත් එවැන්නක් නොකරන බවට විශ්වාසයක් අපට තිබේ. ඇත්තෙන්ම ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතුමය.

    ReplyDelete
  4. මේකත් බැලුවනං....

    http://dreamsofharee.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
  5. "මහින්ද අබේසුන්දර ප්‍රකාශයට පත් කරන්නේ සාමාන්‍ය ක්‍රිකට් ලෝලියාගේ ප්‍රතිචාරයටත් වඩා මේ පාලකයන්ගේ බලාපොරොත්තු සුන් වීමයි. එහෙත්, දේශපාලනිකව නම් ඔවුන් විසින් කළ යුතුව ඇත්තේ උත්සාහය අත්හැර නො දැමීමට ක්‍රීඩකයන් දිරි ගැන්වීමයි."

    සහතික ඇත්ත.

    ReplyDelete
  6. salli walata kahinna giyama ohoma weda wenawa.

    ReplyDelete
  7. His Masters Voice...

    these Cricketers have to pay for the non-inclusion of politician Jayasooriya into the world cup team

    ...this is worth a bottle of Gal Arrakku for this Porter (not a Reporter as late Journalist Dayasena Gunasinghe said once)

    ReplyDelete
  8. ඔහොම ගිහින් මහින්ද අබේ ලොකු මහින්දටත් මඩ පාරක් ගහයිද දන්නේ නෑ.........

    ReplyDelete
  9. මේ මනුස්සය ඔය කතාව කිව්වෙ මිනිහගෙ හිතුමනාපෙට කියල ඇත්තටම හිතන්න පුලුවන්ද?, අනිවාර්යයෙන්ම මේක පස්සෙ තියෙන්නෙත් අපිට පෙන්නන්න හදන සර්කස් එකක්, වෙන මොකවත්ම නෙවෙයි,

    ඔන්න ටිකක් කට්ටියට කෑගහන්න එහෙම දුන්නට පස්සෙ, මෙන්න සිද්ධ වෙන දේ-

    " ඊයේ මහින්ද අබේසුන්දර මහතා අරලියගහ මැදුරට කැඳවූ ජනාධිපති තුමා ඔහුට දැඩි ලෙස අවවාද කල බව වාර්තා වේ. "

    " මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධෛර්යය බිඳ දැමීම නොව කල යුත්තේ ඔවුන් පසුපස එකාමෙන් පෙළගැසී ඔවුනට ශක්තියක් වීම බව ද ප්‍රකාශ කල එතුමා මහේල, තිලාන් යන ක්‍රීඩකයන්හට ඒ අවස්ථාවේම දුරකථනයෙන් කථා කොට ඔවුන් පිළිබඳ තමන්ගේ සහ රජයේ පූර්ණ විශ්වාසය නොබිඳී ඇති බවද පවසා සිටියේය.මෙහිදී ජනාධිපති තුමාට තම ස්තූතිය පුද කල මහේල, අපගේ කණ්ඩායම මෙවර කෙසේ හෝ ලෝක කුසලානය ජයගන්නා බවටද ඒ සමඟම ඒ ජයග්‍රහණයට දැඩි ශක්තියක් වනුයේ නිසැකවම ජනාධිපති තුමාගේ දිරිගැන්වීම බවද වැඩිදුරටත් පැවසීය. "

    " ජනාධිපති තුමා ගත් මේ එඩිතර පියවර පිළිබඳව එතුමාට ජාතියේ ගෞරව පූර්වක ස්තූතිය පළකිරීමේ දැවැන්ත පෙළපාලියක් තමන් සංවිධානය කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ අතර පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. "

    මේ වගෙ පොඩි නොවැදගත් නිව්ස් කෑල්ලකුත් ඔය අස්සෙ කාගෙවත්ම අවධානයට යොමු නොවී එහෙම්මම මැකිලා යන්නත් බොහෝ විට ඉඩ තියෙනවා,

    " ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ලීටරයකට රුපියල් 20 කින් ඉහල දැමූ බව වාර්තා වේ. "

    ReplyDelete
  10. mewa nwul sustra wada.....aga mula danne sahabagi uana abe+pirisa pamanai

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා