පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය

(2011 පෙබරවාරි 18, W3Lankaලංකාවේ පාර්ලිමේන්තුව විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිණිස පනත් ගණනාවක් සම්මත කර තිබේ. එහෙත්, අලුත් ම තත්වය වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුව දක්වා ම විහිදීමයි. වඩා නිවැරදිව කියනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලිංගික ප්‍රචණ්ඩත්වයේ බලපෑමට ලක් වීමයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සිය සැමියාගේ ප්‍රහාරයකට ලක් ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී. සිද්ධියට හේතුව ලෙස වාර්තා වන්නේ ආදරවන්තයින්ගේ දිනයේ ඇය ජැයික් හිල්ටන් හෝටලයේදී තවත් නළුවකු සමග නැටුමක යෙදීම නිසා ඇගේ නීත්‍යනුකූල සැමියා ඇය කෙරෙහි ඇති කර ගත් ලිංගික ඊර්ෂ්‍යාවකි. පහර දීම් හේතුවෙන් මේ වන විට ඇය ශල්‍යකර්මයකට පවා ලක් කර තිබේ. 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වුවත්, ඇය ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර නැත. එහෙත්, පොලිසිය දැන් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස මන්ත්‍රීවරියගේ සැමියා පොලිසියට අවශ්‍යව ඇති මුත් මේ වන විට ඔහු කට්ටටි පනිමින් සිටින බව වාර්තා වේ. 


උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා නම් ටෙලි නාට්‍ය නිළිය දේශපාලන කරළියට පැමිණීයේ 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමිනි. එම ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඇය පෙනී සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. ‍


2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරියටත් වඩා මනාප සංඛ්‍යාවක් ලබා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයෝ උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවට පත් කර එවූ හ. එහෙත්, මාස කීපයක් ඇතුළත ඇය සිය ඡන්ද දායකයන්ට කොකා පෙන්නමින් විධායක ජනාධිපති ධුරයේ බලතල තවත් වැඩි කළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරමින් ආණ්ඩුවට එක් වූවා ය. 


ඇයගේ එම තීරණයට ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හෙවත් සැමියාගෙන් සිදු වූ ශාරීරික අතවර හේතු වූ බව ඒ දිනවල අනියමින් වාර්තා විය. උපේක්ෂා ස්වර්ණමාලිට ඇගේ සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය වී තිබෙන මුත්, එය වළක්වන්නේ ආණ්ඩුවේ ප්‍රබලයකු බව ද වාර්තා වේ. 


ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අත් වී තිබෙන ඉරණම පබාගෙන් සංකේතවත් වේ. 


ඇය පාර්ලිමේන්තුවට බුරුස් ගා ලිස්සා එන්නේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනිය ඇය රඟ පෑ පබා ටෙලි නාට්‍යයෙන් ඇය ඉවත් කිරීම නිසා කෝපයට පත් ජනතාව දුන් සානුකම්පිත ඡන්දවලිනි. ජනතාව තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික නියෝජිතයන් පත් කර ගන්නේ කෙතරම් විසුළු ආකාරයකින් ද යන්නට ඊට වඩා සාක්ෂි අවශ්‍ය නැත. 


ඇය සතුව නැති එක ම දෙය දැනුම බව ඇය මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී කියන අන්දම බලන්න. මේ ඇයගේ රුවන් වැකියකි. "I think, the only thing I lack is knowledge." 


දේශපාලනික වශයෙන් අපරිණත උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රිනියගේ තීරණ තීන්දුවලට එතැන් සිට බල පාන්නේ ඡන්දය දුන් ජනතාවගේ අවශ්‍යතාවන් නො ව, ලිංගික සබඳතා, ලිංගික ඊර්ෂ්‍යාව, මුදල් ආදී කාරණා ය. 


අපි සියල්ලෝ ම එක් වී ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරන්නෙමු. 

Comments

  1. දේශපාලන වශයෙන් පරිණත අය උපේක්ෂාට වඩා වෙනස්ද? උපේක්ෂාව සුවිශේෂ කරන්න ඕන සාමාන්‍ය තත්ත්වය වෙනස් එකක් නම් විතරයි. සාමාන්‍ය තුළම තියෙන එකක් විශේෂ වෙන්නෙ කොහොමද? මේ ඊනියා සත්‍යය අනාවරණය කරන්නට දඟලන්නේ කාටද? තමන්ටමද?

    ReplyDelete
  2. ලිපියටනම් අදාල නෑ සහෝ, ඒත් පහල තියෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් බලන්නකො, comment එකකුත් දාලම එන්න.
    ඒකෙ මෙන මේ "වීනූ වෙත්තමුණි සහ වල් සුද්දියෝ" ලිපිය කියවන්න.

    http://paspanguva.wordpress.com

    ReplyDelete
  3. http://paspanguva.wordpress.com ලින්ක් ඵකේ තියන තැනට ගිහින් බැලුව අපොයි වටින වෙබ් අවකාශය තුල දීපු ඉඞ පුරාවටම පභරල comment දාන්න තියා නහයක් ඇරගන ඉන්න බෑ ගන්දස්කාරෙ, බල්ලෙකුට වැඩෙ කරන්න තැනක් නොතැනක් තියනවයැ,මනුස්සයෙක් ගිය සලකුනක් වත් නැහැ මාත් ගාගන්නෙ නැතිව ආව අමාරුවෙන් ,පරිස්සමින්

    ReplyDelete
  4. veenu weththamuni naraka kenek da mama eya inna film deka thunak balala thiyanawa eya xx ewa e film wala eya hondata act karanawane

    ReplyDelete
  5. පුංචි තිරයේ සල්ලාලයාගේ (සාරංග දිසාසේකරගේ) තවත් වැඩක්???

    ReplyDelete
  6. මේ කතාව කියවන ශතවර්ෂ තුනක රටින් පිට සිටින මහළු මට සිහිවන්නේ අගමැති ඝාතනයට පසු අපේ මිනිසුන් ඡන්දය දුන් ආකාරයයි. SWRD බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එදා මහජනයාට තිත්ත වී තිබුණි.

    සිරිමා නම් වූ එතුමාගේ බිරිඳ කුළමානයෙන් පිරුනු රදළ ගැහැණියක් වග දේශපාලනයේ නියුතු කව්රුත් දැන සිටි දෙයකි. නමුත් ගෙහි පිටුපස කල් ගෙවූ, වැඩි ප්‍රසිද්ධියක් නොලැබූ ඇගෙන් දේශපාලනයට හානියක් නැති වග කාගෙත් අදහස විය. ක්‍රිස්තියානි ආගම පෙරකල ඇදහූ, එංගලන්තයේ පරිසරය ලංකාවේ පරිසරයට වඩා හුරු වූ අගමැතිතුමා එවැනි දේ ගැන සූක්‍ෂ්මව ක්‍රියා කළා. ඒ වගේම බටහිර සිරිත අනුව ගෙදර ගැහැණියට ලැබුනේ කුස්සියේ තැනයි.

    (යට ගිය සිංහල සිරිත අනුව ගැහැනු පිරිමි අතර උස් පහත් භේදයක් නොතිබුනි. මගේ අම්මාවත් ඇයගේ සහෝදරියන්වත් කිසි දා තම සැමියාගේ නම අරගෙන තම ආත්ම ගෞරවය පහල හැරියේ නෑ. පහත දෙන සලරූ දෙකේ පසුතලයේ කතාවන්වල් හොඳින් සවන්න)
    http://www.youtube.com/watch?v=vIlI5fhZsxQ
    http://www.youtube.com/watch?v=Ptn8Jt5u4g8

    මෙම පිටුවේ මාතෘකා කතාව කී දේ හා සමාන දෙයක් ඊළඟ ඡන්දයේදී සිදුවිය. සිරිමා මැතිණිය පක්‍ෂයේ නායිකාව කළා. ඒ කාලේ රූපවාහිනී තිබුනේ නෑ. කොළඹ දේශපලකයන් දැක්කේ පත්තරයේ පිංතූර වලිනුයි. ඉතින් මැතිණියට ජනයා අමතන්න සිදු වුනා. ඇගේ කටහඬ රේඩියෝවෙන් අසා සිටි අය කීවේ, “අනේ පව්, අඬලා, අඬලා උගුරත් බැරැන්ඩි වෙලා!” කියායි. ඇයට අගමති ධූරයට පැමිණීමට සැමියාගේ ඝාතනය මුල් හේතුව වුනි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා