විරෝධතාකරුවන්ට පාඩමක් උගන්වන්න තෙල් නළ පුපුරුවා හරින්නට සැරසෙන ලිබියාවේ අපේ ගඩාෆි

(2011 පෙබරවාරි 22, W3Lanka) කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කල්හි ය. එසේ ම, රාජ්‍ය පාලක ධුරයට මුවා වී සිටින ත්‍රස්තවාදීන්ගේ නියම හැඩරුව පෙනෙන්නේ ද අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුව ය. 


ලිබියාවේ තෙල් සැපයුම් පද්ධතිය පුපුරුවා හැරීමට එරට නායක කර්නල් මුවමර් අල් ගඩාෆි ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවට ලොව සුපතල ටයිම් සගරාව වාර්තා කරන බව අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පවුලේ හිරු එෆ්.එම්. රේඩියෝවේ පුවත් මගින් වාර්තා කරන ලදී. රේඩියෝව වැඩි දුරටත් මෙසේ ද පැවසී ය. 


"ලිබියාවේ ටි‍්‍රපොලි සහ බෙංගාසි යන නගර කේන්ද්‍ර කර ගනිමින් දියත් වන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට එරෙහිවයි ලිබියානු නායකයා මෙය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන්නේ. මධ්‍යධරණී කලාපය වෙත තෙල් සපයන නළ පද්ධතිය මුලින්ම විනාශයට පත් කළ යුතු බවට ඔහු උපදෙස් ලබාදී තිබෙනවා. මෙලෙස තෙල් සැපයුම් පද්ධතිය විනාශයට පත් කිරීම තමන්ට එරෙහිව විරෝධතා දක්වන කැරලි කණ්ඩායම් වෙත පිළිතුරක් වනු ඇති බවයි ලිබියානු නායක මුවර්මල් අල් ගඩාෆි ප‍්‍රකාශ කර ඇත්තේ. ලිබියානු නායකයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුගේ සමීපත ම නිලධාරියෙකු විසින් ටයිම් සගරාවට හෙළි කර තිබෙනවා."‍‍


ලිබියානු ඒකාධිපති මුවම්මර් ගඩාෆි ලංකාවේ පාලකයන්ගේ හිතවතෙකි. ‍මේ සමග පළ වන ඡායාරූප ඒ සඳහා දෙස් දෙයි. 





මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Gadaffi is right, and is dead right. Western forces are fueling this uprising in order to take over the oil resources of Libiya. about one and half decades earlier Gadaffi threatened that he'll burn all the oil in Libiya if US to tighten the bans on Libiya, which worked perfectly. If Libiya has no oil, then the demonstrators will lose their financial / media back up from US and allies. Gadaffi is playing this well.

    And after throwing out Gadaffi, we'll see an Islamic republic of Libiya funding another group like Al-Queda

    ReplyDelete
  2. තමන්ගෙ රටේ මිනිස්සු මරන්න බලය රැකගන්න ඵ්ක මහ නින්දිත වැඩක් නේ ඵ්වගෙ පාලකයෙක් ඵළවන්න මිනිස්සු විරෝධතා දැක්වීම පුදුමයට කරැණක් නොවෙයි

    ReplyDelete
  3. Kattiya bayawela inne, ana man kiyyanne apooooooooo

    ReplyDelete
  4. මැද පෙරදිග පමණක් නොව ලෝකයේ සියලුම නිදහස් රාජ්‍යයන්
    මෙසේ පෙරලා දැමීමේ කුමන්ත්‍රණය මෙහෙයවන ඇමරිකානු
    බලවේග හා ඊට උල්පන්දම් සපයන ඊනියා ජයත්තන්තර මාධ්‍ය
    ජාල කරන උප්පරවැට්ටි ගැනත් හුදී ජනයා අවබෝධයෙන් සිටියොත්
    හොඳයි....!

    ඇමරිකන් ජනපති බුෂ්ට හොඳම තර්ජනයක් වී සිටි ඉරාක නායක සදාම් හුසේන් ට කළ දේම, එකම අනෙක් තර්ජනය වූ ගඩාෆි ටත් කිරීමට දැන් කටයුතු යොදා ඇත.

    ReplyDelete
  5. @Ananda
    ගඩාපි නම් කියන්නේ බින් ලාඩන් කුම්න්ත්‍රනයක් කියලා
    එතකොට දැන් ඇමරිකාවයි බින් ලාඩනුයි එකම පැත්තේද
    සමහරවිට වෙන්නත් ඇති, ඔබාමට හිතුනද දන්නේ නෑ රාජපස්ස ගොය්යාව ආදර්ශෙට ගන්න

    ReplyDelete
  6. @ ananda
    ගඩාපි නම් කියන්නේ බින් ලාඩන් කුම්න්ත්‍රනයක් කියලා
    එතකොට දැන් ඇමරිකාවයි බින් ලාඩනුයි එකම පැත්තේද
    සමහරවිට වෙන්නත් ඇති, ඔබාමට හිතුනද දන්නේ නෑ රාජපස්ස ගොය්යාව ආදර්ශෙට ගන්න

    ReplyDelete
  7.  රාජය්‍ය නායකයන්ව රාඡය්‍ය නයකයෙක් පිළිගන්නැතිව මුගෙ අම්මද දන්නෑ යන්නෙ ඒත් ගඞාබි කැමති කන්‍යාවීයන්ට

    ReplyDelete
  8. තෙල් සම්පතින් අනූන ලිබියාව අතිශයෙන් සංවර්ධිත රාජ්‍යයකි නමුත් එහි සාධාරණ ආර්ථික ප්‍රතිළාභ බෙදීයාමක් නැත. බහුතරයක් ජනතාව අන්ත දළින්දෝ වෙති. ඒකාධිපති ගඩාෆි පවුල සහ ඔවුන්ගේ හෙංචයියන් සුළුතරයක් අන්ත සුඛෝපබෝගී දිවි ගෙවති.

    මෙම ක්‍රමයට විරුද්ධ වන්නන් හට බටහිර ගැති හෝ ත්‍රස්ථවාදී යන ලේබල් අලවා එක්කෝ සිර කරති නැතිනම් අතුරුදහන් කරති.

    මෙම ලේබල් ඇලවීමේ කලාව මෙම මොඩලයේ බොහෝ දේශපාලකයෝ මනාව ප්‍රගුණ කර ඇති අන්දම අපි බොහෝ විට දැක ඇත්තෙමු. නමුත් මෙය බහුතර ජනතාවට තේරුම් යන්නේ බොහෝ සෙමිනි. මෙහි ඉහත ඇති සමහර කමෙන්ට් දකින විට ඒ බව මනාව අවබෝධ වේ.

    නමුත් ජනතාව මේ බොරුව, මුලාව, රැවටීම තේරුම් ගන්නා දවසක් එනු ඇත අද ටියුනීසියව, ග්‍රීසිය හරහා ලිබියාව ප්‍රමුක මැද පෙරදිග කලාපයේ මතු වෙමින් පවතින්නේ එම සැබෑ ජනතා හඬයි.

    ReplyDelete
  9. Hmm.. this discussion is going out of point....

    Its true that Gaddaf is anti-Western and the protest against him may be directed by the West. But remember, Gaddafi developed a good rapport with some European countries, especially the U.K. during the last decade.

    Okay.... So, Gaddafi is the only 'anti-Western' leader facing the protests. So, what about pro-Western Ben Ali & Mubarak. What about Ali Abdulla Saleh? What about the kings, emirs and Sultans in Morocco, Bahrain, Oman etc.? Who is directing the protests against them? If the West is doing that, they should be "nuts" because they are their best allies....

    And, one thing about the reference to the magazine 'Time'. Well, even though it is a famous magazine, remember that its a right wing mag. So, you have to expect such stuff from such a magazine.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා